ජාලකරණයේ ක්‍රම - පුළුල් ප්‍රදේශ ජාලය (WAN)

විකිපීඩියා වෙතින්

පුළුල් ප්‍රදේශ ජාලය යනු සම්පත් විශාල ප්‍රමාණයක් රටක විශාල ප්‍රදේශයක් පුරා හෝ ජාත්‍යන්තරව සේවයේ යොදවා ඇති ජාලයකි. විවිධ රටවල ඇති ඔවුන්ගේ කාර්යාල සම්බන්ධ කිරීමට WAN යොදා ගන්නා බහු ජාතික ව්‍යාපාර මේ සදහා නිදසුනකි. WAN සදහා විශාලතම හා හොදම උදාහරණ වන්නේ අන්තර් ජාලයයි. එය කුඩා ජාල විශාල සංඛ්‍යාවකින් සැදුම් ලත් ජාලයකි. අන්තර් ජාලය ලෝකයේ විශාලම ජාලය ලෙස සැලකේ. PSTN (පොදු හුවමාරු දුරකථන ජාලය) ද අන්තර්ජාල තාක්ෂණයට එකතු වෙමින් පවතින අතිශය විශාල ජාලයකි. නමුත් එය සිදුවන්නේ පොදු අන්තර් ජාලය තුළින් නොවේ.

පුළුල් ප්‍රදේශ ජාලයකට විවිධ තාක්ෂණ භාවිතයෙන් පුළුල් පරාසයක් භාවිතයෙන් සිදුකරන සන්නිවේදනය ඇතුළත් වේ. මෙම තාක්ෂණ වලට පොයින් - ටු - පොයින්ට් ප්‍රෝටෝකෝල (PPP) හා උසස් තත්ත්වයේ දත්ත සබැඳි පාලක (HDLC) වැනි පොයින්-ටු-පොයින්ට් WAN, ෆේට් රිලේ, ATM (අසමකාලික ජාල) ආදිය ඇතුලත් වේ. WAN තාක්ෂණය අතර වෙනස පදනම් වන්නේ ඔවුන් සිදුකරන හුවමාරු හැකියා හා තොරතුරු (Data) බිටු (bits) යැවීමේ හා ලැබීමේ වේගය මතයි.

WAN පිලිබඳ වැඩි විස්තර සදහා ෆ්‍රේම් රිලේ, ATM හා සොනට් බලන්න.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Computer_networking#Wide_area_network_.28WAN.29