ජනවාර්ගික සංගීත අධ්‍යයනය
ජනවාර්ගික සංගීත අධ්‍යයනයේදී සිදු කෙරෙන්නේ සංගීතය සහ නර්තනයේ සංස්කෘතිකමය අංගයන් ප්‍රාදේශීය සහ ලෝක මට්ටමින් අධ්‍යයනය කිරීමයි. ජෙෆ් ටොඩ් ටයිටන් විසින් මෙය හදුන්වනු ලැබුයේ මිනිසුන් විසින් සංගීතය නිර්මාණය කිරීම පිළිබඳව කෙරෙන හැදෑරීමක් ලෙසය. මෙය බොහෝවිට පෙරදිග සංගීතය හා බැඳුනු අධ්‍යයනයක් ලෙස පෙනුණ ද, මෙහිදී බටහිර සංගීතය පිළිබඳවද අධ්‍යයනය කෙරේ. බෲනෝ නෙට්ල් විසින් පළකරන ලද මතයකට අනුව ජනවාර්ගික සංගීත අධ්‍යයනය බටහිර අදහස්වලට බර සංසිද්ධියකි. නමුත්, මෑත කාලයේදී විද්වතුන් විසින් තම තමන්ගේ රටවල් වලදී සිදුකරන ලද ජනවාර්ගික සංගීත අධ්‍යයනයක් තුළින් නෙට්ල්ගේ ඉහත මතය බිඳහෙළීමට අවශ්‍ය තරම් කරුණු සොයාගෙන ඇත.
ඉතිහාසය
[සංස්කරණය]සංගීත අධ්‍යයනයේ පරමාර්ථය වූයේ බටහිර සංගීතය කලාව හා ඉතිහාසය හැදෑරීම වුවද, ජනවාර්ගික සංගීත අධ්‍යයනයේදී සියලූ සංගීත කලාවන් සංස්කෘතිකමය හා සමාජීය කෝණයකින් විදහා බැලේ. මෙහි මුල්ම පර්යේෂණ සිදුකරන ලද්දේ 19 හා 20 වැනි සියවස් වලදීය. ඛෙලා බර්ටොක්, සොල්තන් තොඩලි, කොන්ස්තන්තයින් බ්‍රයිලොව්, ෆ්‍රැන්ජෝ ෂාවර්, කාල් සටම්ජන්, එජික් වොන් හොනබොස්ටල් සහ ඇලෙක්සැන්ඩර් එලිස් එම පර්යේෂක පිරිස වේ. "සංසන්දනාත්මක සංගීත අධ්‍යයනය” යන විෂයය ඔස්සේ ඔවුහු ජනවාර්ගික සංගීතය පිළිබඳව හැදෑරූහ. මුල් කාලීනව ඉහත විෂයයන්ගේ මූලික හැදෑරීම් පාදක වූයේ කටින් කට පැවතගෙන ආ පෙරදිග සංගීතය පිළිබඳව වුවද, දැනට මෙම විෂය, ලෝ වටා සියලූ සංගීතයන් හැදෑරීම දක්වා දියුණු වී ඇත.
1955 සිටම ජනවාර්ගික සංගීත අධ්‍යයනය සමාජය” විසින් මෙම විෂයයේ ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ.
සටහන්
[සංස්කරණය]Ethnomusicology |