නිදහස් දිනය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්
(ජාතික දිනය - ශ්‍රී ලංකා වෙතින් යළි-යොමු කරන ලදි)
Sri lanka flag
ශ්‍රී ලංකා ජාතික ධජය

වර්ෂ 1948 ක් වූ පෙබරවාරි 04 වන දින නිදහස ලැබුනි. ශ්‍රී ලංකාවට නිදහස ලැබුනේ එකසිය තිස් තුන් වසරක් (1815-1948) බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් විජිතයක්ව පැවතීමෙන් පසුවයි. 1948 පෙබරවාරි 04 වෙනිදා පෙ.ව.07:30 ට එළැඹෙන සුබ මොහොතින් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් සර් මන්ක් මේසන් මුවර්තුමා, සර් ජෝන් හොවාර්ස් අගවිනිසුරු වරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ දිවුරුම් දීම සිදු වූනේ කොළඹ රජ වාසලේදී වන අතර එදින රතිඤඤා හඩින් මුළු රටම ගිගුරුම් දී සැම පන්සලකම ඝන්ටා නාද විය. නිදහස නිමිති කරගෙන පෙබරවාරි 04 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රජයෙන් උත්සව මාලාවක් සංවිධාන කෙරිණ. නිදහස් උත්සවය නිමිති කරගෙන සිරකරුවන් 1,883 දෙනෙකුට නිදහස හිමි වූ අතර මරණිය දණ්ඩනයට නියමව සිටි සිරකරුවන් 09 දෙනෙකුද එදින නිදහස ලැබීය. මෙම 4, 5 දෙදින තුල සත්ව ඝාතන ස්ථාන වසා දැමීය. පෙබරවාරි 4, 10, 11, 12, යන දින රජයේ නිවාඩු දින ලෙස නම් කෙරිණ. වරායේ නැව්, රජයේ ගොඩනැගිලි, ආගමික ස්ථාන, නිවෙස් ආදී ස්ථාන සියල්ලකම සිංහ කොඩි ලෙල දුන් අතර, කොළඹ පැවති නිදහස් උත්සවය නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක විය. එදින නිදහස් උත්සව මාලාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ග්ලොස්ටර්හි ආදිපාදවරයාය. ඔහු 06 වෙනි ජෝර්ජ් රජුගේ බාල සොහොයුරෙකු විය. එතුමා කලක් බ්‍රිතාන්‍යට අයත් රට වල ළමා සංගම් පිළිබද ජාතික සංගමයේ සභාපති වරයා ලෙසද කටයුතු කලේය.1945 සිට 1947 දක්වා ඕස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාර ධූරයද හෙබවූ එතුමා අල්ටර් හි අර්ල් පදවියද දරා තිබේ. බ්‍රිතානයන්ට යටත් වීමෙන් පසුව බ්‍රිතානයට ගෙන යන ලද රාජසිංහ රජුගේ සිංහාසනය, ඔටුන්න ඇතුළු කෞතුක භාන්ඩ 1934 දී නැවත ශ්‍රී ලංකාවට බාරදෙනු ලැබුවේද ග්ලොස්ටර්හි ආදිපාදවරයාගේ මැදිහත් වීමෙනුයි.