ඡායාරූප එකතු

විකිපීඩියා වෙතින්
ප්‍රථම සොල්වෙ සමුළුවට සහභාගී වුවන්ගේ සමුග ඡායාරූපයකි, බ්‍රසල්, බෙල්ජීයම (1911)

ඡායාරූප එකතුවක් තුළ නිශ්චිත යෙදුම් සඳහා අවසර සහිතව යොදා ගත හැකි ඡායාරූප අන්තර්ගතවේ. ප්‍රකාශන පළකරන්නෝ, වෙළෙඳ දැන්වීම් ආයතන, චිත්‍ර නිර්මාණකරුවන් සහ වෙනත් විවිධ පුද්ගලයින් සිය නිර්මාණ කාර්යයන්හිදී පැන නඟින අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඡායාරූප එකතු භාවිතා කරති.

ඡායාරූපකරුවෙකු ගේ සේවය ලබා ගනු වෙනුවට ඡායාරූප එකතුවකින් ඡායාරූප ලබා ගන්නා පාරිභෝගිකයෙකුහට කාලය සහ මුදල් ඉතිරි කර ගත හැකිය. එහෙත් ඇතැම් විට ඒ වෙනුවට නිර්මාණාත්මක පාලන හැකියාව ඔහුට අහිමි විය හැකිය. මෙවැනි ඡායාරූප එකතු අන්තර්ජාල දත්ත බැංකු තුළ නිරූපණය විය හැකි අතර අවශ්‍ය පරිදි ඡායාරූප තෝරාගෙන අන්තර්ජාලය ඔස්සේම ඒවා මිළදී ගැනීමේ හැකියාව ද පවතී. එවිට මෙම ඡායාරූප බාගත කර ගැනීම හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ ලබා ගැනීම හෝ සිදු කළ හැකිය.

ඡායාරූප එකතුවක් ඡායාරූප ලේඛනාගාරයක්, ඡායාරූප පුස්තකාලයක් හෝ ඡායාරූප බැංකුවක් ලෙස ද හැඳින්විය හැකිය. කෙසේ නමුත් වර්තමානයේ දී ඡායාරූප එකතු පාලනය කරන්නන් සිය එකතු තුළට නිශ්චල ඡායාරූප වීඩියෝ ක්ලිප් සහ චිත්‍ර නිර්මාණ අන්තර්ගත කර ඇත. මේනිසා පවතින ශබ්ද මාලාව අනුව ඒවා හැඳින්වීම සඳහා නිරවද්‍ය යෙදුමක් සැපයීම අපහසු වේ.

දල විශ්ලේෂණය[සංස්කරණය]

කර්තෘභාගය නොමිලේ (Royalty free - RF)[සංස්කරණය]

මෙහි නොමිලේ යන්නෙන් අදහස් කරන්නේ පින්තූරය භාවිතා කරන සෑම අවස්ථාවකදීම ගෙවීම අවශ්‍ය නොවේ යන්නයි. නමුත් මෙහිදී පින්තූර මිලදී ගැනීම අවශ්‍ය වේ.

  • මෙම ඡායාරූපවලට එක් වරක් ගෙවීමෙන් පසු වාර ගණනක් විවිධ හේතු සඳහා එම ඡායාරූප භාවිත කළ හැකිය.
  • පින්තූරය භාවිතා කළ හැකි කාල සීමාවක් නැත.
  • කිසිවෙකුටත් පින්තූරය පිළිබඳ විශේෂ හිමිකම් ගත නොහැකිය (ඡායාරූප ශිල්පියාට කැමති වාර ගණනක් පින්තූරය අලෙවි කළ හැකිය).
  • කර්තෘභාගය නොමිලේ ලැබෙන පින්තූරයක් ‍නැවත ගොඩනැඟිය හැකි වාරගණන පිළිබඳව සීමාවක් ඇත.

උදාහරණයක් ලෙස තමා මිලදී ගත් ඡායාරූප සහිත අත්පත්‍රිකා 5,000,000 ක් සකස් කිරීමට බලපත්‍රයක් මඟින් අවසර ලබා දිය හැකිය. මෙම ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් එක් පිටපතකට සත 1 ත් 3 ත් අතර ප්‍රමාණයක් ගෙවීමට සිදුවේ. මේ අනුව විශාල වශයෙන් මුද්‍රණය කරන සඟරාවකට ඡායාරූප සදහා කතෘභාගය නොමි‍ලේ නොලැබෙයි.එවැනි අවස්ථාවන්හි නොමිලේ ලැබෙන බලපත්‍රය භාවිතා කළ නොහැකි අතර, ඔවුනට හිමිකම් ඇවිරුණු ඡායාරූප භාවිතා කිරීමට හෝ ආයතනයේම ඡායාරූප ශිල්පීන් තබා ගැනීමට සිදු වේ.

හිමිකම් කළමනාකරණ ලද (Rights managed - RM)[සංස්කරණය]

  • මිලදී ගන්නා සහ භාවිතා කරන සෑම අවස්ථාවක් සඳහාම ගෙවිය යුතු වේ.
  • පින්තූරය භාවිතා කළ හැකි කාල පරාසය පිළිබඳ සිමාවක් නැත (සාමාන්‍යයෙන් අවුරුද්දකි). මෙමඟින් පළමුවෙනි ගැණුම්කරුගේ කාලය ඉකුත් වු පසු තවත් ගැණුම්කරුවෙකු‍ට විශේෂ වරප්‍රසාද සහිතව රූපය අලෙවි කිරීමට ඡායාරූප ශිල්පියාට අවස්ථාව උදාවේ.
  • පින්තූරයක් පිළිබඳ විශේෂ වරප්‍රසාද අවශ්‍ය නම් හිමිකම් ඇවිරුණු බලපත්‍රයක් ලබා ගැනීමට ගැණූම්කරුට සිදුවේ.

මෙමඟින් මෙම රූපය තවත් කෙනෙකුට විකිණීමේ අවස්ථාව ඡායාරූප ශිල්පියාට නොමැති වේ.

  • නොමිලේ යන්න පදනම් වී ඇත්තේ විශිෂ්ටත්වය, බෙදාහැරීම, භාවිතා කරන කාල පරාසය, භාවිතා කරන භූගෝලීය පිහිටුම වැනි කරුණු මතය.
  • කතෘභාගය නොමිලේ ‍ලැබෙන රූපයකින් ලබාගත හැකි පිටපත් සංඛ්‍යාවට වඩා වැඩි පිටපත් සංඛ්‍යාවක් ලබාගැනීමේ අවස්ථාව හිමිකම් ඇවිරුණු බලපතකින් ලැබේ.

ලක්ෂණ[සංස්කරණය]

අන්තර්ජාල සම්බන්ධ ඡායාරූප තොග සමූහයන්ගේ විශේෂ ලක්ෂණයක් වන්නේ, පින්තූර පිළිබඳ දත්ත පින්තූරයට අනුබද්ධ කිරීම මඟින් මුලික පද ඇසුරෙන් පින්තූර සොයා ගැනීම පහසු කිරීමයි.

කර්මාන්ත ව්‍යුහය[සංස්කරණය]

ඡායාරූපයක මිල තීරණය කිරීමේදී ප්‍රේක්ෂක ප්‍රමාණය, කොතෙක් කල් ඡායාරූපය භාවිතයට ගැනේද, එය භාවිතා වන රට වැනි කරුණු සැලකිල්ලට ගැනේ.


අයිතිය සැලකිල්ලට ගෙන ඇති රූප සඳහා සෑම භාවිතයකදීම බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය වේ. හිමිකාරත්වය නොමිලේ ලබාගත හැකි රූප සදහා එක් වරක් පමණක් බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසු කැමති වාර ගණනක් භාවිතා කළ හැකිය. සේවාදායකයාට අවශ්‍ය වුවහොත් අනෙකුත් පාරිභෝගිකයන්ට එම රූපය භාවිතා කිරීම වැළැක්වීම සඳහා කිසියම් කාල පරාසයකට හිමිකම් ලබාගත හැකිය. නමුත් හිමිකාරිත්වය නොමිලේ ලැබෙන ඡායාරූප සඳහා මෙම විශේෂ වරප්‍රසාද ඉල්ලිය නොහැකිය.


ඇතැම් ඡායාරූප තොග පිටුවල ප්‍රචාරක කටයුතු සඳහා කුඩා ප්‍රමාණයේ ඡායාරූප භාවිතා කෙරේ. එවිට එම ඡායාරූප මිලදී ගැනීමට අවශ්‍ය පුද්ගලයාට එහි විශාල ප්‍රමාණයේ රූපයක් මිලදී ගත හැකිය.


වෘත්තීය තොග ඡායාරූප ශීල්පීන්, කලින් එකඟ වු කොමිස් ප්‍රතිශතයක් අනුව කාර්යාංශ එකක් හෝ වැඩි ගණනක් සමඟ කොන්ත්‍රාත්තුවක් අත්සන් කොට තමාගේ පිංතූර ප්‍රදර්ශනය කරනු ලබයි.

ඉතිහාසය[සංස්කරණය]

පළමුවෙනි තොග ඡායාරූප කාර්යාංශය 1920 දී එච්. ආම්ස්ට්‍රෝන්ග් රොබට් විසින් පිහිටුවන ලදි. එය අද රොබස්ටොක් ලෙස හැඳින්වේ.

වසර ගණනාවක් මුළුල්ලේම තොග ඡායාරූපකරණය සමන්විත වූයේ ව්‍යාපාරික සඟරා සඳහා ගන්නා ඡායාරූප වලිනි.වර්ෂ1980 වන විට තොග ඡායාරූප සඳහා ලබා දීමට ඡායාරූප ශිල්පීන් විසින් රූගත කරන ලදී.

ප්‍රචාරණ සඳහා අවශ්‍ය ඡායාරූප කලින් සැලසුම්කිරීම සහ එම අවශ්‍යතාවය ඡායාරූප ශිල්පීන්ට දැනුම් දීම සඳහා කාර්යාංශය වඩාත් සංකීර්ණ විය. එබැවින් ඡායාරූප ශිල්පීන් දෙයක් සසඳා බැලිය යුතු ඇස පිළිබඳ සැලකිලිමත් විය. උදාහරණයක් ලෙස සඟරාවක මුල් කවරයේ භාවිතා කිරීම සඳහා යොදා ගැනීමට සුදුසු ඡායාරූප රූගත කිරීමේදී එය ‍සිරස්වද, ඉහළින් සහ පහළ වම් පසින් ඉඩ තිබෙන පරිදි රූගත කිරීම දැක්විය හැකිය.මේ වන විට තිබු ප්‍රධාන කාර්යාංශ ලෙස The image Bank, Super stock, Comstock Image , Tonystone, Photo researches, FBG දැක්විය හැකිය.

Getty Image සහ Corbis යනු වසර 1990 වනවිට පැවති විශාලතම වෙළඳ සමාගම් දෙක විය. අද වනවිට තොග ඡායාරූප වෙළඳ සමාගම් අන්තර්ජාලය ඔස්සේද ව්‍යාප්ත වී ඇත. 2000 වසරේ මුල් භාගයේ දී Jupiter media සමාගමට කුඩා කාර්යාංශ මිලදී ගෙන, ඒවා Jupiter images යටතේ පවත්වාගෙන යන ලදී. මෙමඟින් ලොව තුන්වන විශාලම සමාගම වීමටJupiter media සමාගමට හැකි විය.

බෙදාහැරීමේ මාධ්‍යය ලෙස අන්තර්ජාලය භාවිතා කිරීමත් සමඟ ආධුනිකයන් සහ විනෝදාංශයට ඡායාරූපගත කරන්නවුන් සේවයට බඳවා ගැනීමෙන් ඉතා අඩු මිලට උසස් තත්ත්වයේ ඡායාරූප ලෝක වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකි විය.

2003 වසරේදී Shutter point ආයතනය විසින් විවෘත සම්ප්‍රවේශ ආකෘතියක් හඳුන්වා දෙන ලදි. මෙමඟින් සියළු පදනම් ඡායාරූප අන්තර්ජාලයට ඇතුළු කොට ඒවා වෙළඳාම් කිරීමට අවස්ථාවන් සලසා දෙන ලදී. 2004 දී ෆෝට් ලිබ්‍රා (foot Libra) විසින් නැඹුරුතාව පවත්වාගෙන ගිය අතර, 2005 දී Scoopt ආනයනය මඟින් පුරවැසි ලේඛන කලාව සඳහා කාර්යාංශයක් ආරම්භ කරන ලදී. මෙමඟින් පොදු ජනතාව කැමරා දුරකථන වලින් ගන්නා විශේෂ සිද්ධි වලට අදාල ඡායාරූප අන්තර්ජාලයට ඇතුළු කිරීමට ඉඩ ලබාදෙන ලදී. 2007 දී Cutcaster මඟින් මෙම අදහස තව දුරටත් පුළුල් කෙරුනු අතර, ඡායාරූප ශිල්පින් ඇතුලත් කරන ලද ඡායාරූපයට කැමති මිලක් ඔවුනටම නියම කළ හැකි අතර, මිලදී ගන්නන්හටද ලංසු තැබීමේ අවස්ථාව සලසා දෙන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ඡායාරූප_එකතු&oldid=471917" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි