ජනවාර්ගික අරගලයේ නියාමනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ඊශ්‍රයලයේ westbank බාධකයේ කොටසක්


ජනවාර්ගික අරලගයේ ආරම්භයට සහ එහි පරිණාමයට හේතු වූ කරුණු සහ එම තත්ත්වය පාලනය කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබදව බො‍හෝ උගතුන් විසින් විශ්ලේෂණය ඉදිරිපත් කරයි. උදාහරණයක් ලෙස Jhon Coaklev මහතා විසින් ඇමරිකාවේ ජනවාර්ගික අරගලයෙහි ආරම්භයට හේතුවූ කරුණු කිහිපයක් පෙන්වා දී ඇත. ඒවා නම් ස්වදේශීයත්වය, වාසය කිරීමට ඇති ඉඩකඩ, සමාග්‍රහණය, ආසංස්කෘතිකරණය, ජනතාව හුවමාරු කිරිම්, සීමා මායිම් වෙනස් කිරීම්, ජනාඝාතන සහ ජනවාර්ගික ස්වයං ‍ඝාතන යන ඒවා වේ.


ජනවාර්ගික අරගලයට මූලික වූ හේතූන් 8 ක වර්ගීකරණයක් Jhon Macgarry සහ Brendan O' Leary යන දෙපළ විසින් ඉදිරිපත් ඇති අතර ඒවා අතර සදාචාරාත්මක විරෝධී ක්‍රම කිහිපයක් ද ඇත.


ජාතීන් අතර වෙනස්කම් ඇත් වීමට බලපෑ හේතු

  • ජනඝාතන
  • බලහත්කාරයෙන් ජනතාව මාරු කිරීම්
  • කොටස් කිරීම සහ අපක්‍රමණය
  • ඒකිකරණය සහ සමාග්‍රහණය

ජාතීන් අතර වෙනස්කම් කළමනාකරණයට ක්‍රම

  • රාජ්‍යය පාලනය
  • තීර්කිකරණය (3 වන වගන්තියේ සොයා ගැනීමකි)
  • ෆෙඩරලිකරණය (Federalisation)
  • බලය බෙදා හැරීම


මෙවලම් හසුරවන්නන් පිළිබඳ විස්තරය[සංස්කරණය]

ඇන්තනී ස්මිත්ගේ (Anthony Smith) 'මෙවලම් හසුරවන්නන්' පිළිබඳ විස්තර ප්‍රමුඛත්වයට පත්වුයේ 1960 හා 1970 දශකයේ ඇමෙරිකාවේදී නොනවතින ජනවාර්ගිකත්වය පිළිබඳ උණුසුම් කතාබහ පැතිර යන විටදීය. මෙම නව න්‍යායෙන් නොපසුබට භාවය විස්තර කරනු ලැබීය. නොපසුබට භාවයට හේතු වුයේ ප්‍රජා නායකයින් තමන්ගෙ සංස්කෘතික කණ්ඩායම් හා අති විශාල සංචලනය කණ්ඩායම් ඔවුන්ගේ බලය හා සම්පත් රැස් කර ගැනීමේ තරඟයට යොදා ගත් නිසාය. එයට හේතුව වුයේ එය සමාජ පන්ති යොදා ගැනීමට වඩා ප්‍රබල වු නිසාය. මෙම ජනවාර්ගිකත්වය හඳුනාගැනීමේදී ජනවර්ගය හා ජාතිය හඳුනාගැනීමේ මෙවලම් ලෙස යොදා ගනු ලැබේ.


විග්‍රහ කරන්නන්ගේ විස්තරය[සංස්කරණය]

ස්යා (Zaire) හි පිහිටා ඇති රුවන්ඩානුවන් සඳහා වු සරණාගත කදවුරක්

මෙයින් වැදගත් ලෙස අවධාණය කරන්නේ සමාජීය වශයෙන් ගොඩ නැඟුණු ජනවාර්ගික කණ්ඩායම් වල ස්වභාවයයි. මෙයට පාදක කරගෙන ඇත්තේ බෙනඩික් ඇන්ඩර්සන්ගේ (Benedict Andersons) පරිකල්පනය කල ප්‍රජාව පිළිබඳ සංකල්පයයි. මෙම සංකල්පයෙහි යෝජකයින් වන රුවන්ඩාව පෙන්වා දෙනු ලබන්නේ 1930 දශකයේ බෙල්ජියානු යටත් විජිත බලය මඟින් ටුට්සි/හුටු (Tutsi/ Hutu) ජන ප්‍රභේදය නීති සංග්‍රහයට ඇතුලත් කර ඇත. ඒ ගමපාලනය, කායික මිනුම් හා පල්ලි වල වාර්තා මතය. හැඳුනුම්පත් නිකුත්කරනු ලැ‍බුවේද ඉහත පදනම මතය. එම හැඳුනුම්පත් 1994 සිදුවු සමූහ ඝාතනයේදී ප්‍රධාන ස්ථානයක් හිමි කරගත්හ.


මෑතකදී, ජනවාර්ගික අරගලය හා සිවිල් යුද්ධ පිළිබඳ උගතුන් නව න්‍යායන් ඉදිරිපත් කරනු ලැබුහ. ඔවුන්ගේ අදහස් කණ්ඩ කරනු ලැබුවේ සාම්ප්‍රදායික විද්‍යායතන තුනෙන් ලබාගත් කරුණු වලට අනුවය. මොනිකා ඩෆි ටොෆ්ට්ගේ (Monica Duffy toft) “ජනවාර්ගික ප්‍රචණ්ඩත්වයේ භූගෝලය” නම් පොතෙහි ජනවාර්ගික කණ්ඩායම් පදිංචි වීමේ රටාව, සමාජයීය වශයෙන් ගොඩනැඟුණු හැඳින්වීම් සහ ප්‍රභාසම්පන්න නායකයින් බෙදිය නොහැකි බව පෙන්වු ආකාරය සඳහන්ව ඇත.


තවද, රජයන් පූර්වාදර්ශ සැපයීම මඟින් විචාරශීලී නවකයන් ක්‍රමයෙන් ප්‍රචණ්ඩත්වයට විරුද්ධව හැසිරවීමට දරන උත්සාහය පිළිබඳවද විස්තර කර ඇත. නමුත් මෙය, දැනට තෘප්තිමත්ව සිටින කණ්ඩායම් වල අමනාපයට හේතු වී ඇත. මෙවැනි පර්යේෂණ මඟින් ආදිකල්පිත, මෙවලම් හැසිරවීම හා විග්‍රහ කරන්නන්ගේ න්‍යායන්ට විසඳිය නොහැකි ප්‍රහේළිකා විසඳා ගැනීමට හැකියාව ලැබී ඇත. උදාහරණයක් ලෙස එකම ප්‍රදේශයේ ජනවාර්ගික මතභේද සමහරක් ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වීමටත් තවත් සමහරක් එසේ නොවීමටත් හේතූන් වී ඇති කාරණා සෙවීමේදී ය.


සටහන්[සංස්කරණය]

|Ethnic_conflict Ethnic conflict regulation |-