ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා
ළමා කාලය සහ පුජාප්‍රසාදී ධුරය
[සංස්කරණය]අති ගෞරවණීය ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාණෝ 1676 ජුනි මස 08 වන දින ගෝව ප‍්‍රාන්තයේ ගෝවේ චෝරාඹ් දුපතේ චෝරාඹ් ග්‍රාමයේ දී (තම මවගේ නිවසේදී ) උපත ලැබුවේය. තෝමස් ගොන්සාල්වෙස් සහ මරියානා ද ආබෲ යන දෙමහල්ලන්ගේ ජේ්‍ෂ්ඨ පුත‍්‍රයා මෙතුමාය. උපත ලද දිනදීම එනම් ක්‍රි.ව.1676 ජුනි මස 08 වන දින , ගෝවේ දිවාරි දුපතේ චෝරාඹ් ග්‍රාමයේ වරප්‍රසාදයේ අප ස්වාමිදුගේ දේවස්ථානයේ දී මෙතුමන් බෞතිස්ම ස්නාපනය ලබන ලදී. එතුමන් හැදී වැඩුණේ දිවාරි දුපතේ පිහිටි පියාගේ නිවස පිහිටි දිවාරි දුපතේය.
හාත්පසින්ම කතෝලික නිවසකට අනැතිවන්නා වූ ධර්මය නමැති සෙවනෙහි මෙතුමාණෝ ඇති දැඩි වූහ. මෙතුමන්ගේ පරම්පරාව දිවාරියෙහි කොංකානි බ‍්‍රහ්මකයෝ වූ අතර ඔවුන් පරම්පරාගත කතෝලිකයෝ වූහ. ලාබාල වයසේ දීම ගොන්සාල්වෙස් ළදරුවා තම අසාමාන්‍ය ඥාන ශක්තිය විදහා පාන්නට විය. සිය දෙගුරුන්ගෙන් සංගීතය පිළිබඳ ඇති පරම්පරාගත හැකියාව එතුමන්ට උරුම විය. උස් වූ හීන් වූ සුන්දර වූ මේ බාලයා තම වංශයට හිමි වූ දේහ ලක්ෂණ දැරුවේ ය. සිය ප්‍රාථමික අධ්‍යාපනය දිවාරි දුපතේ ප්‍රාථමික විද්‍යාලයෙන් ආරම්භ කරන ලදී. එයින් මූලික අධ්‍යාපනය ලද මෙතුමා එම පාසලේ විසු අති දක්ෂ සිසුවා වුවේය. එතුමන්ට සංගීතය ගැන කොතරම් තීක්ෂණ හැකියාවක් තිබුණේ ද කිවහොත් බාල වයසේ දීම වීනාව, ඕගනය හා අනිකුත් තූර්ය භාණ්ඩයන් වැයීමේ නිපුණතාවයක් අත්කර ගැනීමට හැකි විය. මෙම දක්ෂකම නිසාම එවකට දිවාරි මීසම් සේවක පූජාප‍්‍රසාදීතුමාට සහකාරව සිටිය උගත් සුප‍්‍රකට අති ගරු. පෙඩ්රෝ ෆෙරාඕ නැමැති පූජාප‍්‍රසාදීතුමාට උසස් අධ්‍යාපනයට එතුමන් භාර කළහ. ඒ හේතුවෙන් ගරු පියතුමන් විවිධ භාෂාවනට අති දක්ෂයෙක් වූහ. විසි හැවිරිදි වයසේ දී එතුමන් බී. ඒ. නැමැති විද්‍යාධර නාමය අත්කරගත් ඉක්බිති ගෝව ශු. තෝමස් ඇක්වීනස් විද්‍යාලයෙහි සතර අවුරුද්දක් දේව ශාස්ත‍්‍රය ඉගෙන ගත්තේ ය. පසුව තුරුණු වියේදී තම සිතුම් පැතුමන් සමිදුන් කෙරේ පුදකරමින් පුජාප්‍රසාදීතුමකු වීමේ පරම ආශාවෙන් දෙව්සත්හලට පිවිසි බව සදහන් වේ. මේ සදහා සිය දෙමාපියන් වැඩි කැමැත්තක් නොදැක්වූ බව සදහන් වේ. පුජාප්‍රසාදීතුමකු වීමේ පුහුණුව තුළ සිය උසස් අධ්‍යාපනය ශු. පාවුළු විද්‍යාතනයෙන් සහ ගෝවේ ශු. තෝමස් ඇක්වයිනාස් විශ්ව විද්‍යාලයෙන් හැදෑරීමෙන් පසුව ක්‍රි.ව. 1700 අප්‍රියෙල් මාසයේදී ගෝවාපුර අගරදගුරු අති උතුම් ඔගස්ටින්හෝ ද අනුෂියාකෝ හිමිපාණන් අතින් ගෝවේ ශු. කැතරිනා ආසන දෙවිමනේදී පුජකවරය වරම් ලැබිය.
කනරාවෙහි ශ්‍රේෂ්ඨ තනතුරක් අත්කර ගත්තා වූ ශු. ජුසේ වාස් මුනිතුමා ශු. පිලිප්නේරි තුමාගේ නාමයෙන් ස්ථාපිත කළ ගෝවේ ඔරතෝරියාන නිකායෙහි සාමාජිකත්වය තුළ 1700 නොවැම්බර් 15 වන දින ගොන්සාල්වෙස් පියතුමා පූජකවරය ලැබූහ. වැඩිහිටි ධ්‍යාන පංතියෙහි නියෝගයෙන් නියමිත සිකුරාදා සෙනසුරාදා හැර සඳුදා බදාදා දිනවලත් උපවාස ශීලය රක්ෂා කළහ. ශ්‍රේ්ෂ්ඨයන්ගේ අණට හා දේව කැමැත්තට අවනත වෙමින් කීකරුකම එතුමන් තුළින් විද්‍යාමාන විය. එතුමන් බොහෝ පොත් පත් ඇසුරු කළහ. පූජකවරයෙන් වසර හතරකට පසුව 1705 දී ගොන්සාල්වෙස් පියතුමන් සමස්ත ශාස්ත‍්‍ර ශාලාවෙහිම උසස් තානාන්තරයක් එතුමන්ට පිළිගැන්වීය. ධ්‍යාන පන්තියෙහි සාමාජිකයින් අතරින් එවැනි තනතුරක් ලැබීමට එතුමා පළමුවැනියා වූ හෙයින් කුඩා පන්තියට එය ප‍්‍රශංසාවක් පමණකුදු නොව එතුමන්ගේ දක්ෂතාවය එත්තු ගැන්වීමට සාක්ෂියක් ද විය.
ශ්‍රී ලංකාවේ සේවය
[සංස්කරණය]1700 වසරේදී ලංකාවට එක පූජාප‍්‍රසාදි නමක්වත් යැවීමට නොහැකි වූ බැවින් නිකායේ ශ්‍රේ්ෂ්ඨයන්ගේන් ඉල්ලා සිටියේ කොචින්හි රාජගුරුප‍්‍රසාදීන් වහන්සේ පියතුමන් සතර නමක් ලංකාවට යවන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලමින් ජුසේ වාස් පියතුමාගෙන් ලැබුණ හසුනක් ද මෙම තාපස පන්තියට යවන ලදි . එය ආශ්චර්යවත් ශු කුරුසියේ දේවස්ථානයෙහි තාපසයින්ට එම හසුන කියා පෙන්වන ලදි. වාස් පියතුමන් ද ලංකාවේ දී පියතුමන්ලාගේ අවශ්‍යතාවය ප‍්‍රකාශ කර සිටියහ. ඒ අනුව පියතුමන්ලා හතරදෙනෙක් ලංකාද්වීපයට එවීමට කටයුතු කරන ලදි. ඉන් මූලිකත්වය ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමන්ට භාර විය. එහෙත් ගොන්සාල්වෙස් පියතුමන්ගේ ශරීර සෞඛ්‍ය දුර්වලව පැවති හෙයින් මේ සා මහත් දුෂ්කර කාර්යයකට එතුමන් යැවීමට ශ්‍රේ්ෂ්ඨයන්් ලත්වුණාහ. එයට හේතු වී තිබුණේ මෙයට කළින් ලංකාවට පැමිණි ◊ ජෝශප් කර්වැල්ලෝ පියතුමා ගිලන්ව තරුණ වියේදීම ස්වර්ගස්ථ වීමය. ගොන්සාල්වෙස් පියතුමා කයින් දුබල වුවද ශරීරයෙන් කෘශ වූවද සිතින් හා ජ්වලිතකමින් වීරවරයෙකි. ලක්දිවෙහි ඔරතෝරියාන පන්තියෙහි සාමාජිකයින් අතරින් අති දක්ෂ උත්සාහවන්තයා වූහ. තෝරාගත් අනිත් පියවරුන් ජෝශප් ද ජේසු මරියා මනුවෙල් ද මිරැුන්දා සහ මිගෙල් ද වැල්වෝ විය. මෙම පියවරු හතරදෙනා 1705 මැයි මස 09 වන දින ලක්දිවට ඒම සඳහා ගෝවෙන් පිටත් වූහ. මාස තුනහමාරක අති දුෂ්කර මෙන්ම අවදානම් ගමනක අවසානයේ දී 1705 අගෝස්තු තිස් එක් වන දින තලේමන්නාරමට ලඟා වූහ. එම ප‍්‍රදේශය ලන්දේසීන්ට අයත්ව තිබූ අතර ඉතා සීරුවෙන් ඉන් මිදී කතෝලිකයින් සිටින දිසාවට පැමිණුනාහ. පියතුමන් පැමිණී බව කතෝලිකයින් අතර පැතිරුණෙන් උන්වහන්සේලා පිළිගැනීමට සමූහයක් එහි රැස්විය. අනතුරුව ඕලන්ද සීමාවෙන් පිටත පිහිටි වන්නියට ජුසේ වාස් පියතුමන් මුණගැසීමට ගරු පේදුරු ෆෙරන් පියතුමා මෙම පියතුමන්ලාව කැඳවාගෙන ගියහ. එවකට පැමිණි මේ පියතුමන්ලා සමඟ ලක් සසුනේ සිටියේ පියතුමන්ලා අට දෙනෙක් පමණය. 1658 න් පසු පියතුමන්ලා 8 දෙනෙක් දකින්නට හැකි වූයේ මෙදිනය. මෙය ශුද්ධවු ජුසේ වාස් පියතුමන්ට අස්වැසිල්ලකි.
සිංහල කතෝලික සාහිත්‍යයක් බිහිවීම
[සංස්කරණය]එවකට යුරෝපයේ ප්‍රබල ජාතියක් වූ පෘතුගීසීන් විසින් ස්‍රි ලංකව තුළ කතෝලික දහම නිළ වශයෙන් හා සංවිධානාත්මකව ස්ථාපිත කරන ලද අතර පෘතුගීසි මිෂනාරිවරුන් සිංහල හා දෙමළ භාෂාවන්ගෙන් කතෝලික දහම අර්ථාන්විත අයුරින් ඉදිරිපත් කිරීමේ උත්සාහයක නිරත විය. වාර්තාවල දැක්වෙන අන්දමට ජේසු නිකායික පූජකතුමන්ලා විසින් මල්වාන ප්‍රදේශයේ කුඩා දරුවන්ට සිංහල බසින් යාච්ඤා කිරීමට හා ගීතිකා ගායනා කිරීමට පුහුණු කර තිබේ. මාතර දී ෆ්රැුන්සිස්කන් තාපස තුමකු වූ, ඇන්ටෝනියෝ පෙයිසෝ විසින් ක‍්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය හා සාන්තුවරයන්ගේ ජීවිත කතා අලලා නාට්‍ය ඉදිරිපත් කර ඇත. අල්පොනියුස් ඩිඩාවුස් පියතුමා විසින් වාර්තාකරණ අන්දමට වර්ෂ 1643 දී යාපනය වඩුක්කොඩයි හි මරිය තුමියට කැප කරන ලද දේවස්ථානයේ සෙනසුරාදා දිනවල යාම යැදුම හා ආවේ මරියා ගීතිකාව දමිළ බසින් ගායනා කරන ලදි. එහෙත් සමස්තයක් ලෙස ගත් කළ පෘතුගීසි මිෂනාරිවරුන් සිංහල සංස්කෘතිය තුළ පවතින ගුණාත්මක හා ප්‍රශංසනීය දේ අගය කිරීමට අසමත් විය. ඒ වෙනුවට ඔවුන් කතෝලික ඇදහිල්ල, බටහිර සංස්කෘතිය සමග ඒකාබද්ධ කිරීමට උත්සාහ කලේය. ලන්දේසි සමයේ සිදුවූ ආගමික පීඩා නිසා, කතෝලික ක්‍රියාකාරකම් සියල්ලක්ම පාහේ දිවයිනෙන් නොපෙනී යන්නට විය. වර්ෂ 1687 දි කුලීකරුවකු ලෙස වෙස් වලාගෙන මෙරටට පැමිණි ශුද්ධ වූ ජුසේ වාස් මුනිතුමා මිය යමින් තිබු ලාංකීය කිතුනු සභාව යලි පණ ගන්වාලිමේ අසමසම ආරම්භකයා විය. ජුසේ වාස් මුනිතුමා ඇතුළු නැගෙනහිර ඔරතෝරියාන මිෂනාරි කණ්ඩායම යුරෝපිය මිෂනාරිවරුන්ට වඩා දේශීය සංස්කෘතිය අගයන තත්වයක පසුවිය. ජුසේ වාස් මුනිතුමාගේ අභිප‍්‍රාය වුයේ දේශයට වඩාත් අනුගත සහ එහි අවශ්‍යතාවන්ට සුදුසු ලෙස ශී‍්‍ර ලාංකීය කතෝලික සභාව ගොඩනැගීමටය. එතුමන් විසින් පෙරදිග කිතුනු වන්දනා ක‍්‍රම, යාච්ඤා හා පාස්කු නාට්‍ය හඳුන්වා දෙන ලදී.
කෙසේ වෙතත් සිංහල කතෝලික ගීතිකා, යාච්ඤා හා සාහිත්‍ය සම්පාදනය කිරීමේ ප‍්‍රමුඛ කාර්ය පවරන ලද්දේ එතුමාගේ සහකරුවානන් හා අනුප‍්‍රප්තිකයාණන් වන ගරු ජාකොමේ ගොන්සාල්වේස් පියතුමනටය. ජුසේ වාස් පියතුමා මෙන්ම ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාද, කොන්කානි බ්රහ්මණ කුලයේ පියතුමෙකි. එතුමන් ශී‍්‍ර ලංකාවට ගොඩ බසින විට දමිළ භාෂාව පිළිබඳව යම් තරමක දැනුමක් තිබුණි. එතුමන් දෙමල සම්භාව්ය කෘති කියවීමෙන් මෙම දැනුම වර්ධනය කරගන්නා ලදී. එතුමන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා යටතේත් දස්කොන් අදිකාරම් වැනි උගත් ගිහියන් යටතේත් සිංහල භාෂාව ඉගෙනගන්නා ලදී. තම මිෂනාරි සේවයේදී ගරු ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාට රට පුරා ගමන් කිරීමට සිදුවිය. එතුමන් හට කන්ද උඩරට අධිකරණයේ රජුගේ සිට විවධ තරාතිරම්වල අය සමගද ගමේ නිහතමානී ගොවියා සමඟද එක ලෙස සබඳතා පවත්වන ලදි.එතුමන් සිංහල හා දෙමළ සම්භාව්‍ය කෘති ගැඹුරු ලෙස අධ්‍යනය කළ අතර සිංහල ජන කලාවල සංගීතය හා සාහිත්‍ය කෙරෙහි එතුමාගේ සීත තදින් ඇලි තිබුණිග එතුමන් විදේශිකයෙක් වුවද පෙරදිග කිතුණු සාහිත්‍ය නිර්මාණ අනුකරණය කිරීමකින් තොරවම රටට හා සංස්කෘතියට ගැලපෙන ලෙස නිර්මාණ බිහි කරන ලදී.ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාට පින්සිදු වන්නට සිංහල හා දෙමළ කතෝලිකයින්ගේ ප්‍රයෝජනය සඳහා කතෝලික වදන් මාලාවක් ලැබිණි. එතුමන් විසින් ධර්මදුත්වරුන්ගේ ප්‍රයෝජනය සඳහා ශබ්ද කෝෂ 4ක් සකස් කරන ලදි. පෘතුගීසි-සිංහල සිංහල -පෘතුගීසි විශේෂ ද්‍රවිඩ වාක්‍ය හා පෘතුගීසි දෙමළ-සිංහල ග‍්‍රන්ථ 42 ක් නිර්මාණය කළ එතුමා සිංහල බසින් පොත් 22 ක් ද දෙමළ බසින් පොත් 15 ක් ද පෘතුගිසි බසින් පොත් 4 ක් ද ලන්දේසි භාෂාවෙන් පොත් එකක් ද ලියා ඇති බව ඔරතෝරියාන වාර්තාවක සඳහන් වේ. එතුමන් අතින් රචනා සුවිශේෂතම සිංහල ගද්‍ය රචනාව වන්නේ "වේද පුරණය" නම්වූ කෘතියයි."පුජාවලියේ" භාෂා ශෛලයට බොහෝ සෙයින් සමානකම් ඇතිව මෙය රචනා කොට ඇතග අවසාන විනිශ්චය හා ලෝක අවසානය පිළිබඳ ලියවුනු දේව නීති විසර්ජනය නම්වූ ග්‍රන්ථය මහනුවර නරේන්ද්‍රසිංහ රජුගේ පවා පැහැදීමට ලක් විය. එතුමන් අතින් ලියවුනු "සුවිශේෂ විසර්ජනය" ඉරිදා දිනවල සහ මංගල්‍ය දිනවල උච්ජාරණය සඳහා සුවිශේෂ ප්‍රකාශ අඩංගු සිංහල පද්‍ය සංග්‍රහයකි. අතීතයේ දී ඇතැම් දේවස්ථානවල ඉරිදා පූජාව නොපැවැත්වූ නිසා බැතිමතුන් එකට එක්වී මෙම සුවිශේෂයන් සජ්ජායනය කරන ලදී.
අති පුජ්‍ය පඩිවර ජාකෝමේ ගොන්සාල්වෙස් පුජාප්‍රසාදීතුමන්ගේ සිංහල ලේඛන
[සංස්කරණය]දේව වේද පුරාණය
ගැලවීමේ ඉතිහාසය පිළිබද කෘතියක් වන මෙය මහනුවර යුගයේ ලියවුණු සුවිශාලතම ගද්‍ය කෘතියද වේ. ශු. බයිබලයේ උත්පත්ති පොතේ සිට එළිදරව්ව පොත දක්වා අඩංගු ප්‍රධාන කරුණු ද මෙහි අන්තර්ගත වේ. මෙම කෘතියෙහි කාණ්ඩ දෙකක් වන අතර පරිච්ඡේද 28කින් ද (32කින්) යුත් පළමු කාණ්ඩය —පුරාණ වේද වාක්‍ය˜ හෙවත් පුරාණ ගිවිසුමෙහි ඇති කරුණු ඇසුරෙන් රචනා වී ඇති අතර , පරිච්ඡේද 02කින් සමන්විත දෙවන කාණ්ඩය — අභිනව දේව වාක්‍ය ˜හෙවත් නව ගිවිසුමේ අන්තර්ගත තොරතුරු ඇසුරින් රචනා වී ඇත. අති පුජ්‍ය ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ ගද්‍ය කෘතීන් අතුරින් ශ්‍රේෂ්ඨතම කෘතිය වන්නේ ද මෙයයි. මෙහි විශේෂත්වයක් ලෙස ගැලවීමේ සත්‍යතා ලක්දිව තුල සිදුවූ සිද්ධියක් ලෙස කතුවරයා ලාංකේය සංස්කෘතික, උපමා ,රූපක යොදා ගනිමින් දේවධර්මය හා මනා සංකලනය කර තිබීමය.
දේව වේද සංක්ෂපය (1713)
දේව වේද පුරාණය නැමති කෘතියේ සාරාංශයක් වන මෙහි ප්‍රශ්නෝත්තර ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.
සුවිශේෂ විසර්ජනය (1730)
ඉරුදින ,ණය මංගලෝත්සවය දිනයන් , ශුද්ධවතුන්ගේ මංගලෝත්සවයන් වල ප්‍රකාශ කරන ශු. සුවිශේෂය පැහැදිළි කරමින් එය ජිවිතයට සම්බන්ධ කර ඇත.
දුක්ප්‍රාප්ති ප්‍රසංගය (1728)
ක්‍රිස්තුන් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අළලා ලියන ලද ගද්‍ය නිබන්ධය දුක්ප්‍රාප්ති ප්‍රසංගය ලෙස නම් කළ හැකිය.මෙහි දේශනා 09 කි. එම දේශනා පන්තිය චතාරික සමයෙහි සති 6 සහ ශුද්ධ වූ සතිය යන සත් සතිය තුළ පැවැත් වූ බවත්, ස්වාමින් වහන්සේගේ දුක්ප්‍රාප්තියසත් සතියක ට ඛෙදාදුන් අතර මෙම කෘතිය තුළ ලාංකීය කිතුනු වැළපුම් සාහිත්‍යයට ඉටු කරන ලද මෙහෙවර අද්විතීයැයි සැලකුවහොත් එය නිවැරදිය. "පිරසංගම්" යන දමිළ වදනින් ගම්‍යවන්නේ දේශනාව යන්නයි. "පිරසංගම්" යන වචනය හෙළ බසට බිඳී ප්‍රසංගය ලෙස ව්‍යවහාර වන්නට විය. මෙහි අරුත නම් දුක්ප්‍රාප්තියේ දේශනාව යන්නයි.මුල් යුගයේදී පාස්කු නාට්‍යයන් හි පිටපත සදහා ප්‍රධාන මුලාශ්‍රය වුයේ ද මේ කෘතිය වේ.
ධර්මෝධ්‍යානය (1735)
ශුද්ධවන්තයින්ගේ චරිත කථා වස්තු බීජය ලෙස ගැනීම මෙහි මුලික අරමුණ වේ.
ප්‍රාතිහාර්යාවලිය (1732)
විශ්වාසය පදනම් කර ගෙන ශ=.ලියවිල්ලේ සහ සභා සම්ප්‍රදාය තුළ ඉගැන්වෙන ප්‍රධාන ප්‍රාතිහාර්ය කීපයක් මේ සදහා අරමුණු වී ඇත.
සුකෘත දර්පණය (1733 - 1740 )
විශ්වාසයේ ජිවිතයක් සදහා ඇරයුම් කරන පරමාර්ථයෙන් ද , කිතුනු විශ්වාසයේ ජිවිතයේ ඇති වටිනාකම පෙන්වා දීමේ පරමාර්ථයෙන් මේ කෘතිය රචනා වී ඇත.
දේව නිතී විසර්ජනය (1720 - 1730)
දෙවියන් වහන්සේගේ අවසාන විනිශ්චය පිළිබදව මෙයින් ප්‍රකාශ කරනු ලබයි.
වේද කාව්‍ය (1725)
විශ්වයේ මැවීමේ සිට ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය දක්වා වූ විශ්වාසයේ ඉගැන්වීම් පද්‍යයට නගා ඇති අතර , ගැලවීමේ ඉතිහාසය ලාංකේය සංස්කෘතික ගතිකයන් තුළ සිදුවූ සිද්ධියක් ලෙස විස්තර කරයි.
සිංහල - ප්‍රතිකාල් අකාරාදිය (1730)
ප්‍රතිකාල් - සිංහල අකාරාදිය (1720)
ප්‍රතිකාල් - දෙමළ - සිංහල අකාරාදිය (1735)
අඥාන ඖෂධය (1715)
මිසිදිටුවන්ගේ අන්ධ ඇදහිල්ලට ඛෙහෙතක් ලෙස ඉදිරිපත් කරයි. බොහෝ දෙනෙක් මෙය කියවා කතෝලික දහම වැළදගත් බව කියැවේ. මෙය දෙබස් ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.
දේශනා නවයේ පසම් පොත (1712-1743)_
දුක්ප්‍රාප්ති ප්‍රසංගය තුළ ඇති ගද්‍යමය ස්වරූපයේ විලාපයන් පද්‍යය ට නැගීම ට, ගීයට නැගීම ට උත්සහ නගා ඇති බව පෙනේ. මෙහි දේශනා නවය සඳහා පරිච්ඡේද නවයක් වෙන්කර ඇති අතර එක් දේශනාවක් පද්‍ය 20-30 අතර සංඛ්‍යාවකින් රචනා කර ඇත. එමෙන් ම හත්වන දේශනාව පද්‍ය 76 කින්ද 9 වන දේශනාව පද්‍ය 85 කින්ද සමන්විත වන අතර, මුළු ග්‍රන්ථයේ ම, පද්‍ය සංඛ්‍යාව 357 කි. මෙය රචනා කර ඇත්තේ දේශනා නවයේ පසම්පොත කියවීමේදී ඇතිවන පීඩාව හා ඒකාකාරී ස්වභාවය නැති කිරීමටය.
ක්‍රිස්තියානි පල්ලිය (1715 - 1730)
එදිනෙදා පරිහරණය සදහා යාච්ඤා පොතකි. මිනිසුන්ගේ හා සතුන්ගේ වේදනා සුව කිරීම සදහා යාච්ඤා, කෘමි උවදුරුවලින් වගා ආරක්ෂා කර ගැනීම සදහා යාච්ඤා හා නාම සාන්තුවරයන්ට යාච්ඤා මෙහි අන්තර්ගත වේ.
මාතර ප්‍රත්‍යක්ෂය (1733 )
බුදු දහමේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරමින් පරිණත අවබෝධයකට මග පෙන්වනු ලබයි.
මංගල ගීතය(1730)
ජේසු සමිදුන්ට , දේවමාතාවන්ට හා ශුද්ධවන්තයින් අරබයා රචිත ගීතිකා පොතක් වන මෙය දේවවන්දනාවට භාවිතා කළ උත්තරීතර දායාදයකි.
ආනන්ද කලිප්පුව (1728)
ජිවිතයේ නිස්සාර බව අනිත්‍ය බව ගෙනහැර පාන මෙම කෘතිය ලක්දිව තුළ රචිත පළමු සින්දු පොත ලෙසද හැදින්වේ. ගීතමය අතින් ශ්‍රේෂ්ඨ කෘතියක් ලෙස සැලකුව ද මෙමගින් උපහාසාත්මක ලෙස රජ වාසලේ සහ රාජ්‍ය සභාවේ පැවති දූෂිත තත්වයන් හෙළා දකියි.
බුදු මුල (1737)
බුදුදහමේ ඉගැන්වීම් වල පවතින දුර්වලතා ඉස්මතු කරමින්, උඩරට රජ පෙළපතේ අයට නිවැරදි මාර්ගෝපදේශය දක්වාලන්නට මග පෙන්වයි.
ඥානංජනය (1738)
අංජනය හෙවත් අදුන ඇසට සුවය ගෙන දීමටත් , දෘෂ්ටිය දීප්තිමත් කිරීමටත් භාවිතා කරන ඖෂධයකි. එලෙසම මෙම කෘතියෙහි ඇති භාවනා (ධර්මානුශාසනා) දොළොස මගින් කතෝලිකයාගේ ආධ්‍යාත්මික දැක්ම ප්‍රබෝධ කිරීමටත් , ආලෝකවත් කිරීමටත් , මෙම කෘතියෙන් බලාපොරොත්තු වේ. මෙහි ඇති භාවනා ඥානකාන්ති දිනවල යෝග්‍ය අයුරින් රචනා කර ඇත. මනුෂ්‍යාත්මයෙහි මහිමය හා පරමාර්ථය පෙන්වා දී පාපය පිළිබදව කරුණු දක්වමින් එයින් වැළකීමට මාර්ග හා පාපය කරණ කොට ගෙන ඇති වන විපාක ගෙනහැර දක්වයි.
දුක්ප්‍රාප්ති ලතෝනි පොත ( 1730 )
මෙම පොතද ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා ගේ අද්විතීය රචනාවකි. එහිද අඩංගු වන්නේ ජේසු සමිදාණන්ගේ දුක්ඛිත වූ ද, කඨෝරවූද මරණය නිසා වැලපෙන දේව අම්මාගේ විලාපයයි. පසම් පොත හා ළතෝනි පොත තුළ දක්නට ලැඛෙන ප්‍රබලම වෙනස වන්නේ පසම් කාව්‍යමය ආකාරයෙන් එළිවැට හා විරිත උපයෝගී කරගනිමින් රචනාවීම ත්, ළතෝනි පොත තරමක් දුරට ගද්‍යමය ආකාරයෙන්ද, වෙනස්වූ සාහිත්‍යමයද, කාව්‍යය අයුරින් ඉදිරිපත් කර තිබීමයි. මෙය ද පසම් පොත මෙන් අති විලම්බලයෙන් ගයනු ලබන අතර පාරම්පරිකව හා සාම්ප්‍රදායිකව එන තාල හා තනු උපයෝගී කරගනිමින් ගායනා කෙරේ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට විවිධ වූ තාල හා නාද රටා උපයෝගීකර ගන්නා බව දක්නට ලැබේ. සමහර ප්‍රදේශවල මෙය දුක්ප්‍රාප්ති ප්‍රසංගය හෙවත් දේශනා පොත ගායනා තාලයෙන් එම නාද මාලාවෙන් ගායනා කරනු දක්නට ලැබේ. කොටස් 20 කින් හා පිටු 82 කින් සමන්විත වූ මෙම කෘතිය තුල වෙනස්කම් බොහෝමයක් දක්නට ලැබේ. දේශනා නවයේ පසම් පොත දුක්ප්‍රාප්ති ප්‍රසංගයේ හා දේව වේද පුරාණයේ අන්තර් ගත වන තම කුරුස ගමනට පෙර ජේසු සමිදාණන් මරියමාතාවන් හමුවී අවසර ගැනීමේ අවස්ථාව හා එයින් සන්තාපයට පත් වන මරියමාතාවන්ගේ විලාසය අන්තර්ගත ව ඇත. මෙහි දේශනා නවය පසම් පොතේ හා පළමුවෙහි සවෙනි හා නවවෙනි දේශනාවලට අයත් ළතෝනි පමණක් අන්තර්ගත වේ. මෙහිදී කතුවරයා ර්‍ණඇතුළත් අන්තර්ගත යන තේරුම දෙන අඩුත්තු වූ” යන දමිල පදය මෙයට ඇතුළත් කරගෙන ඇත. මෙම ළතෝනි කොටසට අහස පොළව මවා, අයියයියෝ ශෝක භරිත, මුශ්ටිගත ශ්‍රී ලෝචනා, දුක්ෂ වූ සන්තාපයෙන් පෙර යනළතෝනි අන්තර් ගත වේ.
ලක්දිව පාස්කු නාට්‍ය සම්ප්‍රදාය
[සංස්කරණය]පෘතුගීසි සමයේ දී මෙරට පළමු කිතුනු නාට්‍ය රග දක්වා ඇත්තේ ක්‍රි.ව. 1602 දී කොළඹ අනුනායක දෙව්මැදුර ආසිරි ගැන්වූ විටදීය. එය ජේසු නිකායික ගරු.දියෝගා ද කූඤ්ඤ පියතුමා විසින් නිරිමාණය කළ බව සඳහන් වේ. මෙය ලාංකේය කිතුනු ජනවන්දනා නාට්‍යයේ පැරැණි ම රංගනය ලෙස සඳහන් වේ.[1] පසුව ක්‍රි.ව. 1615 දී කම්මලේ දෙව්මැදුරේ ආසිරි ගැන්වූ විටදීය. පසුව ක්‍රි.ව. 1615 දී කම්මල දෙව්මැදුරේ මංගල්‍යය දින ලෝකය මැවීමද කි්‍රස්තුන් වහන්සේගේ මාංශගතවීමේ සිදුවීමද රග දක්වා ඇත. තවද ක්‍රි.ව. 1617 දී හලාවත කොන්ස්තන්තීනු අගරජුගේ සිත් හැරීමද ක්‍රි.ව. 1627 මාතර දී ශු. ස්නාවක ජුවාම් මුනි චරිතය ඇසුරින් වාසප්පුවද රග දක්වා ඇත. මෙකල ප්‍රැන්සිස්කාන වාර්තාවනට අනුව මහා පාද නමස්කාරයක් 16 වන සියවසේදී මෙරට සිදුකර ඇත. දැඩි පශ්චාත්තාපී ක්‍රියාකරමින් යාච්ඥාවෙන් හා භාවනාවෙන් ජේසු සමිදුන්ගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රථීමාවක් රැගෙන දුක්ප්‍රාප්ති ගීතිකා හෙවත් පසම් ගී ගයමින් ගමන් කළ බව සඳහන් වේ. පෙර කී ප්‍රථීමාව මෙරටට ගෝවෙන් රැගෙන ආ බවත් එමගින් මෙරට පාස්කු නාට්‍ය ප්‍රථමයෙන් සිදුවූ බවත් පිළිගැනේ. මෙරට ප්‍රථීමා මගින් පාස්කු ර`ග දැක්වීම ඛෙහෙවින්ම ව්‍යාප්ත වුයේ ඕලන්ද පිඩන යුගයේදීය. ඒ සඳහා ගෝවේ ශාන්ත පාවුළු විදුහල මහගු පිටුවහලක් විය. මේ විද්‍යායතනයේ අධ්‍යාපනය හැදෑරූ ශු. ජුසේ වාස් මුනිදුන්ගේ හා අති පූජ්‍ය පඩිවර ජාකොම් ගොන්සාල්වෙස් පියතුමන්ගේ සුවිශේෂි දායකත්වයෙන් මෙම ප්‍රථීමා පාස්කු මෙරට තුළ ව්‍යාප්ත විය. ඒ කි්‍ර. ව. 1705 සිටය. ක්‍රි.ව. 1705 දී වන්නියෙන් ආරම්භවූ පාස්කු නාට්‍ය ස`දහා ප්‍රථීමාවන් ගෝවෙන් රැගෙන ආ බව සදහන් වේ. එම ප්‍රථීමා අදත් මන්නාරමට නොදුරු පරපාන්කන්ඩල් දේවස්ථානයේද, පේසාලෙයි දේවස්ථානයේද දක්නට ඇත. දැනට ලංකාවේ ඉපැරණිම පාස්කු වන්නියෙන් ආරම්භ වූ බව පිළිගැනේ. මේ නිසාම මේ යුග වලදි වන්නියේ හා මහනුවර යන දේවස්ථාන වල ශු. සතිය පැවැත්වීමේදී මෙම ප්‍රථීමා පාස්කු රංග ගත විය. මෙහිදී ශු. ජුසේ වාස් මුනිතුමා විසින් රචිත "මහාපාදනමස්කාරය කෘතිය" වනාහි එකල ගෝවේ පැවති පාදනමස්කාරය ඇසුරින් රචනා කරන ලද්දකි.
කොළඹ සහ යාපනේ කතෝලිකයින් විසින් ක‍්‍රිස්තුස් වහන්සේගේ දුක්ප‍්‍රාප්තිය සම්භන්ධව යමක් රචනා කිරීමට ආයාචනා කරන ලද්දාහ. එතුමාණන්ගේ බුද්ධි මහිමය සහ ඉන්දීය කර්ණාටක සංගීතය මෙහෙයවමින් එතුමාණෝ එය ගද්‍ය රචනාවක් පමණක් නොව පද්‍ය රචනාවක් ද කරවීය. එය ද ශුද්ධවු සතියේ දී විශේෂයෙන් මහ සිකුරාදා දින දි කියවන ලදි. 1730 දී එය බෝලවත්තේ දී දෙමළෙන් සහ සිංහලෙනුත් කළහ. එතුමා පාස්කු නාට්‍ය කලාවට නව අංග කිහිපයක්ම එක් කළේයග විශේෂයෙන් මුහුදුබඩ පෙදෙස්වල සේවය කරද්දී එතුමා එවකට ළින් මතු වූ රිද්මය ඇසුරෙන් ගීත නිර්මාණය කොට ඒවා පාස්කු නාට්‍ය සඳහා යොදා ගත්තේයග ක්‍රිස්තු වර්ෂ 1728 දී ගොන්සාල්වේස් පියතුමා රචිත දුක්ප්‍රාප්ති ප්‍රසංගය නමැති ගද්‍ය කෘතිය හා එම පොතේ පද්‍ය ප්‍රබන්ධය වූ දේශනා හා පසන් ගීත නවයකින් යුක්ත දේශනා නවයේ පසන් පොත පාස්කු නාට්‍ය සමග සම්බන්ධ විය. අප ස්වාමිදරුවන්ගේ දුක්ප‍්‍රාප්තිය ගොබ් ඉරිදා සිට මහ සිකුරාදා දක්වා ප‍්‍රතිමා උපයෝගී කරගනිමින් මහා පාස්කුව අප කතෝලික සැදැහැවතුන් සඳහා බෝලවත්ත දේවස්ථාන අසළ විශාල පාස්කු මණ්ඩපයක් සාදා රඟ දැක්වුහ. මේ සඳහා රූකඩ උපයෝගී කර ගනිමින් ගෝවේ දී පැවැත් වූ පාස්කු සංදර්ශනවල ආභාෂය ලබාගෙන ඇතග වේදිකාව මත රූකඩ සදර්ශනයක් ආකාරයට පාස්කු නාට්‍ය රඟ දැක්වෙන දුක්ප්‍රාප්ති ප්‍රසංගය තුළ අඩංගු ගීත සජ්ජායනය කරන ලදිග මෙම සජ්ජායාන දීර්ඝ නොවීම සඳහා එතුමන් දුක්මුදු ස්වරයෙන් ගායනා කරන පසන් හා ලතෝනි ඇතුලත් කරන ලදි.
ඔරතෝරියාන වාර්තාවන්ට අනුව ක්‍රි.ව 1705 දී මෙරට මුලින්ම පාස්කු රග දක්වා ඇත්තේ වන්නි ප්‍රදේශ වලය. මේ සඳහා රැගෙන එන ලද ප්‍රථීමාවන් ගෝවෙන් රැගෙන එන ලද ප්‍රථීමාවන් ගෝවෙන් රැගෙන ආ බව සඳහන් වේ. මෙහි විශේෂත්වය වුයේ මෙහි ප්‍රථීමාවන් ලීයෙන් නෙලා තිබූ අතර එහි හිස, පාද, දෙඅත් පමණක් තිබීමය. සෙසු කොටස් වලට මැද ලීයක් තබා පිදුරු පුළුන් යොදා ඇදුම් ආයිත්තම් වලින් සරසා තබන ලදි. මුල් යුගයේ පැවති පාස්කු දර්ශන නිහ`ඩව ක්‍රියාකරන ඒවා විය. ජකොමේ ගොන්සාල්වෙස් පියතුමා මේ නිහැඩියාව බිඳ හැරියේ දුක්ප්‍රාප්ති ප්‍රසංගය හෙවත් දේශනා නවයේ පසම් පොත තුළිනි. එමගින් මුළු දුක්ප්‍රාප්තිය සත්සතියකට ඛෙදා දේශනා 09 කට සකස් කොට ඉදිරිපත් කෙරුණු අතර මේ දේශනාවෙන් උස් හඩින් උච්චාරණය කරන විට එදිනට අදාල ජවනිකාව ප්‍රථීමාවන් මගින් (රූප විලාසය) වේදිකාවේ රංගගත කෙරිණි. මෙම දේශණාවෙන් බොහෝ විට උච්චාරණය කරන ලද්දේ පුජාප්‍රසාදිතුමකු විසිනි.
මෙහිදී ක්‍රිස්තු චරිතය උදෙසා ප්‍රතිමා 09ක් පමණ භාවිතා කළ බව සදහන් වේ. ඒවා නම්
•ජේසුස් වහන්සේ මල් උයනේ යාච්ඤා කරමින් සිටින සුරුවම
•ජේසුස් වහන්සේ සිරගතව සිටින සුරුවම
•ජේසුස් වහන්සේ අඩ නිරුවත් කොට ගල්කණුවේ බැඳ දමා ඇති සුරුවම
•ජේසුස් වහන්සේ කටු ඔටුන්න සහිත සුරුවම
•ජේසුස් වහන්සේ පිලාත් අභිමුව සිටින සුරුවම
•ජේසුස් වහන්සේ කුරුසේ කරගසා ගත් සුරුවම
•ජේසුස් වහන්සේ කුරුසිය ඇණ ගසා සිටින සුරුවම
•ජේසුස් වහන්සේ කුරුසිය මත මිය ගිය සුරුවම
•ජේසුස් වහන්සේ කුරුසියෙන් බා මරි මවගේ උකුලේ තබා තිඛෙන සුරුවම යනුවෙනි. ඔරතෝරියාන වාර්තාවන්ට අනුව ක්‍රි.ව 1705 දී මෙරට මුලින්ම පාස්කු රග දක්වා ඇත්තේ වන්නි ප්‍රදේශ වලය. මේ සඳහා රැගෙන එන ලද ප්‍රථීමාවන් ගෝවෙන් රැගෙන එන ලද ප්‍රථීමාවන් ගෝවෙන් රැගෙන ආ බව සඳහන් වේ. මෙහි විශේෂත්වය වුයේ මෙහි ප්‍රථීමාවන් ලීයෙන් නෙලා තිබූ අතර එහි හිස, පාද, දෙඅත් පමණක් තිබීමය. සෙසු කොටස් වලට මැද ලීයක් තබා පිදුරු පුඵන් යොදා ඇදුම් ආයිත්තම් වලින් සරසා තබන ලදි. එම ප්‍රථීමාවන් හී ශේෂයන් අදත් වන්නියේ පරපාන්කන්්ඩල් දේවස්ථානයේ දක්නට ඇත. තවද මේ පාස්කු රඟදැක්වීම සඳහා තවමත් මේ දේවස්ථානය අනුබද්ධිත පරිවාරික දේවස්ථාන 15 පවති. මෙම මහා පාස්කු රඟදැක්වීම සදහා අවැසි එක් ප්‍රතිමාවක් හා භාණ්ඩ ශු. සතියේ පරපාන්කන්දල් දේවස්ථානයට රැගෙන එන අතර මහසිකුරාද මෙහෙයන් ආපසු මේ භාණ්ඩ හා ප්‍රතිමාවන් ආපසු ඒවා තිබු දේවස්ථානවලට ම රැගෙන යති. මේ නිසා අදත් මෙම සුවිශේෂී සම්ප්‍රදාය ඔවුන් අතර පැවතීම තුළින් ඓතිහාසික කිතුනු උරුමයක සුවිශේෂීයත්ව මැනවින් කියාපායි. පරපාන්කන්දල් දෙවස්ථානයේ ස්ථාපිත දුක්ප්‍රාප්තියේ කිතු සමිඳාණන්ගේ ප්‍රතිමාව කි්‍ර.ව. 1860 දී ගෝවෙන් රැගෙන එන ලද්දකි. මෙය නිර්මාණ කර ඇත්තේ ගෝවේ කොස්තා නැමැති මූර්ති ශීල්පියා ය. මෙම පාස්කු දර්ශණය දක්වා භාවිතා කරන කුරුසිය "චන්ඩියාකුලම් ශු. පේදුරු පාවුලූ දේවස්ථානයේ " ස්ථාපිත ය. එම නිසා ලාංකේය ඉතිහාසය ඉතා සුවිශේෂි ස්ථානයක් වන පරපාන්කන්දල් දේවස්ථානය ලාංකේය කිතුනු උරුමයකි.
ඔරතෝරියාන වාර්තාවන්ට අනුව ක්‍රි.ව. 1743 දී අතිපූජ්‍ය ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාගේ මරණින් පසුව ශු. සතියේ දී බෝලවත්තේ දී පාස්කු නාට්‍ය රග දැක්වූ ආකාරය සදහන් වේ.
ක්‍රිස්තු වර්ෂ 1728 දී ගොන්සාල්වේස් පියතුමා රචිත "දුක් ප්‍රාප්ති ප්‍රසංගය" නමැති ගද්‍ය කෘතිය හා එම පොතේ පද්‍ය ප්‍රබන්ධය වූ දේශනා හා පසන් ගීත නවයකින් යුක්ත "දේශනා නවයේ පසන් පොත" පාස්කු නාට්‍ය සමග සම්බන්ධ විය.'ඔරතෝරියන් මිෂන් රිපෝට්' නමැති වාර්තාවේ මෙසේ දැක්වේ.
"ශුද්ධ වූ සතිය පාස්කු සංදර්ශන සමගින් සැමරූ අතර, ධර්මදූතයන් සය දෙනා දේශනා නවය ඔවුන් අතර බෙදා ගනිමින් එකක් ද්‍රවිඩයෙන් ද, අනෙක් ඒවා සිංහලයෙන් ද පැවැත් වූහ. තම භාර්යාවන් හා දරුවන් සමග පැමිණ සිටි කොළඹ ඕලන්දීය කතෝලිකයන් සතුටු කරනු සඳහා ඔවුන් දන්නා භාෂාව වූ පෘතුගීසියෙන් ද දේශනයක් විය. කොළඹ, මීගමුව, මාතර හා අනෙකුත් පෙදෙස් වලින් ද, දෙදිනක හෝ තෙදිනක ගමනකින් බෝලවත්ත ප්‍රදේශයෙන් පැමිණි ජන සංඛ්‍යාව අති විශාල විය. ඔවුන් ගොබ් ඉරු දින පැමිණි අතර, පාස්කු ඉරු දින තෙක් නැවතී සිටියහ. එම ස්ථානයේ හැටියට වඩාත් පහසුවෙන් නවාතැන් ගත නොහැකි වූයෙන්, බොහෝ බැතිමතුන් දේශීයව සපයා හැකි පොල් අතු වලින් තාවකාලික නිවාස සාදා ගත්හ. මෙම පාස්කු සංදර්ශනයේ දේශනාවාදීන් වූයේ, පළමු දර්ශනය: අපගේ ස්වාමින් වහන්සේ, තමන් වහන්සේගේ මෑණියන්ගෙන් සමුගැනීම, දියෝගු ද මෙල්ලෝ පියතුමා විසින් ද, වෙැන්න: ක්‍රිස්තුස් වහන්සේ උද්‍යානයෙහි සිටීම, ඇලෙයිසෝ මැනුවෙල් පියතුමා විසින් ද, තෙවැන්න: අත්අඩංගුවට පත්වීම හා සිර අඩස්සි කිරීම බර්නදිනෝ ද මොන්රෝයි පියතුමා විසින් ද, සිව්වැන්න: කසයෙන් තැලීම, ප්‍රැන්සිස්කෝ ගොන්සාල්වේස් පියතුමා විසින් ද, පස්වැන්න: කටු ඔටුන්න හිස මත පැළඳවීම, එම ප්‍රැන්සිස්කෝ පියතුමා විසින් ද, සයවැන්න: මෙන්න මනුෂ්‍යයා, බෙර්නදිනෝ පියනම විසින් ද, සත්වැන්න: කුරුසිය රැගෙන යාම, කුස්තෝදියෝ ද අන්ද්‍රාදි පියතුමා විසින් ද, අටවැන්න කුරුසියේ ඇණ ගැසීම, බැතිමතුන්ගේ දැඩි ඉල්ලීම නිසාවෙන් ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ ලියවිලි වලින් සිංහලයෙන් කියවීම, නවවැන්න: කුරුසියෙන් බිමට බෑම, අන්ද්‍රාදි පියතුමා විසින් ද වෙති. මහ සිකුරාදා දේව මෙහෙය හා දේශනාවෙන් පසුව ඇරඹුණේ පාස්කු සංදර්ශනයයි. කුරුසියේ ඇණගැසීම ද, කුරුසියෙන් බෑම ද භක්ත්‍යාදරය වඩන ලෙස නිසි පිළිවෙලට සිදු කෙරිණ. අනතුරුව ජේසුස් වහන්සේගේ මෘත දේහය සංකේතවත් කරන සුරුවමක් සහිත පෙරහැර පවත්වනු ලැබීය. ස්ත්‍රී පුරුෂ ලොකු කුඩා සියළු දෙනාම ඉටිපන්දම් ගත් අතැතිව පෙරහැරට ඒක්වූ අතර එක් පිරිසක් සිංහලයෙන් ද තවත් පිරිසක් දෙමළ භාෂාවෙන් ද යාච්ඤා පැවැත්වූහ. පෙරහැර යළි දෙව්මැදුර වෙත ළඟා වූ විට ස්වාමිදරුවන්ගේ පිළිරුව එහි පසෙක පිළියෙල කළ ගල්ලෙනෙහි තැන්පත් කරන ලදි. ඊට පසු පිරිස කාණ්ඩ දෙකකට බෙදී ගීතිකා ගැයූහ. කොළඹ සිට පැමිණි ආර්යයාවෝ රවිකිඤ්ඤා වීනා, සිතාර් යනාදී තූර්ය භාණ්ඩ ගෙනා බැවින් ඒවා වාදනයෙන් සංගීතයට ආධාර කළහ. තවද පෘතුගීසි භාෂාවෙන් ඇතැම් ලයාන්විත ගීතිකා ද ගායනා කරන ලදි. "
කල්යත්ම ලන්දේසි පිඩනය නිම වී බ්‍රිතාන්‍ය යුගය ආරම්භ වූ විට පාස්කු නාට්‍ය කළාව ඉතා සීග්‍රයෙන් මෙරට තුළ ව්‍යාප්ත වන්නට විය. විශේෂයෙන් මුහුදුකරයේ හලාවත,මට්ටාකොටුව , මීගමුව ,පමුණුගම, පිටිපන, දූව ආදී ප්‍රදේශ වල සීඝ්‍රයෙන් වර්ධනය විය.
පසම් හා ලතෝනි
[සංස්කරණය]පසම් යන වචනය ලාංකේය වචනයක් නොවේ. එය පෘතුග්‍රීසි ලතින් ඉංග්‍රීසි හා ස්පාඤ්ඤ යන භාෂාවල ආභාෂය ලබා ඇති බව නම් සහතිකය. අති උතුම් එඩ්මන් පීරිස් රදගුරුතුමාට අනුව Paixao යන පෘතුග්‍රිසි වචනයෙන් බිදී ආවකි. මර්සලින් ජයකොඩි පියතුමා අනුව එය Passiote Chirst යන ලතින් පදයෙන් බිදී ආ බවට පෙන්වා දෙයි.
පෘතුග්‍රීසි ආගමනයෙන් මෙරට තුල ඇති කළ සංස්කෘතික දායාදයක් ලෙස පසම් හා ලතෝනි නම් කළ හැකිය. කොරොස්මය හෙවත් චතාරික සමයේ රාත්‍රී කාලය පුරාවට අති විලම්බනයෙන් ගායනා කරන මෙම භක්ති අභ්‍යාසය දෙපිලකට ඛෙදී ඉතාම ආඩම්බරයෙන් රැකගනු ලැබූ අත්පිටපතක් හෝ පසම් හා ලතෝනි මුද්‍රිත පොතක් කනප්පුවක් මත තබාගෙන මෙම භක්ති අභ්‍යාසය සිදු කෙරේ. අප සතුව ඇති ඉපැරණිම පසම් හා ලතෝනි රචනා කොට ඇත්තේ අති පූජ්‍ය ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාය. පසම් යනුවෙන් හදුන්වන්නේ දුක්ප්‍රාප්තිය පිළිබඳ රචනා කරන ලද ගීත වන අතර ලතෝනි යන දේවමාතාවන්ගේ හැඩුම් විලාපය මත රචනා වූවකි. මෙහිදී අති පූජ්‍ය ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසින් රචනා කරන ලද දුක්ප්‍රාප්ති ප්‍රසංගය දේශනා නවයේ පසම් පොත හා ලතෝනි පොත නිසා මෙම පසම් ලතෝනි යන චතාරික භක්ති අභ්‍යාසය ජනතාව අතර සුපතල විය. පසම් පිළිබද කියැවෙන තවත් මතකයක් වන්නේ දුක්ප්‍රාප්තිය ප්‍රසංගය එක විට කියවා යෑමේදී ඇතිවන විඩාවේදී දී එයට අලංකරණයක් එක් කිරිමටය. කි්‍ර. ව. 1728 දි දුක්ප්‍රාප්ති ප්‍රසංගයක්ද 1712 - 1742 අතර දේශනා නවයේ පසම් පොතත්, ලතෝනි පොතත්, සම්පාදනය කෙරිණි. පසම් හා ලතෝනි හි දක්නට ලැඛෙන භාෂා හා සාහිත්‍ය විලාසය හෙළ බොදු සිරිතේ එන වැළපුම් ගීත සාහිත්‍ය වන යසෝදරාවත, වෙස්සන්තර ජාතකය හෙවත් මළ පොත, සද කිදුරු දා කව, කුස වලප, ආදී වැළපුම් ගීත සාහිත්‍යයන්හි ආභාෂය ලබා ඊට නොදෙවෙනි වන ආකාරයෙන් ශු. බයිබලයේ ද කොටස් උපයෝගී කර ගෙන දේවමාතාවන්ගේ විලාපය පදනම් කරගෙන මෙම කෘතින් රචනා කර ඇත. සමස්ථයක් ලෙස ගත් කළ මෙම කෘතින්හි නාද මාලාවන් අධ්‍යයනය කිරිමෙි දී ඒ සමිබන්ධයෙන් මතවාද රැසක් අපට හමුවේ. ඒවා නිසා එක් එක් ප්‍රදේශවල තාල හා නාද රටා වෙනස් වේ.
ගොන්සාල්වෙස් පියතුමා විසින් නිර්මාණය කරන ලද ගීත තනුය .
ගෝව ප්‍රදේශයේ පචලිතව පැවති ගී තනුය.
මීගමුව ප්‍රදේශයේ එවකට ජනපි්‍රය වී තිබුණ දකුණු ඉන්දීය කර්ණාටක රාග තාල උපයෝගි කර තිබීම.
සිංහල රාජ සභා ඇසුරෙහි පැවති කර්ණාට සංගීතයේ තාල.
සිංහල ජන ගී නාද මාලාවන් යනාදි වේ.
මේවා ගායනා කිරිමේදී අලගොල්ලෑව, වහකෝට්ටේ, මිල්ලවාන, ගල්වෙල, නිකවැහැර ආදී කතෝලික ග්‍රාමයන් තුල ගැයෙන පසම් ගායනාවන් සදහා භාවිතාවී ඇත්තේ සිංහල ජන ගී සම්ප්‍රදායේ එන නෙඵම් කවි, පැල් කවි, වල නාද රටාවට අනුගතවය. මෙහිදි පසම් ගායනා කරන්නේ පිරිත් මඩුවක් වැනි අට්ටාලයක් තනා ගෙන ය. එහෙත් මුහුදු බඩ ප්‍රදේශවල ගෙමිදුලේ හෝ මුහුදු වෙරළේ හෝ හුදකලා ස්ථානයක කුප්පි ලාම්පුු දල්වා ගෙන පැදුරක් එලාගෙන මෙම භක්ති අභ්‍යාසය සිදු කෙරේ. රට අභ්‍යන්තර ප්‍රචලිත ගම්මානවල දේශනා නවය හා පසම් පොත පමණක් උච්චාරණය කෙරෙන අතර මුහුදුබඩ ප්‍රදේශවල මෙම කෘතින්ට අමතරව මුඛ පරම්පරාගත පසම් හා ලතෝනි ද ගායනා කෙරේ. මුහුදුබඩ ප්‍රදේශවල විශේෂයෙන් කාන්තාවෝ තම ස්වාමිපුරුෂයන් ජිවන වෘත්තිය වු ධීවර කර්මාන්තය සදහා පිටත්ව ගිය කල ඔවුහුු ඒකරාශි වී වෙරළේ සිට කුප්පි ලාම්පුු එළියෙන් පසම් ගායනා කරනු දක්නට ලැබිණි. බොහෝ විට ගායනාවක් ආරම්භ වන්නේ කයදුෂ්කාර ප්‍රාර්ථනාවෙනි. අති පුජ්‍ය ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාගෙන් පසුව මෑත යුගයේ පසම් හා ලතෝනි හි විකාශනය පිළිබදව කතා කිරීමේදී දී බොහෝ ගිහි පැවිදි පිරිස් මීට දායක වුවෝය. ඒ අය අතුරින් ඇති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා, ගරු ඇල්ෆ්‍රඩ් යන්වර් පියතුමා ගරු මර්සලින් ජයකොඩි පියතුමා, ගරු චුනවෙල් පියතුමා, හා ජේ. කේ. එස්. පෙරේරා මහත්මා හා සුනිල් ආරියරත්න ශුරීන් ඉන් කීපදෙනෙකි. මෙහි දී දුව පාස්කු නාට්‍යයට සමගාමීව 1939 දී ගරු මර්සලින් ජයකොඩි පියතුමා රචනා කරන ලද පසම් හා ලතෝනි සුවිශේෂි සAථානයක් හිමි කර ගනියි.
- ^ W. L. A. Don Peter, Studies in Ceylon Church History (The Catholic Press: Colombo, 1963, p. 31