ජාතික පර්යේෂණ සභාව (ශ්‍රී ලංකා)

විකිපීඩියා වෙතින්
(ජාතික පර්යේෂණ සභාව වෙතින් යළි-යොමු කරන ලදි)
ජාතික පර්යේෂණ සභාව
සංස්ථාපනය1999
පිහිටුම
සභාපති
මහාචාර්ය ජනක ද සිල්වා
විධායක ලේකම්
මනිෂා සී. රාජපක්ෂ
අයවැය (2015)
රු. මිලියන 349
වෙබ් අඩවියනිල වෙබ්අඩවිය

ජාතික පර්යේෂණ සභාව යනු, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ නවීන විද්‍යාත්මක පර්යේෂණ සඳහා මූල්‍ය සහ වෙනත් පහසුකම් සැපයීම සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයකි.

අතීතය[සංස්කරණය]

ස්ථාපනය[සංස්කරණය]

ක්‍රි.ව. 2007 දී ජනාධිපති නියෝගයක් මගින් ස්ථාපනය කෙරී ඇත.


කාර්යයන් හා අරමුණු[සංස්කරණය]

ජනාධිපති විධානයේ දක්වා ඇති අරමුණු හා කාර්යයන් පහත දැක්වේ.[1]

  • ඉහළ මට්ටමේ ඵලදායීතාවයන්ගෙන් යුක්ත විද්වතුන්ට අමතරව පෞද්ගලික අංශයේ හා කර්මාන්ත අංශයේ නියෝජිතයන්ගේ සහභාගීත්වය ජාතික පර්යේෂණ සභාව වෙත ලබා ගැනීම;
  • උසස් පර්යේෂණ උපාධි සඳහා ලියාපදිංචිව සිටින පර්යේෂණ සිසුන්ගේ අවශ්‍යතා සැපයීමෙන් සියළුම විද්‍යාත්මක දැනුම් ක්ෂේත්‍රයන්හී මූලික හා ව්‍යවහාරික පර්යේෂණ ප්‍රවර්ධනය හා මානව සම්පත් සංවර්ධනයට පහසුකම් ඇති කිරීම;
  • රාජ්‍ය අංශයේ සෑම විද්‍යාත්මක පර්යේෂණ ආයතනයකටම පර්යේෂකයින්ගේ පර්යේෂණ ප්‍රයත්නය සැලසුම් කිරීම හා සම්බන්ධීකරණය කිරීම;
  • රාජ්‍ය අංශයේ විද්‍යාත්මක පර්යේෂණ හා සංවර්ධන ආයතනයන්හී තනි තනි පර්යේෂණ කටයුතුවලට පහසුකම් සැපයීම සහ කාර්ය සාධනය ඇගැයීමට ලක් කර එකී පර්යේෂණවලට අවශ්‍ය මුදල් යෙදවීමට කලින් කලට ජනාධිපති කාර්යාලය මඟින් මහා භාණ්ඩාගාරයට නිර්දේශ කිරීම;
  • රාජ්‍ය අංශයේ විද්‍යාත්මක පර්යේෂණ හා සංවර්ධන ආයතන හා විශ්වවිද්‍යාලවල පර්යේෂකයින් අතර උපාධි ප්‍රදානය අරමුණු කොට ක්‍රියාත්මක කෙරෙන සහයෝගීතා පර්යේෂණ වැඩසටහන් ප්‍රවර්ධනය, ඒවාට අවශ්‍ය මුදල් යෙදවීම හා ඒවාට පහසුකම් සැලසීම;
  • කර්මාන්ත, විශ්වවිද්‍යාල සහ රාජ්‍ය අංශයේ විද්‍යාත්මක පර්යේෂණ සහ සංවර්ධන ආයතන අතර පැවැත්වෙන සහයෝගීතා වැඩසටහන් ප්‍රවර්ධනය හා ඒ සඳහා පහසුකම් සැලසීම;
  • සාර්ථක පර්යේෂණ හා නවීකරණයන් සඳහා ජාතික මට්ටමේ පිළිගැනීම හා ප්‍රදානයන් සිදුකෙරෙන ක්‍රම ඇති කිරීම;
  • ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන අවශ්‍යතාවන්ට ඵලදායී ප්‍රතිචාරයක් දක්වන විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ සංස්කෘතියක් හා ප්‍රජාවක් පෝෂණය කිරීම හා පවත්වාගෙන යාම;

පාලනය[සංස්කරණය]

සභාපති හා කවුන්සිලය විසින් එහි කාර්යයන් පාලනය කෙරේ. 2013 සැප්තැම්බර් මස දී නව කවුන්සිලයක් පත්කරනු ලැබූ අතර සභාපති තනතුර සඳහා මහාචාර්ය ජානක ද සිල්වා පත්කරනු ලැබිණි. ජාතික පර්යේෂණ සභාව ආරම්භයේ සිටම එහි කවුන්සිලයේ සාමාජිකයකු ලෙස ඹහු ක්‍රියා කළේය.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

  1. ජනාධිපති විධානය[permanent dead link], රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රය.