ජලය පිළිබඳ නීතිය

විකිපීඩියා වෙතින්

ජලය පිළිබඳ නිතීමය භාරකාරත්වය යනු පාලනය සහ සම්පතක් ලෙස ජලයේ භාවිතය ගැන ඇත්තා වු නීතිරීති සමූහයකි. එය බොහෝ සෙයින් දේපල පිළිබඳ නීතියට ආසන්න වන නමුත්, පාරිසරික නීතිය මඟින් ද එය සන්නද්ධ වී තිබේ. මීට හේතුව වන්නේ ජලය සියලු ජීවින්ට අත්‍යාවශ්‍ය නිසා සහ ආර්ථික කටයුතු කෙරේ ද අත්‍යවශ්‍ය වු බැවිනි. එබැවින් ජලය පිළිබඳව සඟවා ඇති නීති විශාල අයුරින් ප්‍රතිඵල මත බලපාන ලෙස පාලනය කිරීමට උත්සාහ දරයි.


ජලය සතු විශේෂ ගුණාංග, භූමිය සඳහා නිර්මාණය වූ නීති මඟින් හැසිරවීමට අපහසු වී තිබේ. ඊට හේතුව ජලය ජංගම මාධ්‍යයක් වීමයි. ඇතැම් ප්‍රදේශවලට බලපාන සෘතු අනුව, ප්‍රදේශ අනුව හා යම් යම් කාලයන් අනුව ජල සැපයුම පාලනය වන අතර සමහරක් ප්‍රදේශයන්ට නොකඩවා ජල සැපයුම ලැබේ . භූමිය පිළිබඳවු නීති සමඟ සසඳන විට ජලය පිළිබඳ අයිතින් “කෝටු කැබලි මිටියක්” සේ විවිධ පරාසයන්ගෙන් යුතු නීතිරීති ඇති, නොයෙක් ලෙස වෙන්කොට හඳුනා ගත හැකි ක්‍රියාකාරීත්වයන්ගෙන් සමන්විතය. ගොවිතැන වැනි කාර්යයන්ට අධික ලෙස ජලය භාවිතා කරයි. සමහරක් අවස්ථාවන්හිදී ස්වාභාවික ජල සම්පත් යොදා ගෙන බලශක්තිය උපදවන අතර එහිදී වැයවූ ජල ප්‍රමාණයම නැවත ලබාදෙයි. (උදා: ජල විදුලි බලාගාර). ඒ අතර ඇතැමුන් ජලයෙහි ස්ථානීය වෙනසක් නොකරම ප්‍රයෝජනයට ගනී. (උදා: බෝට්ටු පැදීම). සෑම ක්‍රියාකාරකමක්ම එයටම වෙන්වු අවශ්‍යතාවන් වෙන්කර නියාමනය කළ හැකි හේතු සාධකයන් මවති. දැන් ජලය ගබඩා කිරීම පිළිබඳ විවිධ මත ගැටුම් පවති. ජලයේ වාමාවර්නය නිසා අනෙකුත් පුද්ගයන් සඳහා ඇති ජල ප්‍රමාණය අවම කරයි. දූෂණය නිසා හෝ වෙනත් කරුණු නිසා (උදා:- උෂ්ණත්වය, වාෂ්පිභවනය ) මෙය වෙනත් පුද්ගලයන්ට සුදුසු නොවන තත්ත්වයට ජලය පත්කරනු ඇත.


ඉතිහාසයේ පාඩමක් ලෙස දැක්වෙන ලෙසට Oriental Despotism නම් වැදගත් පුස්ථකයක් මඟින් ඉදිරිපත් කර ඇති ආකාරයට මධ්‍යම අධිකාරය වටා ඒකරාශි වූ බොහෝ අධිරාජ්‍යයන් ජල සැපයුමේ ඒකාධිකාරිත්වයට පත් කිරීමෙන් ජනගහනය පාලනය කිරීමට උත්සාහ කළේය. වායුමය අධිරාජ්‍යය සෛවරී පාලනයට හා ජලය පිළිබඳ අවදානම් නීතිරීති නිර්මාණය කිරීමට දායක විම සඳහා ප්‍රවණතාවයක් ඇති කළේය. ලෝකයේ සමහරක් ජනගහනය ශීග්‍ර ලෙස ඉහළ යන හා ස්වාභාවික සම්පත් වලින් හීන රටවල්ද මෙම ජලයට අදාල නීති පිළිබඳව නොයෙක් මත සම්මත කරගනියි. එමෙන්ම දේශ සීමාවන් හරහා වැටි තිබෙන ජල උල්පත්, ගංගා, වැ‍ටි අරඹයා ආරවුල්ද ඇතිවේ. ජලය පිළිබඳ නීතිය රටවලට අනුව ඝට්ටනය වුයේ එය සඳහා අන්තර්ජාතික ලෙස යෝජනා කරන ලද අන්තර්ජාතික ගංගා වලින් ප්‍රයෝජන ගැනීම පිළිබඳ ජල නීතියයි. (Hague ගේ 21 වන සියවසේ ජල ආරක්ෂාව)


සටහන්[සංස්කරණය]

Water law Further reading

"https://si.wikipedia.org/w/index.php?title=ජලය_පිළිබඳ_නීතිය&oldid=472293" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි