Jump to content

ජල විද්‍යාව‍

විකිපීඩියා වෙතින්

ජල විද්‍යාව (Hydrology) යනු, පෘථිවිය පුරාම ජලයේ සංචලනය, ව්‍යාප්තිය හා ගුණත්වය අධ්‍යයනය කිරීමයි. එනම්, එමගින් ජල චක්‍රය හෙවත් ජලාවර්තන චක්‍රය හා ජල සම්පත් යන දෙකම සැලකිල්ලට ගනී. ජල විද්‍යාව හදාරන්නා ජල විද්‍යාඥයා හෙවත් Hydrologist ලෙස හඳුන්වන අතර ඔහු භූමිය, පාරිසරික විද්‍යාව, භෞතික භූගෝලීය විද්‍යාව හෝ සිවිල් සහ පාරිසරික ඉංජිනේරුකරණය යන ක්ෂේත්‍රයන් වල වැඩකරනු ලබයි.

ජල විද්‍යාවේ විෂය පථයට ජලය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබන ජලවායු ගුණ විද්‍යාව, පෘෂ්ඨීය ජල විද්‍යාව, ජල ප්‍රවාහන කළමණාකරණය සහ ජල ගුණාත්වය යනාදිය අන්තර්ගත වේ. සාගර විද්‍යාව හා කාලගුණ විද්‍යාව ඇතුළත් නොවේ. මන්දයත්, එම ක්ෂේත්‍රයන් වල ජලය යනු ඉතා වැදගත් අංශ වලින් එකක් පමණි.

ජල විද්‍යාත්මක පර්යේෂණයන් අපට වැදගත් වේ. මන්දයත්, එමඟින් අප ජීවත් වන ලෝකය මැනවින් අවබෝධ කර ගැනීමට අපට හැකියාව ලබාදේ. එසේම පාරිසරික ඉංජිනේරුකරණය, ප්‍රතිපත්ති හා සැළසුම්කරණය පිළිබද දැනුමක් ලබාදේ.


ඉතිහාසය

[සංස්කරණය]

සහඝ්‍රයේ ගවේෂණාත්මක හා ඉංජිනේරුමය විෂයක් ලෙස ජල විද්‍යාව හැදින්විය හැකිය. උදාහරණයක් ලෙස ක්‍රි.පූ. 4000දී පමණ, කලින් මුඩු බිම් බවට පත්ව තිබූ ඉඩම්වල කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහල නැංවීම පිණිස නයිල් ගඟ හරහා වේල්ලක් ඉදිකරන ලදී. මැටියෙන් සාදන ලද තාප්ප නිසා මෙසපොටේනියානු නගරයන් ගංවතුරෙන් ආරක්ෂා විය. ශ්‍රික් ජාතිකයන් හා රෝම ජාතිකයන් වාරිමාර්ග/ඇළ මාර්ග ගොඩනඟා තිබේ. චීන ජාතිකයන්ද වාරිමාර්ග හා ගංවතුර පාලන කටයුතු පාලන කටයුතු කළ බවට චීන ඉතිහාසය සාක්ෂි දරයි. අතීත සිංහල ජාතිකයන්ද ශ්‍රී ලංකාව තුළ සංකීර්ණ වාරිමාර්ග කටයුතු ගොඩ නැංවීම සඳහා ජල විද්‍යාව භාවිතා කර තිබේ. විශාල ජලාශයන් අමුණු හා ඇලවල් ඉදි කිරීමට හැකියාව ලබාදුන් “බිසෝ කොටුව” සොයාගැනීම සම්බන්ධයෙන්ද ඔවුන් ප්‍රසිද්ධියක් උසුලයි. වැදගත්දෙය වන්නේ, මේවා දැනටමත් ක්‍රියාත්මක වෙමින් පැවතීමයි.

ක්‍රි.පූ. 1වන සියවසේදී Marcus Vitruvius විසින් ජලවර්තන චක්‍රය පිළිබද දාර්ශනික න්‍යායන් විස්තර කරමින් කියා සිටියේ කඳුවලට පතනය වන වර්ෂාව පොළව මතු පිටට උරාගෙන පහත් බිම්වල උල්පත් වලට හා ගංගා වලට එකතුවන බවයි. වඩාත් විද්‍යාත්මක ප්‍රවේශයක් යොදා ගනිමින් ලියනාඩෝ ඩාවින් (Leonardo davinchi) සහ බර්නාඩ් පැලිසි (Bernard Palissy) ස්වාධීන ජල වර්ධන චක්‍රය පිළිබදව නිරවද්‍ය ඉදිරිපත් කිරීමකට එලඹෙන ලදී. ජල විද්‍යාත්මක විචල්‍යයන් ප්‍රමාණගත කිරීම ආරම්භ කල 17 වන සියවස තෙක් එය නොතිබිණි.

ජල විද්‍යාව පිළිබද නවීන විද්‍යාවේ ප්‍රමුඛයන් අතරට පියරේ පෙරෝල්ට් (Pierre Perrault), Edme Mariottle, එඩ්මන් හැලී (Edmund Hally) ඇතුලත් වේ. වර්ෂාපතනය, අතිරික්තය ජල ප්‍රවාහන ක්ෂේත්‍රයේ (කාණු/අඟල්) මිනුම්කරමින් සේන් නදියේ ජලප්‍රවාහයට වර්ෂාපතනය ප්‍රමාණවත් බව පෙරොල්ට් (Perrault) විසින් පෙන්වා දෙන ලදි. Mariottle විසින් ප්‍රවේශය සහ නදියේ හරස්කඩ පිළිබද මිනුම් සංයෝග කරමින් සේන් නදිය සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට උත්සාහ කරන ලදී.

ජල විද්‍යාවේ ශාකා

[සංස්කරණය]

රසායනික ජල විද්‍යාව යනු ජලයේ රසායනික ගති ලක්ෂණ අධ්‍යයනය කිරීමයි. පාරසරික ජල විද්‍යාව යනු ජීවීන් සහ ජල චක්‍රය පිළිබඳව අන්තර් ක්‍රියා අධ්‍යයනය කිරීමයි. ජල භූගෝල විද්‍යාව යනු ජලයේ ජල ධාරාවල පැවැත්ම හා චලනයන් පිළිබඳව අධ්‍යයනය කිරීමයි. ජල තොරතුරු තාක්ෂණය යනු තොරතුරු තාක්ෂණය ජල විද්‍යාවට අනුවර්තනය කරමින් ජල සම්පත් හා යෙදවුම් පිළිබඳව අධ්‍යයනය කිරීමයි. ජල මානව විද්‍යාව යනු ජලය හා ශක්තිය භූමිය හා ජල දේහ මතු පිටින් හා ශුද්‍ර දේශ ගුණයන් යටතේදීත් හුවමාරුවීම පිළිබඳව අධ්‍යයනය කිරීමයි. සමස්ථානික ජල විද්‍යාව යනු ජලයේ සමස්ථානික ගති ලක්ෂණ පිළිබඳව අධ්‍යයනය කිරීමයි. මතුපිට ජල විද්‍යාව යනු පොලව මතුපිට ජල විද්‍යාත්මක ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යයනය කිරීමයි.

අදාල ක්ෂේත්‍ර

[සංස්කරණය]
  • ජල රසායන විද්‍යාව
  • සිවිල් ඉංජිනේරු විද්‍යාව
  • කාලගුණ විද්‍යාව
  • පාරසරික ඉන්ජිනේරු විද්‍යාව
  • ජලීය විද්‍යාව
  • ද්‍රවස්ථිතික ඉංජිනේරු විද්‍යාව
  • භූරූප විද්‍යාව
  • තඩාර්යය විද්‍යාව
  • සාගර විද්‍යාව
  • භෞතික භූ විද්‍යාව.

ජල මිනුම්

[සංස්කරණය]

පෘථිවිය තුළ ජලයේ චලනයන් ආකාර ගණනාවකින් මැනිය හැක. මෙම තොරතුරු ජල සම්පත් පිළිබඳව අධ්‍යයනයට හා ජල චක්‍රයේ ක්‍රියාකාරකම් අධ්‍යයනයට වැදගත් වේ. පහත දී ඇති අයිතම ලැයිස්තුවේ ජල විද්‍යාඥයින් විසින් යොදා ගන්නා උපකරණ සහ ඒවායේ භාවිතයන් පිළිබඳව දක්වා ඇත. ඩිස්ට්‍රෝමීටරය වර්ෂණ රටාවන් අධ්‍යයනය වාෂ්පකරණය සයිමන්ගේ වාෂ්පීකරණ තැටිය කාන්දු මීටරය කාන්දු වීම්, පේසෝ මීටරය භූගත ජල පීඩනය හා භූගත ජල ගැඹුර ජලධාරා පරීක්ෂණ මගින් සෙවීම. රේඩාර් වළාකුළු ගති ලක්ෂණ වර්ෂණ සීඝ්‍රතා ගණනය කිරීම තුෂර හා හිම හඳුනා ගැනීම. වර්ෂා මානය වර්ෂණය සහ හිම වැටීමට අදාලයි. චන්ද්‍රිකා වසින ප්‍රදේශ හඳුනා ගැනීම වර්ෂණ සීඝ්‍රතාව ගණනය කිරීම, භූගත ආර්ද්‍රතාවය ආවරණය වන භූමිය හා භාවිතා වන භූමිය යන තොරතුරු සෙවීමට. සිලින් සයික්‍රෝමීටරය ආර්ද්‍රතාවය මැනීමට ප්‍රවාහ පරිමාණය, ප්‍රවාහ ගලායෑම සෙවීමට ටෙන්සියෝ මීටරය පසේ තෙතමනය මැනීමට, කාලපරායත පරාවර්තන මීටරය පසේ තෙතමනය මැනීමට ධාරිතා ඒෂණය පසේ තෙත මනය මැනීමට.

"https://si.wikipedia.org/w/index.php?title=ජල_විද්‍යාව‍&oldid=538670" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි