ජපන් සංස්කෘතිය

විකිපීඩියා වෙතින්

ජපානයේ සංස්කෘතිය ප්‍රාග් ඓතිහාසික ජෝමොන් යුගයේ සිට ආසියානු, යුරෝපීය සහ උතුරු ඇමරිකානු ආභාෂය ලබන සමකාලීන නූතන සංස්කෘතිය දක්වා වන සහශ්‍රය පුරා මහත් සේ වෙනස් වී ඇත.

ජපානයේ ක්‍රි.පූ. 1000ත් 300ත් අතර කාලයේ ජපානයේ පදිංචි වූ යයොයි ජනයාගෙන් ජපන් දේශීය සංස්කෘතිය මූලිකව ම හට ගනී. යයොයි සංස්කෘතිය ස්වදේශික ජෝමොන් සංස්කෘතියත් සමඟ මුසු වී ප්‍රධාන දූපත වන හොන්ෂූ වෙත සීග්‍රයෙන් ව්‍යාප්ත විය. තක්සේරුගත පරිදි, නූතන ජපන් ජනයාගෙන් 80% ක් යයොයි පරම්පරානුගත වන අතර 20% ක් ජෝමොන් පරම්පරානුගත වේ.

මූලිකව ම ජපන් සංස්කෘතියට පුරාතනයේ සිට මධ්‍යතන යුගය දක්වා බහු චීන රාජවංශයන්ගේ මෙන් ම සුළු වශයෙන් අනෙකුත් ආසියාතික රටවල ආභාසය ද ලැබිණි. නිදසුනක් ලෙස, ජපන් භාෂාව ලේඛනය සඳහා චීන අක්ෂර (කන්ජි) භාවිත කරන නමුදු, ජපන් භාෂාවෙහි උපත හා සම්බන්ධයක් චීන භාෂාවට නොමැත. මෙයිජි යුගයේ සිට ආසන්න-සමකාලීන ඉතිහාසයේ ජපානයට මූලික වශයෙන් බටහිර රටවල ආභාසය ලැබිණි. පුනරාවර්ත බලපෑම, අවශෝෂණය සහ විවිධාකාර තෝරාගැනීම් සුවිශේෂී මෙන් ම අද්විතීය සංස්කෘතික සංවර්ධනයක සාධක ලෙස එක්කර ඇත.

ජපන් වැසියෝ ''තොකුවා ෂොගුනතේ'' හි ''කාල නෞකා''වල ආගමනය සහ මෙයිජි යුගය දක්වා අවුරුදු 220ක් පුරා පිටස්තර ලෝකයෙන් සාපේක්ෂ දීර්ඝ කාලීන හුදෙකලා බවක් අත්වින්දහ. අද ජපන් සංස්කෘතිය ප්‍රධාන වශයෙන් එම සංස්කෘතියේ ගෝලීය ප්‍රවේශය හේතුවෙන් ලෝකයේ ප්‍රමුඛ සහ වඩාත් කැපී පෙනෙන සංස්කෘතීන් අතරින් එකක් ලෙස පවතී.

*භාෂාව :[සංස්කරණය]

ජපන් භාෂාව ජපානයේ රාජ්‍ය මෙන් ම ප්‍රධාන භාෂාව වේ. ජපන් භාෂාව ශබ්දය අතින් වෙනස් වූ ස්වර උච්චාරණ පද්ධතියකින් සමන්විත ය. පැරණි ජපන් ජනයාගේ ප්‍රධාන කෘති ත්‍රිත්වය සම්පාදනය වූ විට ජපානය එහි අට වන සියවසෙහි තත්ත්වය මත පදනම් ව බොහෝ විට හඳුන්වනු ලැබිණි. ජපන් භාෂාව පිළිබඳ පැරණිත ම සහතිකය ක්‍රි.ව. 252 දී ලියැවුණු චීන ලේඛනයක දැක්වේ. ජපන් භාෂාවට චීන භාෂාව සමඟ එහි උපත හා සම්බන්ධතාවක් නොමැත. එය අයත් වන්නේ ''ජැපොනික්'' භාෂා නමැති හාත්පසින් ම වෙනස් වූ භාෂා පවුලකට ය. කෙසේ වෙතත්, එය ලේඛනයේ දී චීන අක්ෂර හෝ (漢字) භාවිතය පුළුල් කරයි. ජපන් භාෂාව හිරඟන සහ කතකන යන අක්ෂර මාලා දෙකක එකතුවෙන් ලියනු ලබන අතර එය පස් වන සියවසේ චීන 'මන්යෝගනා' වලින් උපත ලැබී ය. මුලින් ම හිරගන සහ කතකන කන්ජිවලින් සරල කරනු ලැබිණ. නව වන සියවස අවට යම් කලක දී හිරඟන ඉපැදිණි. එය ප්‍රධාන වශයෙන් කාන්තාවන් විසින් අවිධිමත් භාෂාව තුළ භාවිත කරනු ලැබී ය. කතකන ප්‍රධාන වශයෙන් පිරිමින් විසින් විධිමත් භාෂාව සඳහා භාවිත කරන ලදී. දස වන සියවස වන විට, එය සාමාන්‍ය වූ අතර සියල්ලන් විසින් භාවිතයට ගනු ලැබී ය. ක්‍රි.ව. 50 අවට කාලයේ දී චීන අක්ෂර හඳුන්වා දෙන තෙක් ජපානයට ලිඛිත ව්‍යවහාරයක් නොමැති වූ බැවින් චීනයෙන් ආනයනය කරන ලද චීන අක්ෂර 'කන්ජි' යනුවෙන් හැඳින්වේ. එය ප්‍රධාන වශයෙන් නාම පද, නාම විශේෂණ ප්‍රකෘති හා ක්‍රියා ප්‍රකෘති සඳහා භාවිත වෙයි. සියවස් ගණනක සංවර්ධනයෙන් පසු, නූතන චීන බසෙහි භාවිත වන හැන්සි(z)වල වෙනස් අර්ථ දරන, නූතන ජපන් බසෙහි භාවිත වන සැලකිය යුතු කන්ජි ප්‍රමාණයක් පවතී. ජපන් බසෙහි සරල කළ චීන අක්ෂර ඉතා අවම වන අතර සාමාන්‍යයෙන් මිනිස්සු ඉතා අඩුවෙන් කන්ජි භාවිත කරති.

ලතින් අක්ෂර මාලාව වන 'රෝමජි' ද නූතන ජපන් භාෂාවේ විශේෂයෙන් සමාගම් නාම සහ ලාංඡන, වෙළෙඳ ප්‍රචාරක දැන්වීම් සහ ජපන් බසින් පරිගණකගත කිරීම් කරන විට නිරන්තරයෙන් භාවිත වේ. හින්දු-අරාබි සංඛ්‍යා සාමාන්‍යයෙන් අංකනය සඳහා භාවිත කරන නමුදු, සාම්ප්‍රදායික සිනෝ-ජපන් සංඛ්‍යා ද සුලබ වේ.

*ආගම :[සංස්කරණය]

ලෞකික නත්තල එහි පුළුල් ව පැතිර ඇති අතර සුළුතරය ලෙස ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ප්‍රජාවන් පවතින නමුදු, ෂින්ටෝ ආගම සහ බුදුදහම ජපානයේ ප්‍රමුඛ ආගම් වේ.

  • ෂින්ටෝ ආගම:-

ෂින්ටෝ යනු උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර ඉලක්ක කරගත් ජනවාර්ගික ආගමකි. ෂින්ටෝ අනුගාමිකයෝ ෂින්ටෝ දෙවියා ('කමි') හෝ ආත්මය, ගස්ගල් සහ කඳු ඇතුළු ස්වභාවධර්මය තුළින් ඉස්මතු වන්නේ යැයි විශ්වාස කරති. මිනිසුන් ද දෙවියන් සේ සැලකිය හැකි ය. ෂින්ටෝහි එක් අරමුනක් වන්නේ මිනිසා, සොබාදහම සහ දෙවියා අතර සබඳතාවක් පවත්වා ගැනීම ය. අනුගාමිකයන් දෙවියන් පිදීම සඳහා සිද්ධස්ථාන ඉදිකිරීමෙන් පසු ක්‍රි.ව. 6 වන සියවසට පෙර ජපානයේ ආගම සංවර්ධනය විය.

  • බුදුදහම :-

බුදුදහම ක්‍රි.පූ. 6 වන සහ 4 වන සියවස් අවට කාලයේ දී ඉන්දියාව ආසන්නයේ ගොඩනැගුණු අතර, අවසන චීනය හා කොරියාව පුරා ව්‍යාප්ත විය. එය ක්‍රි. පූ. 6 වන සියවසේ දී ජපානයට ව්‍යාප්ත වූ අතර ආරම්භයේ දී ජනප්‍රිය නොවුණි. බොහෝ ජපන් ජනයාට බුදුදහමෙහි ඉදිරිපත් කෙරෙන ගැඹුරු දාර්ශනික පණිවුඩ තේරුම් ගැනීම අපහසු විය. කෙසේ වෙතත්, දහම ජනප්‍රිය වීමට හේතු වූ බවට විශ්වාස කෙරෙන පරිදි ආගමික කලාව අගය කිරීමක් ඔවුන් සතු විය. බුදුදහම මරණින් මතු ආත්මය හා ජීවිතය සමඟ බැඳී පවතී. දහමට අනුව, සෑම පුද්ගලයකු ම රෝගී වීම, වයස්ගත වීම, මරණය හා අවසන පුනර්භවයෙන් නව ජීවයක් ලැබීම නමැති සංසාර චක්‍රයක ගමන් කරන බැවින් පුද්ගලයකුගේ තරාතිරම වැදගත් නොවේ. මිනිසාට වඩාත් යහපත් වූ අනාගතයක් ලබා ගත හැකි එක් මාර්‍ගයක් වනුයේ මිනිසා ජීවිත කාලය තුළ දී අත්විඳි 'දුක' යි. පරම අරමුණ වන්නේ සියලලෙහි අභ්‍යන්තරය පිළිබඳ සත්‍යාවබෝධය ලැබීමෙන් මරණය සහ පුනර්භවයෙන් මිදීම වේ.

*ජාතික ස්වභාවය :[සංස්කරණය]

ජපන් ''ජාතික ස්වභාවය'', 'නිහොන්ජින්රොන්' යන පදය යටතේ 'න්‍යායයන්/ ජපන් ජනයා පිළිබඳ සාකච්ඡා' යන වචනාර්ථයෙන් ලේඛනගත කරනු ලැබ ඇති අතර සමාජ විද්‍යාවේ, මනෝ විද්‍යාවේ, ඉතිහාසයේ, වාග් විද්‍යාවේ සහ දර්ශනයේ සාමාන්‍ය කරුණු එහි පෙළ වෙත යොමු වන නමුදු, ජපන් සුවිශේෂත්වය ලේඛකයාගේ උපකල්පිත ‍හෝ ප්‍රත්‍යක්ෂ ඉස්මතු කිරීමෙන් පිළිබිඹු වේ. පිටරැටියන්, ජනමාධ්‍යවේදීන් සහ උගතුන් විසින් අවධාරණය කළ නිදසුන් ද ලියා ඇති නමුදු මේවා ජපන් ජනයා ජපානයේ දී කැපීපෙනෙන අයුරින් රචනා කර ඇත.

*සාහිත්‍යය :[සංස්කරණය]

චීනය සහ චීන සාහිත්‍යය සමඟ සංස්කෘතික සබඳතා සාමාන්‍යයෙන්, පෞරාණික චීන බසින් ලියැවී ඇති පැරණි ජපන් සාහිත්‍යයට බොහෝ සෙයින් බලපාන ලදී. අවසන, ජපන් ලේඛකයන් ජපානය පිළිබඳ ව ඔවුනගේ කෘති රචනා කිරීම නිසා ජපන් සාහිත්‍යය එයට ම අනන්‍ය වූ වෙනස් ම ආකාරයකින් වර්ධනය විය. 19 වන සියවසේ දී ජපානය එහි වරායන් බටහිර වෙළඳාමට සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා නැවත විවෘත කළ බැවින් බටහිර හා නැගෙනහිර සාහිත්‍යය ශක්තිමත් ලෙස එකිනෙක හා සම්බන්ධ වූ අතර ඉදිරියටත් එසේ පැවතෙනු ඇත.

*දෘශ්‍ය කලා :[සංස්කරණය]

ජපන් ලේඛන කලාව :-

ලිහිල් ව නික්මෙන පරිදි පින්සලෙන් ජපන් අක්ෂර ඇඳීම සාම්ප්‍රදායික කලාංගයක් ලෙස මෙන් ම ලිඛිත තොරතුරු ප්‍රදානය කිරීමේ අරමුණෙන් යුතු වූවක් බව පෙනේ. ලේඛනයක් ඡේද, කවි, කතාන්දර හෝ තනි අක්ෂරවලින් වුව ද සමන්විත විය හැකි ය. ලේඛන ක්‍රමය සහ ආකෘතිය, ලේඛන ස්වභාවය හා ඉරි කැබලි පියවරයන්ගේ වේගයට ඉලක්ක කර අනුකරණය කළ හැකි ය. ඇතැම් අවස්ථාවල දී, එක් අක්ෂරයක අපේක්ෂිත බලපෑම නිපදවා ගැනීමට නම් සිය වතාවකට වඩා වැඩියෙන් උත්සාහ කළ යුතු නමුදු, කෘතිය නිමවීමේ ක්‍රියාවලිය අවසන් නිමවුමෙහි කලාවක් ලෙස සැලකේ. මෙම ලේඛන කලාව 'ලියන අයුරු හෝ ලේඛන කලාව' ලෙස වචනාර්ථයෙන් හැඳින්වෙන 'ෂොදෝ' (書道) නමින් හෝ බොහෝ විට 'අක්ෂර ලියන ආකාරය ඉගෙනීම' යන අරුතින් 'ෂූජි' (習字) නමින් හැඳින්වේ. සාමාන්‍යයෙන් අවුල් වූ ලේඛන කලාව , යම් දර්ශනයක් හෝ වස්තුවක් සිතුවම් කිරීමේ කලාවක් වන, වචනාර්ථයෙන් 'තීන්ත සිතුවම' යන අර්ථය ඇති 'සුමි-එ' (墨絵) ලෙස හැඳින්වෙන කලා ස්වරූපයකි.

ඉකෙබනා :-

ඉකෙබන (生け花) යනු ජපන් මල් සැකසුම් කලාව වේ. එය එහි ඉලක්කය වන සමගිය, වර්ණ භාවිතය, රිද්මය සහ දර්ශනීය සරල රටාව හේතුවෙන් ජාත්‍යන්තර ව පැතිර ගිය කීර්තියක් හිමි කරගෙන සිටියි. එය ඍතු පිළිබඳ ඉඟි කරන්නා වූ ද හුදෙක් මලකට වඩා යම්කිසි උසස් අර්ථයක් සංකේතවත් කිරීම කේන්ද්‍ර වූ ද කලාවකි.

*සාම්ප්‍රදායික ඇඳුම :[සංස්කරණය]

සාම්ප්‍රදායික ජපන් ඇඳුම ලෝකයේ අන් සියලු රටවලින් ජපානය විශේෂ කරයි. 'කිමොනො' යන ජපන් වදන ''අඳින ඇඳුම '' යන අරුත ලබා දෙන අතර ඒවා ජපානයේ සාම්ප්‍රදායික ඇඳුම් වේ. මූලික ව 'කිමොනො' යන වදන සෑම ආකාරයේ ම ඇඳුමක් සඳහා භාවිත කරන නමුදු, අවසන එය 'දිග ඇඳුම' යන අරුත ඇති 'නග-ගි' නමින් හඳුන්වන ඉතා දිග ඇඳුමකට විශේෂයෙන් භාවිත වේ. එය අදටත් විශේෂ අවස්ථාවන්හි දී කාන්තාවන්, පිරිමින් හා ළමුන් විසින් අඳිනු ලබයි.ක්‍රි.පූ. 5 වන සියවසට පෙරාතුව චීනයෙන් ජපානයට පැමිණි දැඩි සංස්කෘතික ආගමනයන් හරහා,  අතීතයේ කිමොනොවට, අද 'හන්‍ෆු'(     ,ජපන් බසින් 'කන්ෆු') ‍ලෙස හැඳින්වෙන සිම්ප්‍රදායික හන්-චීන ඇඳුමෙහි ආභාසය දැඩි සේ ලැබිණි. එ් ක්‍රි.පූ. 8 වන සියවසේ දී වන අතර, කෙසේ වුව ද එම චීන මෝස්තර ජපන් ජනයා අතරට පැමිණි අතර එක මත එක වැටෙන කර කොටසකින් යුතු ඇඳුම විශේෂයෙන් කාන්තා මෝස්තරය බවට පත් විය. කිමොනො යන නමින් කැටිකොට හඳුන්වන අනෙකුත් සියලු ම සාම්ප්‍රදායික ජපන් ඇඳුම් 'යොෆුකු' (බටහිර පන්නයේ ඇඳුම්) යන පදයට විරුද්ධ අර්ථ ඇති 'වෆුකු' (ජපන් ඇඳුම්) නමින් හැඳින්වේ. කිමොනො විවිධ වර්ණ, මෝස්තර සහ ප්‍රමාණවලින් යුතු වේ. කාන්තාවන් දීප්තිමත් වර්ණයෙන් යුතු ඇඳුම් මෙන් ම විශේෂයෙන් තරුණ කාන්තාවන් බොහෝ විට සංකීර්ණ හැඩතලයන් සහිත හෝ මල් මෝස්තර සහිත ඇඳුම් ඇඳීමට නැඹුරුතාවක් දක්වන අතර පිරිමි ප්‍රධාන වශයෙන් වඩාත් අඳුරු පැහැ / අව පැහැ ඇඳුම් අඳිති.

ජපන් ජාතික විවාහක කාන්තාවකගේ කිමොනෝවත් (තොමෙසොදෙ) අවිවාහක කාන්තාවකගේ කිමොනෝවත් (ෆුරිසොදෙ) එකිනෙකට වෙනස් ස්වරූපයක් ගනී. ඉණට ඉහළින් රටා නොයන බැවින් තොම්සොදෙ ෆුරිසොදෙවලින් වෙනස් වේ. ෆුරිසොදෙ එහි අඟල් 39 සිට 42 දක්වා දිග ප්‍රමාණයකින් විහිදෙන අතිශය දිගු අත්වලින් හඳුනාගත හැකි ය. එය අවිවාහක කාන්තාවන් අඳින වඩාත් විධිමත් වස්ත්‍රය ද වේ. ෆුරිසොදෙ කාන්තාවකගේ වයස පමණක් නොව විවාහක-අවිවාහක භාවය ද නිරූපණය කරයි. කිමොනෝවේ මෝස්තරය ද සෘතු විපර්යාසයත් සමඟ ම වෙනස් වේ. වසන්ත සමයේ කිමොනොවල එසමයෙහි පිපෙන දිදුලන වර්ණයන්ගෙන් යුතු මල්වලින් අලංකාර කරනු ලැබේ. සරත් සමයේ කිමොනොවල පැහැය, සරත් සමයේ මෝස්තරයන් හා ගැළපෙමින්, දීප්තිමත් නොවේ. පැනල් කිමොනො සුලබ ලෙස ශීත සෘතුවේ දී අඳිනු ලබයි; ඒවා ඝනකම් රෙදිවලින් මසා ඇති අතර උණුසුම් ව සිටීමේ ප්‍රධාන අරමුණෙන් අඳිනු ලබයි. වඩාත් අලංකාර ඇඳුමක් වන්නේ, 'උචිකකෙ' නමැති, මංගල උත්සවයක මනාලිය විසින් අඳිනු ලබන තට්ටු ගණනකින් යුතු ඉතා බරැති දිගු සිල්ක් ඇඳුම යි. උචිකකෙ බොහෝ විට රිදී හා රත්‍රන් පැයැ නූලෙන් මැසූ කුරුල්ලන් හා මල්වලින් සරසන ලද්දකි. කිමොනො බොහෝ බටහිර රටවල ඇඳුම් මෙන් විශේෂ ප්‍රමාණවලින් පැමිණෙන්නේ නැත. එහි ප්‍රමාණයන් දළ වශයෙන් පමණක් ගැනෙන අතර ඇඳුම අවැසි පරිදි සකසා ගැනීමට විශ්ෂ ක්‍රමවේදයක් භාවිත කෙරෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ජපන්_සංස්කෘතිය&oldid=536942" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි