ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය්‍ය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය සදහ වෘත්තීය පුහුණුව ලබා ඇති සහ බලයලත් ජාතික සංචාරක මාර්ගෝපදේශකයා ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ මහගු සේවයක් සිදු කරයි. ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශකයින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් පුහුණු කර සහතික කරනු ලැබේ. ශ්‍රී ලංකාව පුරා සංචාරය කිරීම සඳහා පුහුණුව ලබා ඇති ඔවුන් ජාතික සංචාරක මාර්ගෝපදේශකයින් ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) යනු ජාතික සංචාරක මාර්ගෝපදේශ බලපත්‍රය නිකුත් කිරීමට බලය ඇති එකම අධිකාරියයි.(මීට අමතරව පලාත් සභා දෙපාර්තමේන්තු මගින්ද සංචාරක කර්මාන්තය සඳහා මගපෙන්වන් පහසුකම් සලසන්නන් පුහුණු කිරීමේ සහ බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනු ලැබේ).මාස 8ක පමණ කාලයක් භූගෝල විද්‍යාව, ඉතිහාසය, පුරාවිද්‍යාව, සංස්කෘතිය, සොබාදහම සහ වනජීවී සහ බුද්ධාගම වැනි විවිධ විශයන් පිළිබඳ පූර්ණ කාලීන පුහුණු පාඨමාලාවක් හැදෑරීමෙන් අනතුරුව සාර්ථකව සහභාගිවන්නන් සදහ පවත්වනු ලබන පරික්ෂණයකින් සමත්වන්නන් සදහා බලපත්‍රයක් ප්‍රදානය කෙරේ. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ට අවශ්‍ය තොරතුරු විශේෂයෙන් සංස්කෘතික, ළුෙතිහාසික හා සමකාලීන උරුම පිළිබද අර්ථ නිරූපණයන් සැපයීම සඳහා සහතික ලත් ශ්‍රී ලංකා නිවාඩු මාර්ගෝපදේශ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් හොඳින් පුහුණු කරනු ලැබේ.