ජපානයෙහි භූතාපජ බලශක්තිය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
මට්සුකාවා භූතාපජ බලාගාරය, ජපානයෙහි පළමු වාණිජ භූතාපජ බලාගාරය

ඊෂු-බුනින්-මරියානා චාපයට එහි සමීපත්වය නිසාම, භූතාපජ බලශක්තිය සැපයීම කෙරෙහි වාසිදායක භූමිභාගයන් කිහිපයක් ජපානය සතුව පවතියි. 2007 වසර වන විට, ජපානය සතුව 535.2 MW පිහිටුවුනු විදුලි ජනක ධාරිතාවක් වූ අතර, එය ලෝකයෙහි මුළු ප්‍රමාණයෙන් 5% පමණ විය.[1][2] රටෙහි බලශක්ති පාර්ශවයෙහි සුළුතර භූමිකාවක් භූතාපජ බලශක්තිය විසින් ඉටුකරයි: 2013 වසර වන විට එය විසින් 2596 GWh ප්‍රමාණයක විදුලිය සැපයූ අතර, එය රටෙහි සම්පූර්ණ විදුලි සැපයුමෙන් 0.25% පමණ විය.[3]

1990 ගණන් වල මැද භාගයෙහි පටන්, නව භූතාපජ බලාගාරයන්හී සංවර්ධන කටයුතු ඇණහිටුනු අතර, එසේ වූයේ ප්‍රධාන වශයෙන් ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ බලවත් විරෝධය නිසාවෙනි. බොහෝ විභව්‍ය අඩවි පිහිටා තිබුණේ රජය-විසින්-රක්ෂිත ප්‍රදේශයන්හී සහ සංචාරකයන් පැමිණෙන ස්ථානයන්හී වූයේ, සාම්ප්‍රදායික උණුදිය උල්පත් හෝ ඔන්සෙං එහි පැවැති නිසාය.[4][2] මෙම පෙදෙස්හී ප්‍රාදේශීය ප්‍රජාවන් බොහෝ විට සංචාරකයින් ඔන්සෙං වෙත පැමිණීම නිසා ලැබෙන ආදායම මත යැපුනු අතර, භූතාපජ සංවර්ධන කටයුතු වලට විරුද්ධත්වයක් දැක්වූයේ, මෙම කර්මාන්තය විසින් ස්වභාවික සෞන්දර්යය මත සිදු කල හැකි සෘණාත්මක බලපෑම සහ එය නිසා සංචාරක ව්‍යාපාරය සහ ප්‍රාදේශීය ආර්ථිකයට එය විසින් සිදු කල හැකි හානිය නිසාවෙනි.[5][6] කෙසේවෙතත්, ෆුකුෂිමා ව්‍යසනයෙන් අනතුරුව සහ ඉන්පසුව රටෙහි බොහෝ න්‍යෂ්ටික බලාගාර වැසී යෑමෙන් අනතුරුව ඇතිවූ ජපාන බලශක්ති අර්බුදය නිසාවෙන්, මෑත වසර කිහිපය තුලදී භූතාපජ බලශක්තිය කෙරෙහි උනන්දුව වැඩිවීමක් දක්නට ලැබිණි. මේ අවස්ථාව වන විට, ව්‍යාපාර ප්‍රජාවන් සහ රජය විසින්, නව භූතාපජ බලශක්ති ප්‍රවර්ධනය සඳහා භව්‍ය අඩවි 60 කට වැඩි ප්‍රමාණයක් පිළිබඳව කටයුතු සිදු කරමින් පවතියි. 23 GW ප්‍රමාණයක සම්පූර්ණ භූතාපජ බලශක්ති ධාරිතාවක් ඇස්මේන්තුගත කර ඇති අතර, එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාවෙන් අනතුරුව, එය ලෝකයේ තුන්වන ස්ථානයෙහි පවතියි.[4] ඇස්මේන්තුවක් විසින් අඟවනුයේ, උණු දිය ලිං සහ උල්පත් 1,500 පමණ විසින් 723 MWe පමණ අමතර ධාරිතාවක් ජනිත කරන බවයි.[2]

බලාගාර[සංස්කරණය]

ජපාන දිවයින්හී භූතාපජ බලාගාර

2003 වසර වන විට, ජලානයෙහි ස්ථාන 18 ක භූතාපජ බලාගාර 20 ක් ක්‍රියාත්මකව පැවතිණි.[7][8][2]

නම ධාරිතාව (MWe) වසර සටහන්
මෝරි 50 1982
ඔනුමා 9.5 1974
සුමිකාවා 50 1995
මට්සුකාවා 23.5 1966
කකොන්දා 1 හා 2 80 1978-1995
ඌනොතායි 28.8 1994
ඔනිකෝබේ 15 1975
යනයිසූ-නිෂියාමා 65 1995
හෂිජෝ-ජිමා 3.3 1999
සුගිනෝයි 1.9 1981
තකිගාමි 25 1996
ඕතකේ 12.5 1967
හචොබාරු 1 & 2 112 1977-2006
කුජු 0.99 1998
තකෙනෝයු 0.1 1991 වසා දමා ඇත
කිරිෂිමා-කොකුසායි 0.1 1984 දැනට නවතා ඇත
ඔගිරි 30 1996
යමගාවා 30 1995

තාක්ෂණය[සංස්කරණය]

1995 මාර්තුවෙහිදී 30 MW ධාරිතාවක් සහිතව ආරම්භවූ යමගාවා භූතාපජ බලාගාරය. වෙරළ අසබඩ සහ පැතලි භූමියේ පිහිටා ඇති බලාගාර සුළු ප්‍රමාණය අතුරින් එකකි එය.[7]

භූතාපජ මූලාශ්‍රයන් ගවේෂණය, ප්‍රවර්ධනය, ප්‍රයෝජ්‍යකරණය සහ මන්තුකරණය සඳහා, ජපානය විසින් ප්‍රගත තාක්ෂණයන් සංවර්ධනය කරන ලදි.[2] දේශිය භූතාපජ අංශයෙහි ස්ථවික ස්වභාවය නිසා, මෙම තාක්ෂණයන් බොහෝමයක් මෑත වසර කිහිපය තුලදී පාරසමුද්‍රික සංවර්ධන ව්‍යාපෘතින්හී භාවිත කර ඇත.[4] අවසන් වසර 10 තුලදී, ලොව භූතාපජ බලාගාරයන්හී භාවිතා කෙරුණු ටර්බයිනයන්ගෙන් 67% පමණ ප්‍රමාණයක්, ජපානය විසින් සපයා ඇත.[2]

ඉතිහාසය[සංස්කරණය]

1925 වසරෙහිදී, ඌයිටා ප්‍රාන්තයෙහි බෙප්පුහිදී, රටෙහි පළමු පරීක්ෂණාත්මක භූතාපජ බලාගාරය විවෘත කෙරිණි. කෙසේවෙතත්, දෙවන ලෝක යුද්ධය නිසා, භූතාපජ බලශක්තිය පිළිබඳ පර්යේෂණ මන්දගාමී විය. පළමු පූර්ණ පරිමාණ භූතාපජ බලශක්ති ජනනාගාරය වූයේ, නිහෝන් හෙවි කෙමිකල් ඉන්ඩස්ට්‍රියල් කොර්පරේෂන් වෙත අයිතිව තිබූ, ඉවාතේ ප්‍රාන්තයෙහි මට්සුකාවා බලාගාරයයි. මෙම බලාගාරය 1966 දී ක්‍රියාත්මක වූයේ 9.5 MW ධාරිතාවක් සහිතවය.[7]

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. බර්ටානි, රුජේරෝ (සැප්තැම්බර් 2007), "කැරැක්ටරිස්ටික්ස්, ඩිවලප්මන්ට් ඇන්ඩ් යුටිලයිසේෂන් ඔෆ් ජියෝතර්මල් රිසෝර්සර්ස්" (PDF), ජියෝ-හීට් සෙන්ටර් ක්වාටර්ලි බුලටින්, ක්ලාමාත් ෆෝල්ස්, ඔරිගන්: ඔරිගන් ඉන්ස්ටිට්‍යුට් ඔෆ් ටෙක්නලජි, 28 (2), pp. 1–9, ISSN 0276-1084, retrieved 2009-04-16
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 "ජියෝතර්මල් එනර්ජි. ජැපෑන්: රිසෝරසර්ස් ඇන්ඩ් ටෙක්නලජීස්" (PDF). ද ජියෝතර්මල් රිසර්ච් සොසයිට් ඔෆ් ජැපෑන්. Retrieved 11 නොවැම්බර් 2015.
  3. "ජැපෑන්: ඉලෙක්ට්‍රිසිටි ඇන්ඩ් හීට් ෆෝ 2013". www.iea.org. ජාත්‍යන්තර බලශක්ති කාර්යාංශය (IEA). Retrieved 11 නොවැම්බර් 2015.
  4. 4.0 4.1 4.2 ඩෙමෙට්‍රියූ, ඩැනියෙල් (16 මාර්තු 2014). "ජඅපෑන්ස් ෆර්ස්ට් නිව් ජියෝතර්මල් පවර් ප්ලාන්ට් ඉන් 15 ඉයර්ස් ටු ඕපන් නෙක්ස්ට් මන්ත්". ද ටෙලිග්‍රාෆ්. http://www.telegraph.co.uk/finance/newsbysector/energy/oilandgas/10701440/Japans-first-new-geothermal-power-plant-in-15-years-to-open-next-month.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 නොවැම්බර් 2015. 
  5. "ජැපනීස් ස්පා ටවුන් ඉන් අ ලෙදර් ඕවර් ජියෝතර්මල් ප්ලෑන්ස්". ද ගාර්ඩියන්. 7 පෙබරවාරි 2009. http://www.theguardian.com/world/2009/feb/07/geothermal-power-stations-japan. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 නොවැම්බර් 2015. 
  6. "ජැපෑන්ස් ස්පා ලවර්ස් ෆුවල් ෆයර් අගේන්ස්ට් ජියෝතර්මල් ජයන්ට්ස්". ද ග්ලෝබ් ඇන්ඩ් මේල්. 20 සැප්තැම්බර් 2008. http://www.theglobeandmail.com/report-on-business/japans-spa-lovers-fuel-fire-against-geothermal-giants/article955625/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 නොවැම්බර් 2015. 
  7. 7.0 7.1 7.2 කවාසෝවෙ, සෙයිකි. "ජියෝතර්මල් ජැපෑන් - හිස්ට්‍රි ඇන්ඩ් ස්ටේටස් ඔෆ් ජියෝතර්මල් පවර් ඩිවලප්මන්ට් ඇන්ඩ් ප්‍රඩක්ෂන්" (PDF). ජිවෝතර්මල් රිසෝසර්ස් කවුන්සිල්. Retrieved 11 නොවැම්බර් 2015.
  8. කිම්බාරා, කේ.; ටකාහාෂි, එම්. (මැයි 1996). "ද සීරීස් ඔෆ් ද ජියෝතර්මල් පවර් ස්ටේෂන්ස් ඉන් ජැපෑන්". චිසිස්ටු නිවුස්. 501. Retrieved 2009-10-18.

බාහිර සබැඳි[සංස්කරණය]