ජාතික සම්මේලන මධ්‍යස්ථානය

විකිපීඩියා වෙතින්
ජාතික සම්මේලන මධ්‍යස්ථානය
The National Conference Center
ගුවනින් ගත් ඡායාරූපයක්
සාමාන්‍ය තොරතුරු
පිහිටීමලීස්බර්ග්,වර්ජිනියා
රටඇමරිකා එක්සත් ජනපදය
ඉදිකිරීම් ආරම්භ වූයේ1973
සමාප්තිය1974
පිරිවැයඩොලර් මිලියන 55

ජාතික සම්මේලන මධ්‍යස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ, ලීස්බර්ග් නගරයෙහි පිහිටා ඇත. එය මසකට 14,000කටත් වැඩි දෙනෙකුට පහසුකම් සපයන අතර, වර්ග අඩි 265,000ක සභා පරිශ්‍රයකින් සමන්විත වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ විශාලතම සම්මේලන මධ්‍යස්ථාන අතරින් එකක් ලෙස මෙය සැලකෙයි. මෙම මධ්‍යස්ථානය සම්මන්ත්‍රණ ශාලා 250කින්ද, ක්‍රීඩාගාර පහසුකම් හා ආගන්තුක කාමර 917කින් ද සමන්විතයි.

මෙහි මුල් නම "Xerox Conference Center" වූ අතර 1974 දී ඩොලර් මිලියන 55ක වියදමකින් ඉදිකරවන ලදී. එය සැලසුම් කරවන ලද්දේ ආයතනික සේවා නියුක්තිකයන්ගේ, පිටපත් කිරීමේ තාක්ෂණික පුහුණුවීම් සදහාය. "Vincent G. Kling & Partners" නම් ආයතනය විසින් නිර්මාණය කරන ලද මෙය ආරම්භ කරන ලද දින සිට පාලනය කරන ලද්දේ "ARAMARK Harrison Lodging" නම් සමාගම විසිනි. ඔවුන් මෙම ගොඩනැගිල්ල අනෙකුත් සමාගම් වල පරිහරණ සදහාද ලබා දුනි. මෙම මධ්‍යස්ථානය 2000 වසරේදී "Oxford Capital Partners" ආයතනය විසින් මිලට ගන්න ලදී. දෙවසරක් අවසානයේ මෙය ඩොලර් මිලියන 29ක් වැය කරමින් අලුත්වැඩියා කරන ලද්දේ පුහුණුවීම් ක්‍රියාදාමයන් වැඩිදියුණු කිරීමේ අරමුණෙනි. නව නිර්මාණය "දිවිපෙවෙත ඉගෙනීමේ ආකෘති ", වර්ණ සංකේතිත ගොඩනැගිලි, උමං මාර්ග, බෝල්රූම් උත්සව ශාලාවක් හා පදික වේදිකා වලින් සමන්විතය.


ඉතිහාසය[සංස්කරණය]

1974 දී Xerox ආයතනය විසින් "Xerox Document University" යන නාමය යටතේ ආරම්භ කරන ලද්දේ පුහුණු ශ්‍රමිකයනට පිටපත් කිරීමේ තාක්ෂණය හා උපකරණ පිළිබදව පුහුණුවක් ලබා දීම උදෙසාය.1994දි Xerox ආයතනය, අනෙකුත් සමාගම් වලටද මෙහි පහසුකම් පරිශීලනයට ඉඩ දුන් අතර 2000 වසරේදී "Oxford Capital Partners" ආයතනයට මෙහි අයිතිය පැවරුවේය. 1974 ආරම්භ කරන ලද දිනයේ සිට එහි පාලන කටයුතු ගෙන ගියේ "ARAMARK Harrison Lodging" නම් කළමනාකරණ ආයතන විසිනි.

පිළිසකර කිරීම[සංස්කරණය]

ඩොලර් මිලියන 29ක පිළිසකර කිරීමකින් පසු 2002දි එය නැවත විවෘත කලේ, පුළුල් පරාසයක් දක්වා විහිදුනු ඒකාබද්ධ පුහුණු අවශ්‍යතාවයන් සදහාය. මධ්‍යස්ථාන වර්ණ සංකේතිත ගොඩනැගිලි වලින් (නිල්, දම්, රතු, තැඹිලි හා කහ) සමන්විත වුවේ "දිවිපෙවෙත ඉගෙනීමේ ආකෘති " සංකල්පයට අනුවය. උමං මාර්ග පද්ධතියක් ප්‍රධාන ගොඩනැගිල්ලට සම්බන්ද වූ අතර 2007දි ඉදිකළ "වෙස්ට් බෙල්මන්ට්" බෝල්රූම් උත්සව ශාලාවටද බද්ධ විය.

පහසුකම්[සංස්කරණය]

මධ්‍යස්ථානයේ ඇතුලත පියමගහි ඡායාරූපයක්

මෙම මධ්‍යස්ථානය වර්ජිනියා ප්‍රාන්තයේ, ලීස්බර්ග් නගරයෙහි අක්කර 2265ක භූමි භාගයක පැතිරී ඇත. නමුත් වර්තමානයේදී පසු විකිණුම් හා කොටස් කිරීම් වල ප්‍රතිපලයක් ලෙස අක්කර 110කට සීමා වී ඇත. වර්ග අඩි 265,000ක මුළු භූමි ප්‍රමාණයෙන්, බෝල්රූම් උත්සව ශාලාව සදහා වර්ග අඩි 16,500 ප්‍රමාණයක්ද, වර්ග අඩි 16,500 ප්‍රමාණයක් සම්මන්ත්‍රණ ශාලා හා ක්‍රීඩාගාර සදහාද, ඉතිරි වර්ග අඩි 16,500කට ආසන්න භුමි භාගය ආගන්තුක කාමර 917 හා පොදු කටයුතු සදහාද වෙන් කර ඇත. මේ පහසුකම් ඇති කරන ලද්දේ මුලින් තිබූ නාන කාමර වලින් සමන්විත වූ නිදන ශාලා වෙනස් කිරීම මගිනි. නමුත් මෙම මධ්‍යස්ථානය Xerox ආයතනය මගින් මුල් යුගයේ නිර්මාණය කරන ලද ව්‍යාකූල සැලැස්ම, තවමත් එලෙසෙම තබා තිබෙන්නේ කණ්ඩායම් ඉදිකිරිම් සදහා අනුබල දීම සදහාය. විශිෂ්ට "බ්රුටලිස්ට්" ගෘහනිර්මාණ ශිල්පය

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]