ජාති

විකිපීඩියා වෙතින්

ජාති යනු සංසාරයේ නැවත උපත ලැබීමයි.

උපත ලැබීමේ ක්‍රම


උපත විවිධ ක්‍රම වලට අනුව සිදුවිය හැකිය . බුදුදහමට අනුව උපත ලැබිය හැකි ආකාර 4 කි.


  • බිත්තරයෙන් උපත ලැබීම. (අණ්ඩජ) - කුරුල්ලන්, මාළුන් හා උරගයන්.


  • මව්කුසකින් උපත ලැබීම. (ජලාබුජ) - ක්ෂීරපායීන්.


  • තෙතමනයෙන් උපත ලැබීම. (සංසේදජ) - ඇසට නොපෙනන කුඩා බිත්තර සහිත සතුන් ඇතිවීම.


  • ඕපපාතික - කිසියම් ක්‍රමයකින් තොරව ඉබේ පහළ වීම. (දෙවිවරුන් බොහෝමයක් මේ ඝනයට අයත්වේ.)


දුක් විඳීමේ චක්‍රය

පටිච්ච සමුප්පාදයේ එකොළොස්වන අංගය ජාති වේ. එය භවය නිසා හටගන්නා අතර එමඟින් ජරා, මරණ ඇති වේ. එනම් උපත ලැබූ සෑම කෙනෙක්ම මහළු වියට පැමිණ අවසානයේ මරණයට පත්වේ.


සටහන්[සංස්කරණය]

Buddhism
"https://si.wikipedia.org/w/index.php?title=ජාති&oldid=472303" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි