චලන ග්‍රාපික සැලසුම

විකිපීඩියා වෙතින්

චලන සැලසුම යනු ග්‍රාපික සැලසුමෙහි උප තුලකයක් වන්නේ එය විසින් චිත්‍රපට තැනීමේ හෝ සදෘශ්‍ය නිෂ්පාදනයෙහි (හෝ අනෙකුක් කාලික වශයෙන් විකාසය වන දෘශ්‍ය මාධ්‍යයයේ) සන්දර්භයක් තුල සජීවනය හෝ චිත්‍රපටමය ශිල්ප ක්‍රම භාවිතය තුලින් ග්‍රාපික සැලසුම් මූලධර්ම භාවිත කෙරෙන නිසාය.

ග්‍රැෆික් චලන සැලසුම් කිරීමේ යෙදුම් භාවිතා කිරීමේ දී බොහොමයක් පුද්ගලයින් එය වස්තු අරඹයා වූ යෙදුමක් ලෙස දකී. මෙම මාද්‍ය ගොනු පික්සෙල් හෝ වෙක්ටර් ආකෘතියෙන් ඇති නිශ්චල ඡායාරූප, චිත්‍රපට අනුක්‍රම හා ශ්‍රව්‍ය ගොණු විය හැක. යෙදුම තුළ දී ඔබ තමන්ගේම හා ස්වාධීන කාල රාමුවක්, විභේදන බලයක්,තත්පරයට වන රාමු ගණන හා පික්සෙල් ප්‍රමාණයෙන් යුත් නව සංයුතියක් නිර්මාණය කරනු ඇත.

සංයුතියක් නිර්මාණය කිරීමේ දී ඔබ විසින් මාධ්‍ය ගොනු එකක් හෝ කිහිපයක් ඇතුළත් කරයි. මෙම ගොණු සංයුති කවුලුවෙහි (composition window) මෙන්ම කාල රාමුවෙහි ද දැකිය හැක.

ස්ථර වලට පිහිටීම (x,y සමහරක් විට z) , ප්‍රමාණය, භ්‍රමණය, පාරාන්ධතාව, etc වැනි‍ දේ ඔබට පාලනය කළ හැකි ගති ලක්ෂණ ඇත. ස්ථර ඇල්ෆා චැනල හා මිශ්‍ර කිරීමේ ආකාර මඟින් සපයා ඇති විනිවිද පෙනීමේ තොරතුරු යොදා‍ ගෙන එකිනෙක සමඟ මතු වේ. ඒවායින් ස්ථර ඊට පහතින් වූ ස්ථර වලට බලපෑම් කරන ආකාරය වෙනස් වේ. සියලුම නවීකරණය කළ හැකි ක්‍රම පාහේ කී ෆ්‍රේම් කල හැක. එනම් කාලය හරහා එහි අගය යම් නිශ්චිත ස්ථානයක ගබඩා කර තැබිය හැක. මෙය පරිගණක සජීවීකරණයේ, එනම් කාලය හරහා කී ෆ්‍රේම් අතර අගයන් අන්තර්නිවේෂණය කිරීමට පරිගණක භාවිතා කිරීමේ මූලික න්‍යායන්ගෙන් එකකි.

"https://si.wikipedia.org/w/index.php?title=චලන_ග්‍රාපික_සැලසුම&oldid=233682" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි