Jump to content

ජනවාර්ගික පවිත්‍රණය

විකිපීඩියා වෙතින්
ජනවාර්ගික පවිත්‍රණය

ජනවාර්ගික පවිත්‍රණය පිලිබඳව නීත්‍යානුකූල අර්ථ දැක්වීමක් නැත. ජනතාවගෙන් කොටසක් රටකින් බලහත්කාරයෙන් නෙරපීම ජනවාර්ගික පවිත්‍රණය ලෙස සාමාන්‍යෙයන් අර්ථ දැක්වේ.එය අපරාධයක් බවට අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන්ද, පෙර යුගොස්ලොවියානු අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාවෙන්ද පෙන්වා දී ඇත. ජන ඝාතනයක් ලෙසද ජනතාවට එරෙහි වු අපරාධයක් ලෙසද ජනවාර්ගික පවිත්‍රණය හැඳින්විය හැකිය. මක්නිසාද යත් එය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් වන බැවිනි.ජනවාර්ගික පවිත්‍රණය යන වචනය අන්තර්ජාතික මාධ්‍යවල ව්‍යවහාරයට ගැනුනේ යුගොස්ලාවියානු සිවිල් යුද්ධය විග්‍රහ කිරීමේදීය. එනම් 1990 මුල් වකවානුවේදීය පක්ෂග්‍රාහී පළිගැනීම, ජනවාර්ගික පරිශෝධනය සහ (එක්සත් ජාතින්ගේ ලියකියවිලි වල ප්‍රංශ සංස්කරණයට අනුව ) nettoyage ethique සහ epuration ethnique යන වචනය ජනවාර්ගික පවිත්‍රණයට සමාන අර්ථ ඇති පද ලෙස පෙන්වා දිය හැකිය.

එක්සත් ජාතින්ගේ ප්‍රවීණයන්ගේ කොමිසම (780 ආරක්ෂ මණ්ඩලයේ තරගයක් මත පිහිටුවන ලද) විසින් ජනවාර්ගික පවිත්‍රණය ආශ්‍රිත කටයුතු මනුෂ්‍යත්වයට එරෙහි වු අපරාධ බවටත්, ඒවා යුධමය අපරාධ ලෙසටත් පෙන්වා දිය හැකි බව පවසන ලදි. ඉන් ඕබ්බට, ජනවාර්ගික පවිත්‍රණය සඳහා වූ පනත් ජන ඝාතන ගිවිසුම් ලෙසද පෙන්වා දිය හැකිය. එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී ජනාවාර්ගික පවිත්‍රණය වැරදි සහගත ක්‍රියාවක් බවත් එය ජාතීන් අතර වෛරය ඇති කිරීමට හේතුවක් බවත් පෙන්වා දෙන ලදි. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ජර්මානුවන් නෙරපීම වැනි අවස්ථා වලදී ජනවාර්ගික පවිත්‍රණය නීතියට පටහැනි ව සිදු වී ඇත. එවැනි තත්ත්වයක් නැවත උද්ගත වුවහොත්, අන්තර්ජාතික නීතියට පටහැනිව ජනවාර්ගික පවිත්‍රණයක් සිදු කිරීමට, ජනාධිපතිවරයා විසින් අවසර දෙන්නේදැයි, Timothy V. Waters මහතා ප්‍රශ්න කරයි.

ජනවාර්ගිකත්ව අර්ථ දැක්වීම

[සංස්කරණය]

ජනවාර්ගිකත්වය පිළිබඳව අර්ථකථනය ඉතා සංකිර්ණ සහ අපැහැදිලි බවත්, එය ඉතා අසීරු කර්යයක් බවත් සමාජ විද්‍යාඥ Max Weber මහතා වරක් පවසන ලදී.

කෙසේ වෙත්ත බොහෝ සමාජ විද්‍යාඥයින් අනුමත කරන ලද අර්ථකතනයක් Weber මහතා ඉදිරිපත් කරන ලදි.

ශාරිරික මෙන්ම චාරිත්‍ර වල සමානාත්මකතාවයන් නිසාද, සංක්‍රමණයේ සහ ජනපදකරණයේ මතකයන් නිසාද, තමන්ගේ පොදු පෙළපත ගැන ආත්මගත විශ්වාසයක් ඇති මිනිසුන්ගේ වාර්ගිකරණයට මෙම විශ්වාසය මහත් රුකුලක් වූ අතර ඒ සඳහා ලේ නෑකමක් තිබීම අවශ්‍ය නොවීය.

Weber මහතාගෙන් පසුව සමාජ විද්‍යාඥයන්ගේ ජනවාර්ග පිළිබඳ හැඳින්විම් බොහෝ විට සාවද්‍ය ඒවා බව මානව විද්‍යාඥ Ronald Choen මහතා ‍මානව වගී පිළිබඳව මානව විද්‍යා හා සමාජ අධ්‍යනයකදී පෙන්වා දෙන ලදි.

"අප අනුමත කරන මානව වර්ග වල අනන්‍යතාවයන්, ඉතා අඥානය, එමෙන්ම ඉතා සාවද්‍ය"

යටත් විජිතවාදීන් ජනවර්ගවල අනන්‍යතාවය (පෙර තම ගෝත්‍රක වල අනන්‍යතාවය) පිළිබඳ බොහෝ විට ප්‍රශ්න නගරන බව Cohen මහතා පෙන්වා දෙන ලදි. Harold Isaacs විසින් ජනවාර්ගිකත්වයේ අනෙක් ලක්ෂණයන් හඳුනාගෙන ඇති අතර, ඒ අතරින් ඔවුන්ගේ ශාරිරික පෙනුම, නම, භාෂාව, ඉතිහාසය සහ ආගම විශේෂයක් ගනී, මෙම අර්ථකතනය සමහර ශබ්දකෝෂ වලත් අන්තර්ගත වේ. එකිනෙකට වෙනස් මානව වර්ගවල ලක්ෂණ මෙලෙස ඉතා වැදගත් වුයේ කෙසේද, කෙදිනද, එයට හේතුව කුමක්දැයි සමාජ විද්‍යාඥයන් විමර්ශනය කරන ලදි. ජනවර්ගික සීමා ඉතා අස්ථිර බව මානව විද්‍යාඥ John Viocent පෙන්වා දෙන ලදි. ජනවාර්ගීකරණය ද්විධාරකණයට සමාන කළ Ronald Cohen, තවද එය දේශපාලනික අවශ්‍යතාවයන්ගේ සීමා වලින් වට කල හැකි බවද පෙන්වා දෙන ලදි. මේ හේතු නිසා ජනවාර්ගීකරණයට පෙළපත දැඩිලෙස බල නොපායි. පොදු දේශපාලනික තත්ත්වය ටතේ ජනවාර්ගික සීමා වෙස්කිරීම ජනවාර්ගීකරණයේ වැදගත්ම ලක්ෂණය වෙයි.


ජනවාර්ගික පවිත්‍රීකරණය පිළිබදව අර්ථ විග්‍රහයන්

[සංස්කරණය]

ජනවාර්ගික පවිත්‍රීකරණය විවිධ ලෙස අර්ථ දක්වා ඇත. ඇන්ඩ්‍රිව් බෙල් ෆේල්කොෆ් (Andrew Bell-Fialkoff) පවසන පිරිදි,

"ජනවාර්ගික පවිත්‍රීකරණයට ඉතා ලිහිල් අර්ථ දැක්වීමක් ඇත. එය බලෙන් සිදු කරන ලද විගමනයන් සහ ජනයා හුවමාරු වීම ලෙස සැලකිය නොහැක. එමෙන්ම එය ජනතාව රටින් පිටුවහල් කිරීම සහ ජනඝාතනය සමඟ ඒකාබද්ධ වේ. අවසාන වශයෙන් ජනවාර්ගික පවිත්‍රීකරණය යනු රටකින් ජනතාව නෙරපීම ලෙස පෙන්වා දිය හැක"

ඩ්‍රෙසන් පෙට්‍රොවික් විශිෂ්ඨ ලෙස අර්තකථනයන් සිදු කොට ඇත. ජනවාර්ගය අනුව රටින් නෙරපීම, මුලික ‍ කොටගෙන ඔහුගේ අර්තකථනයන් සිදුකොට නිදසුනක් ලෙස රටින් නෙරපීම, නීතියට පටහැනි ක්‍රියාවක් බව පෙන්වා දී ඇත. එමෙන්ම එය මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. එමෙන්ම එය දේශීය හෝ අන්තර්ජාතික යුද්ධයකට සබඳකම් ඇත්තාක්ද විය හැක.

ඩ්‍රෙසන් පෙට්‍රොවික් පවසන පරිදි,

" මුලික වශයෙන් ආර්ථික මුලධර්ම වලට අනුව හෝ දේශයට ඇති හිමිකම් වලට අනුව, මිනිසුන් කොටසක් විසින් තවත් මිනිසුන් කොට්ඨාශයක් රටින් නෙරපීම ජනවාර්ගික පවිත්‍රීකරණය ලෙස අර්ථ දැක්විය හැක. මෙම ක්‍රියාමාර්ග ප්‍රචණ්ඩකාරී වන අතර, බො‍හෝ විට යුධමය ක්‍රියා සමඟද සබඳකම් ඇත. ඇමරිකාවේ ඉන්දියානුවන් ඉවත් කිරීමේ වැඩසටහන මෙන් නොවු ජනවාර්ගික පවිත්‍රීකරණය සිදු කරන සෑමවිටම එය මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන අයුරින් සහ අන්තර්ජාතික මානවවාදී නීතියට පටහැනි නොවන අයුරින් සිදු කල යුතුය.

එක්සත් ජාතින්ගේ ජනවාර්ගික පවිත්‍රීකරණය පිළිබඳ නිල අර්ථ දැක්වීම වන්නේ මිනිසුන් කොට්ඨාශයක් විසින් තවත් එවැනිම වෙනත් ජනවාර්ගික මිනිසුන් කොටසක් බලෙන් හෝ තර්ජණාත්මකව, ප්‍රදේශයකින් ඉවත් කිරීමයි.

බොහෝ විට සමජාතීය ජනවාර්ගික කණ්ඩායම් කෙරෙහි ජනවාර්ගික පවිත්‍රීකරණය බල නොපායි. බොහෝ විට එය බලපාන්නේ අපකීර්තියට පත්වුණු ජනවාර්ගික කොට්ඨාශ කෙරෙහිය. එමෙන්ම එය දී ඇති දේශයකින් ජනවාර්ගික කණ්ඩයාමක් බලෙන් පහ කිරීම ලෙසද අර්ථ දැක්විය හැක. එයට පීඩිත ලෙස ජනවාර්ගික කණ්ඩායම් වල විගමනයන්ද ජනඝාතන ද ඇතුලත් වේ.

බොස්නියානු ජන ඝාතන නඩුවෙහි දී ජොර්ජික් වී. ජර්මනි (Jorgic V. Germany) ට තීන්දුව දෙන විට එනම් 2007 ජුලි 12 වන දින, මුලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ යුරෝපියානු අධිකරණය පැවසුවේ, අන්තර්ජාතික අධිකරණයේ නීති වලට අනුව ජනවාර්ගික පවිත්‍රීකරණයක් සිදු වු පමණින් ජන ඝාතනයක් සිදුවී ඇතැයි කිව නොහැකි බවයි.

ජනවාර්ගික පවිත්‍රීකරණය යන පදය Herzegovina වල සිද්ධීන්ගෙන් පසුව ජනවහරට පැමිණියේය. 47/121 දරන මහා මාණ්ඩලික තීරණයට අනුව බොස්නියානු සහ Herzegovina ‍වෙහි පැවති ජනවාර්ගික පවිත්‍රීකරණය, ජනඝාතනයක් වැනි පිළිකුල් සහගත ක්‍රියාවකි. එය එක්තරා ආකාරයක ජන ඝාතනයකි. එය ගිවිසුමෙහි දෙවෙනි අනුඛණ්ඩයේ ඇති තහනම් කරන ලද ක්‍රියාවන් වලට ඇතුලත් වේ. එය ජනවාර්ගික සමජාතීන් වෙසෙන පෙදෙසක් නැවත ලබා ගැනීමක් හෝ එවැනි ප්‍රදේශයක් ලබා ගැනීමේ ක්‍රියාවලියක් යන දෙකටම අයත් නොවේ. එය ජන ඝාතනයකි. ජන ඝාතනයක අභිප්‍රාය වන්නේ සාමුකව හෝ කොටස් වශයෙන් විනාශ කිරීමයි. පවිත්‍රීකරණය මඟින් ජනතාව රටින් නෙරපීම සිදු කරයි. එමෙන්ම එය විස්තාපනයේ ප්‍රතිවිපාකයක්ද නොවෙයි. මෙමඟින් ජනවාර්ගික පවිත්‍රීකරණය ජන ඝාතනයක් නොවේ යැයි ප්‍රකාශ නො‍කෙරේ. එය සහමුලින්ම හෝ කොටස් වශයෙන් ජිවිතයක් භෞතිකව විනාශ කිරීමකි. යම් කිසි ප්‍රදේශයකින්, ජනතාව නෙරපීම II වන පනතට පටහැනිව කරන ක්‍රියාවකි. ICTY පවසන පරිදි ජනඝාතනයේත්, ජනවාර්ගික පවිත්‍රිකරණයේත් බොහෝ සමානකම් පවතී. (Krstic IT 98 -33 - T, විනිශ්චය මණ්ඩලයේ විනිශ්චය, 02 අගොස්තු 2001, 562 වන පරිච්ඡේදය). ජනවාර්ගික කණ්ඩායමක් භෞතිකව නෙරපීමෙන් සහ එය විසුරුවා හැරීමත් අතර කිසිඳු වෙනසක් නැත. තවමත් ජනවාර්ගික කණ්ඩායමක් නෙරපීම මඟින් ජන ඝාතනයක් සිදු වී ඇතැයි කිව නොහැක.

ECHR, ICJ වලින් උපුටා ගන්නා ලදී

යුද්ධමය හා දේශපාලනික උපායක් වශයෙන්

[සංස්කරණය]

ජනවාර්ගික පවිත්‍රකරණයේ අරමුණු වන්නේ, විරුද්ධ ජනවාර්ගික සමාජයන් (දේශපාලනය, ත්‍රස්තවාදිව හෝ යුද්ධමය) ප්‍රශ්න පවතින කොන්දේසි මගින් ඉවත් කිරිමයි. ජනවාර්ගික කණ්ඩායමක අයිතිය තහවුරු කළ නොහැකි බවට මතයක් ගොඩ නැගි ඇත. එමෙන්ම යම් කිසි ප්‍රදේශයක බලය තහවුරු කර ගැනීමේ ක්‍රමයක් ලෙසද ජනවාර්ගික පවිත්‍රකරණය පිළිගෙන ඇත. උදාහණයක් ලෙස 1992 මුල් භාගයේදි බෝස්නියාවෙහි පැවති යුධ ව්‍යාපාරය පෙන්වා දිය හැකිය. එහිදි මෙම ක්‍රියාමාර්ගය මුලින්ම උපුටා දැමීමේ වෑයමන් ලෙසද ජනවාර්ගික පවිත්‍රකරණය පෙන්වා දිය හැකිය. එමෙන්ම සංස්කෘතික මානව කෘති, ආගමික ස්ථාන සහ භෞතික ලේඛන විනාශ කිරිමක් ලෙසද එය හැදින්විය හැකිය.

1993, ජොර්ජියානුවන් සහ Abkhaz වරුන් අතර පැවති ගැටුමේදි Abkhaz හි වාසය කළ ජොර්ජියානුවන්ට අවිතත් Abkhazවරුන් ජනවාර්ගික පවිත්‍රකරණය උපාය යොදා ගන්නා ලදී. මෙහිදි 250000 කට අධික ජොර්ජියානුවන් බලහත්කාරයෙන් ඉවත් කළ අතර 3000 අධික පිරිසක් කෘර ලෙස මාරාදමන ලදී


ජනවාර්ගික පවිත්‍රකරණය උපායක් ලෙස යොදාගත් අවස්ථා බොහෝ ඇත. එමගින් හමුදාවන්ට ජනතාව ඉවත් කිරිම පහසු වෙයි. Mao Zedong කියු පරිදි පොදු ජනතාව අතර සිටින ගරිල්ලන්, වතුරේ සිටින මාලුවන් වැනිය. වතුර ඉවත් කිරිම මගින් එම මාලුවන්ද විනාශ කළ හැකිය. 1945 දී දේශපාලන ස්ථාවරත්වයක් හේතුකොට ගෙන ජනවාර්ගික ජර්මානුවන් ජර්මනියේ නැවත බලහත්කාරයෙන් පදිංචි කරවන ලසි. එමගින් දිර්ඝ කාලින ස්ථාවරත්වයක් අත් විය. පෝලන්තයේ සහ චෙකොස්ලෝවේකියාවේ වාසය කළ අති විශාල ජර්මනි ජනතාව අතරින් සමහර පුද්ගලයින් දෙවෙනි ලෝක යුද්ධයට පෙර එකිනෙකාට විරෝධතා එල්ල කළ අතර එය බලහත්කාරයෙන් වනසන ලදි. කෙසේ වෙතත් මෙමගින් නැවත සකස් කළ නොහැකි ජන විකාශන විපර්යාසයන් ඇති කරයි.

අනිත් අතට ජනවාර්ගික පවිත්‍රකරණය යනු විශාල ලේ වැගිරිම් ඇතිකරන කෘර උපායකි. එබැවින් එය ජන ඝාතනයක් වැනිය. යුධමය අපරාධයක් ලෙස අන්තර් ජාතික නීතිය පිළිගෙන ඇත.

ජනවාර්ගික ශෝධනය සඳහා උදාහරණ

[සංස්කරණය]

මෙම කොටසෙහි ලැයිස්තු ගත කොට ඇත්තේ ශාස්ත්‍රීය හෝ නීතිමය ප්‍රවීණයන් විසින් "ජනවාර්ගික ශෝධනය" ලෙස නම් කොට ඇති සිදුවීම්ය. සෑම ප්‍රවීණයෙක්ම සෑම සිදුවීමක් සමඟ එකග නොවන අතර සෑම හිමිකමක්ම මෙම ලිපියෙහි අර්ථ දැක්වීම් අනුගමනය නොකරයි. ප්‍රවීණයන් නොවන අයගෙන් ඇරඹුණු (උදා- වාර්තාකරුවන් හෝ දේශපාලඥයින්) ජනවාර්ගික ශෝධනය මෙහි දක්වා ඇත.

මුල් කාලීන උදාහරණ

[සංස්කරණය]
  • නියැන්ඩතාල් (Neanderthals) මානවයන් වෙනුවට අප්‍රිකාවේ සිට ගමන් කළ මුල් කාලීන මිනිසුන් ආදේශ විය. සමහර ප්‍රවීණයන්ගේ විශ්වාසය අනුව ක්‍රෝ - මැග්නෝන්වරු (Cro - magnouns) මන්දගාමී ජනවාර්ගික ශෝධන ක්‍රමයක් යොදා ගත්හ.
  • ක්‍රිස්තු පුර්ව 13 වන ශතවර්ෂයේ සිට පුරාතන ආසි‍යාවේ (Assyria) කැරලිකරුවන්ට දඬුවමක් ලෙස අති විශාල පිටුවහල් කිරීම් යොදා ගත්හ. ක්‍රි.පු. 9 වන ශතවර්ෂය වන විට ආසියානුවන් (Assyrians) දහස් ගණනින් වෙනත් රටවල් වලට පිටුවහල් කිරීම පුරුද්දක් බවට පත්විය.
  • ක්‍රි.පු. 8 පියුනික් (Punic ) යුද්ධයේදී (ක්‍රි.පු. 149-146) රෝමය විසින් "Carthoge " සම්පුර්ණයෙන් විනාශ කරන ලදී. 50,000 පමණ කාර්තතේජියානුවන් (Carthaginians) (යුද්ධයට පෙර ජනගහනයෙන් 1/10 ක් පමණ) වහල්භාවය විකුණන ලදී.
  • ක්‍රි.පු 88 හි බටහිර ඇන්ටෝලියාව (Antolia) අත්පත් කර ගැනීමෙන් පසු 6 වැනි මෙත්‍රොඩේට් (Methrodates VI) විසින් එහි වෙසෙන සියළු රෝමානුවන් මරා දැමීමට අණ කරන ලදී. රෝමානු පිරිමි, ගැහැණු සහ දරුවන් සමූහ "" ලෙස හැඳින්වේ.
  • නූතන ස්විස්ටර්ලන්තයේ කෙල්ට් (Celt) පදිංචිකරුවන් වන හෙල්වෙට් (Helveti) ජනයාට එරෙහි ජුලියස් සීසර්ගේ (Julius Caesar) ව්‍යාපාරය මඟින් 60% ග්‍රෝතිකයන් මරා දැමුණු අතර 20% පමණ වහල්භාවයට යොදාගන්නා ලදී. ඉතුරු පිරිස තමන්ගේ ජන්ම භූමි වෙත පළවා හරින ලදී.
  • බොන්ඩිකා (Bondica's) කැරැල්ල මඟින් ක්‍රිස්තු වර්ෂ 60 -61 දී කෙල්ට් බ්‍රිතාන්‍යයන්(Celt Britain's) විසින් රෝමානු ජනගහනයේ රෝමානු බ්‍රිතාන්‍යයන් (Roman Britain's) සමූලඝාතනය කරන ලදී.
  • උතුරු අප්‍රිකාවෙහි වැන්ඩන් (Vandal) රාජධානිය 533 සහ 534 හි බයිසන්ට්න් (Byzantine) හමුදා මඟින් වැන්ඩලික් (Vandalic) යුද්ධයේදී පරාජය වීමෙන් පසු ජර්මන් වැන්ඩල්වරුන් (Vandals) වහල්භාවයට ගැණුනු අතර කොටසක් නෙරපා හරින ලදී.
  • පුරාතන එංගලන්තයේ ඇන්‍ග්ලෝ සැක්සන් (Anglo - Saxou) වකවානුව තුළ වර්ණ භේදයට සමාන ක්‍රමයක් පැවතුණි. එම ක්‍රමය මඟින් දේශීය බ්‍රිතාන්‍ය ජාන ඇන්ග්ලෝ - සැක්සන් (Anglo - Saxou) ජනගහනය සමඟ මිශ්‍ර නොවීමට එම ජන කොටස් අතර විවාහ සිදුවීම තහනම් කොට තිබුණි. එමඟින් මුල් බ්‍රිතාන්‍ය ජන සමූහයක් නැතිවී ගිය බව නව අධ්‍යයනයකින් සොයාගෙන ඇත. ලන්ඩන් (London) University College මඟින් කරන ලද පර්යේෂණ වලට අනුව දැන් එංගලන්තය ලෙස හඳුන්වන භූමි භාගයේ 5 වන ශතවර්‍ෂයේ මැද කාලයේ සිට වසර 300 කට වඩා ජීවත් වූ දේශීය කෙලට් බ්‍රිතාන්‍යයන්ට (Celt - Britons) වඩා සෑහෙන සමාජීය හා ආර්ථික වාසි ඇන්ග්ලෝ සැක්සන් (Anglo - Saxou) පදිංචිකරුවන් විසින් අත්විදින බව ‍සොයාගෙන ඇත.
  • 1002 දී සාන්ත බුයිස් දින (St. Brice's Day) (සමූල ඝාතනය එක්රලඩ්,Ethelered) ඇන්ග්ලෝ- සැක්සන් (Anlgo - Saxon) රජු විසින් බ්‍රිතාන්‍ය රාජධානියේ විසු සියළුම ඩෙන්මාර්ක් වැසියන් (Danes) මරා දැමීමට අණ කරන ලදී.
  • 1091 දී බයිසන්ටයින් (Byzantine) හා එක්වුණු කියුමන් (Cuman) හමුදාවක් විසින් ලෙවොයුනියන් (Levounion) නම් යුද්ධයේදී "Pecheneg" නම් තණබිම් වල විසු තුර්කි ජාතික එඩේරයන්ව සමූල ඝාතනය කරන ලදී. නැවතත් 1094 දී කියුමන් (Cuman) හමුදා විසින් එවන් එඩේරවරු මරා දැමනු ලැබීය.
  • යුදෙව්වන් නිරන්තරයෙන් සමූල ඝාතනයට ලක් වූ අතර විවිධ යුරෝපානු රටවල් වලින් පිටුවහල් කරන ලදී. මෙම පීඩාවන් උච්ච අවස්ථාවට පත් වුයේ කුරුස යුද්ධය වලදීය. පළමු කුරුස යුද්ධයේදී (1096) රයින් (Rhine) හ ඩනුබෙ (Daunube) ගංඟා ආශ්‍රිත ජනපද සම්පුර්ණයෙන් විනාශ කරන ලදී. ජර්මන් කුරුස යුද්ධයත් (1096) එවැනිමය. දෙවන කුරුස යුද්ධයේදී (1147) ප්‍රංශයේ සිටි යුදෙව්වන් සමූල ඝාතනය කරන ලදී. කුරුස යුද්ධ වලින් පසුව 1396 දී ඉංග්‍රීසි යුදෙව්වන් පිටුවල් කරන ලද අතර, 100 000 පමණ යුදෙව්වන් ප්‍රංශයෙන්ද නෙරපා හරින ලදී. 1290 වර්ෂයේදී ද නෙරපා හැරීම් සිදුවිය.
  • 12 වන ශත වර්ෂයේදී බර්බර් (Berber) පලමු පෙළපතෙහි අල්මෝහස් (Almohad) වරුන්ගේ රාජ්‍ය සමයෙහි යුදෙව්වන් හා ක්‍රිස්තියානුවන් මොරොක්කකෝවෙන් හා ඉස්ලාමීය ස්පාඤ්ඤයෙන් පිටුවහල් කරන ලදී. මරණය, ඉස්ලාමීය ආගම් වැළද ගැනීම හෝ රටින් පිටව යෑම අතරින් තෝරා ගැනීමක් කිරීමට අල්මෝහඩ්වරු (Almodads) විසින් ඉඩ ලබා දෙන ලදී. ටයිටොනඩ් (Maiminide) පවුල වැනි පවුල්වල සමහරු නැගෙනහිර පිහිටි හිතකර මුස්ලිම් පෙදෙස් කරා පළා ගිය අතර තවත් සමහරු උතුරෙහි වර්ධනය වෙමින් තිබු ක්‍රිස්තියානි රාජධානිය වෙත පදිංචි වීමට ගියහ.
  • 13 වන ශතවර්ෂයේ මුල් භාගයේ ඉස්ලාමීය ලෝකයේ නැගෙනහිර කොටස මොන්ගොල් (Mongol) ආක්‍රමණයෙහි බිය ගන්වන සුළු මහා විනාශයකට මුහුණ දුන්හ. උතුරු හා නැගෙනහිර ඉරානයන් සම්පුර්ණයෙන්ම කාන්තාරයන් බවට පත්විය. මධ්‍යගත ආසි‍යාවේ ඉරාන භාෂා යොදාගන්නන් වෙනුවට තුර්කි භාෂා කතා කරන්නන් බිහිවිය.
  • ටුනිසියාවේ (Tunisia) යුදෙව්වන්ට 1270 දී ඉස්ලාම් ආගම වැළද ගැනීමට හෝ රටින් පිටවීමට අණ කරන ලදී.
  • 1282 දී සිසිලියානු යැදුම සමයෙහි (Sicilian Verpers) සිසිලියාවේ (Sicily) ප්‍රංශ ජාතිකයන්ගේ ජනවාර්ගික ශෝධනයක් සිදු විය.
  • මධ්‍යගත මිසුරි (Missouri) ගම්මාන වල ජනයාගේ මුල්ම එකට එකතු වීම, 1325 දී ක්‍රෝවින් ක්‍රීක් (Crow Creek) සමූල ඝාතනයෙන් ජනවාර්ගික ශෝධනයක් සිදුවිය.
  • 14 වන ශත වර්ෂයේ අග භාගයේ ටර්කෝ - මැන්ගෝල් (Turco - Mangol) පෙළපතෙහි ටැමර්ලේන් (Tamerlane) නම් ඉස්ලාමීය යුද්ධ කරන්නාගේ විනාශයට පෙර උතුරු පුරාතන ක්‍රිස්තියානුවන්ගේ (Assurian christian) ප්‍රබල පෙදෙසක් බවට පත් වී තිබුණි.
  • 11 වන හා 18 වන ශත වර්ෂය අතරතුර "Nam tien" නම් පෙළපතක වියට් නාම් ජනයා දකුණට ව්‍යාප්ත විය. 1471 දී (Chamapa) රාජධානිය අති විශාල ලෙස වියට්නම්වරු අතින් පරාජයට පත්විය. එහිදී 120,000 පමණ චාම් (cham) ජනයා මරා දැමු අතර සමහරුන් අල්ලා ගන්නා ලදී. ඉන්පසු එම රාජදානිය "Nha trang" අසල කුඩා කොටසක් බවට පත් කරන ලදී
  • ස්පාඥඤ්යේ පැරණි ඉස්ලාම් රාජධානිය වලට උරුමයෙන් අයත් වු මුස්ලිම් හා යුදෙව් සුළුතර ජනයා 1492 දී අල්හම්බ්‍රා(Aljambra) නිල නියෝගයකට අනුව රටින් පිටුවහල් කරන ලදී. තවද මොරිස්කොස් (Moriscos) හා මැරානොස් (Marronos) ලෙසින් හැඳින්වූ කතෝලික ආගම් වැළදගත් ජනත වාද 1609 සහ 1614 දී පිටුවහල් කරන ලදී.
  • 1530 දී "Thmpas I' යටතේ පර්සියානු සෆාරිඩ්ස් (Presian Safarids) වරුන් විසින් ආර්වේනියානුවන්() පිටුවහල් කිරීම අරඹන ලදී. 1604 සහ 1605 දචී ෂා අබ්බාස් (Shaabbas) විසින් 150,000 පමණ ආර්මේනියානුවන් ඉස්ෆාන්හි (Isfahan) නිව් ජුල්ෆා (New Julfa)හරි ප්‍රදේශයෙහි පදිංචි කරවන ලදී.
  • 1622 දී පොට්හැටන් (powhaton) සමාජයේ, වර්තමාන ඇමරිකාවේ වර්ජිනියා (Virgnia) ලෙස හඳුන්වන ප්‍රදේශයේ ග්‍රෝත්‍රික නායකයා ඉංග්‍රීසි පදිංචිකරුවන් විනාශ කිරීමට සැලසුම් කලේය. එනමුත් ඉංග්‍රීසි ජනගහනයේ පළමු ඉංග්‍රීසි ජනපදයේ 1/3 ක් පමණ පිරිසක්ය. කෙසේ වෙතත් ජාත්‍යන්තර නීතියට අනුව මෙය ජනාවර්ගික ශෝධනයක් නොව අනවසර පදිංචිකරුවන් සඳහා දියත් කෙරුණු නිත්‍යානුකූල සැළසුමක් විය. කිමද ගිවිසුමක් නොමැතිව පදිංචි වී සිටි සියළුම සාමාන්‍ය වැසියන් හමුදාවේ නිත්‍යානූකූල ඉලක්ක බවට පත්විය.
  • Khmelnytsky කැරැල්ලේදී (1648-1654) සැපොරසියන් කොසැක්වරු (Zaporazhian Cassoaks) විසින් වර්තමානයේ යුක්රේනය (Ukraine) ලෙසින් හඳුන්වන රටෙහි විසූ සිය දහස් ගණන් පොල්ලන්ත වැසියන් (Poles) හා යුදෙව්වන් නෙරපා හරින ලදී මහා ජල ගැලීමේ ප්‍රතිවිපාකයක් ලෙස පෝලන්ත ලිතුනියන් නිදහස් ප්‍රජාවේ ( Polish Lithunian commonwelth) ජනගහනයෙන් 1/3 පමණ අඩු විය.
  • අයර්ලන්තයේ ක්‍රොම්වෙලියන් (Cromwellian) ජයග්‍රහණයෙන් හා 1652 පදිංචි වීම පිළිබඳ පනතෙන් පසු අයර්ලන්ත ක්‍රිස්ත්‍රියානුවන්ගේ ඉඩම් රාජසන්තක කරගත් අතර ඔවුන්ට නගර වල ජීවත් වීම කෙටි කලකට තහනම් කරන ලදී. 100,000 පමණ වූ අයර්ලන්තයේ ගැහැණු, පිරිමි හා ළමුන් බලහත්කාරයෙන් බටහිර ඉන්දීය ජනපද හා උතුරු ඇමෙරිකා ජනපදය වෙත ගිවිසුම් සහිත වහලුන් ලෙස ගෙන යන ලදී. සමකාලීන විචාරකයෙක්වන ප්‍රෙන්ඩගාස්ට් (Predoragst) වාර්තා කලේ අයර්ලන්තයේ ජනහනයෙන් 4/5 ක් පමණ පිටුවහල් කළ නිසා හා මරා දැමු නිසා රට හිස් වී ඇති බවය. ඉතුරු අයර්ලත්න ජාතිකයන් කොන්කොට් (Connaught) වලට පමණක් සීමා වු අතර ෂැනොන් (Shanon) ගංඟාවෙහි නැගෙනහිර දිශාවේ දිවි ගෙවූහොත් මරා දමනු ලැබීය. අයර්ලන්ත සොල්දාදුවන් දහස් ගණනින් ස්පාඤඤයේ රජුට, ලන්දේසීන්ට හා පෝල්න්ත ජාතින් විකුණන ලදී. මරණ සංඛ්‍යාව මිලියනයකටත් වැඩි විය.
  • 1680 අගොස්තු 10 වෙනි දින ස්පාඤ්ඤ පාලනයට එරෙහිව පියුබ්ලෝ (Pueblo) ඉන්දියානුවන් නැගි සිටියහ. එම පියුබ්ලෝ (Pueblo) කැරැල්ල සාර්ථක කල පියුබ්ලේ (Pueblo) සටන්කාමීන් විසින් ස්පාඤ්ඤ පදිංචිකරුවන් 38 ට දෙනෙක් මරා දමා තිබු අතර ඉතිරි යුරෝපා ජාතීන් නිව් ටෙක්කෝවේන් වලට (New Mexico) පිටුවහල් කරන ලදී. 1960 වන විට සමහර පියුබ්ලෝ (Pueblo) කණ්ඩායම් අපාචෙ (Apache) සහ නවාජෝ (Navajo) කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ස්පාඤ්ඤයේ සහය පැතූහ.
  • තුර්කි යුද්ධයේදී ඔස්ට්‍රියන් (Austrian) හමුදාව විසින් රාජාණ්ඩුව තුළ ක්‍රජිනා (Krajina) හි විසු සර්බියානු (Serban) සොල්දාදුවන්ගේද සහය ඇතිව තාවකාලිකව කොසෝවො (Kosovo) අත්පත් කරගන්නා ලදී. 1960 දී ඔස්ට්‍රියානු හමුදාව පසු බැමසීමෙන් අනතුරුව කොසොවො(Kosovo) හි විසු දහස් ගණන් සර්බියානුවන්ට බොස්නියාවට (Basnia) හා වොංඩිනාවට (Vojirodina) පළා යාමට සිදු වුයේ ඔටොමාන් (Ottoman) පළිගැනිම් මඟ හරවා ගැනීමටය.

සටහන්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ජනවාර්ගික_පවිත්‍රණය&oldid=508219" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි