ජංගම දුරකථනය මුදල් පසුම්බියක් ලෙස

විකිපීඩියා වෙතින්
Mobile money

සාමාන්‍යයෙන් අප යම් මුදල් ප්‍රමාණයක් වෙනත් අයෙකු වෙත යැවීමට නම් මුදල් ඇනවුමක් මාර්ගයෙන් [Money Oder] හෝ බැංකු ගිණුමක් මගින් එම මුදල යැවිය යුතුය.ඉන් පසුව එම මුදල එවූ බව දැනගත් පුද්ගලයා තම සියලුම කාර්යන් නතර කොට නගරයේ තැපැල් කාර්යාලය හෝ බැංකුව වෙත දුරක් ගෙවා යා යුතුය.එහිදී ඇතිවන අපහසුතා වලටද මුහුණ දිය යුතුය. එම නිසා මෙම ක්‍රියාවලිය බොහෝ දෙනාගේ අප්‍රසාදයට පත් වී ඇත.

නමුත් තව දුරටත් වර්ථමාන සමාජය තුල එවැනි ලෙස මුදල් ගණුදෙනු කල යුතු නොවේ.ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සැපයුම්කරුවන් වන Dialog හා Mobitel ආයතන මෙම සාම්ප්‍රදායික මුදල් යැවීමේ හා ගෙන්වා ගැනීමේ ක්‍රමයන්හි විප්ලවීය වෙනසක් ඇතිකිරීමට සමත් වී ඇත.ඒ Dialog ආයතනය ez Cash සේවාව ද Mobitel ආයතනය m Cash සේවාව ද හඳුන්වාදීම තුලින්ය. මෙම සේවාවන් තුලින් සිදුවන්නේ පාරිභෝගිකයාට තම ජංගම දුරකථනයේ පහසුවෙන්ම මුදල් ගිණුමක් පවත්වාගෙන යා හැකි වීමයි.මෙහිදී එම ගිණුමට මුදල් බැර කර ඒමගින් විවිධ ගණුදෙනුකරුවන්ට සෘජුවම මුදල් ගෙවිය හැකිය.

තවද මුදල් ලබා ගැනීම,බිල්පත් ගෙවීම,බලයලත් ආයතන වලින් භාණ්ඩ හා සේව මිලදී ගැනීම,අන්තර්ජාලය මහින් ගෙවීම් කිරීම ආදී වශයෙන් සේවා රාශියක් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්තාව ලැබේ. තවද අවශ්‍ය ඕනෑම වේලාවකදී ගිණුමේ ශේෂය ඉහළ නංවා ගැනීමට ez Cash හා m Cash සේවා මධ්‍යස්ථාන රාෂියක් මේ වනවිට දිවයින පුරා පිහිටුවා ඇත. මෙම ආයතන දෙකෙහිම සේවාවන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිතව පවත්වාගෙන යන නිසා මෙම මුදල් ගණුදෙනු වලට වඩාත් හොඳ ආරක්ෂාවක් ද ලැබේ. මෙම සේවාවන් මගින් ඉලෙක්ට්‍රොනික මුදල් භාවිතය ජනතාව අතර ප්‍රචලිත වන අතර මෙය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ක්ෂේත්‍රයන්හි ඉතිහාසගත සන්ධිස්ථානයක් වේ.ජංගම දුරකථනයෙන් ගණුදෙනු කිරීමට අවස්ථාව ලබා දෙන ez Cash හා m Cash සේවා සමගින් ජංගම දුරකථන,තොරතුරු තාක්ෂණ සහ මූල්‍ය ක්ෂේත්‍රයන් වඩාත් ඉහළම දියුණුවක් කරා ගෙනයාමට හැකි වන බව සැමගේ විශ්වාසයයි.