චර්යාවාදයේ නැගුම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
විල්හෙම් වූන්ඩ්(ඉදගෙන )සිය මිතුරන් සමඟ මනෝ පරීක්ෂණාගාරයේදී

ප්‍රොයිඩ්ගේ මනෝගති විද්‍යාවේ පුද්ගලතා බද්ධ වීම සහ අන්තර්වලෝකන ස්වභාවය නිසා ද ළමා කාලයේ අත්දැකීම් නැවත එකතුකර ගැනීම නිසා ද 20 වැනි සියවසේ දී චර්යාවාදය ප්‍රධාන මග පෙන්වුම් මනෝවිද්‍යාත්මක න්‍යායක් ලෙස ප්‍රසිද්ධියට පත් විය. ජෝන් වොට්සන්ගේ පුරෝගාමීත්වයෙන් එඩ්වඩ් තෝන්ඩික්, ක්ලාක් එල්හල්, එඩ්වඩ් සී. ටොමිලන් සහ පසුකාලීනව බී.එෆ්. ස්කිනර්ගේ උපකාරයෙන් චර්යාවාදය ගැන සතුන් ආශ්‍රිත පර්යේෂණ කිරීම ඇරඹිණි. චර්යාවාදීන්ගේ මතයට අනුව මනෝ විද්‍යාවේ විෂයානුබද්ධ ගැටලු සම්මත පාලන ක්‍රියාවන්ට අනුව ක්‍රියාකාරීවීමත් සමඟ මනෝ විද්‍යාව මනස හෝ විඥාණය නොව චර්යාව මූලික ලෙස ඉලක්ක කර ගති. ඔවුන් අභ්‍යන්තර මානසික තත්ත්වයන් හැඟීම්, දැනීම්, විශ්වාසයන්, ආශාවන් සහ අනෙකුත් නිරීක්ෂණ කළ නොහැකි සිතුවිලි අධ්‍යනයේ වලංගුතාවය පිළිබඳව ප්‍රශ්න නැගිය “චර්යාවාදීන්ට අනුව මනෝ විද්‍යාවට අදාළ අර්ථ කථන කිහිපයකි. ” Watson විසින් මනෝ විද්‍යාව යනු “ස්වභාවික විද්‍යාවේ විෂය මූලික පර්යේෂණයන්හි ශාඛාවක් ලෙසද” “අන්තර් අවලෝකනය එම ක්‍රමයන්හි වැදගත් කොටසක් නිරූපණ නොකරන බවද” පෙන්වා දුනි. චර්යාවාදීන් විසින් මිනිසා සහ තිරිසනුන් ද බෙදා කළ හැකි පැහැදිලි කඩ ඉමක් නොමැති බව නිරීක්ෂණය කරන ලදී. Skinner විසින් උපකල්පන පරීක්ෂා කිරීමට කරනු ලබන පර්යේෂණ ඵලදායී නොවන බව ප්‍රකාශ කරන ලදී. එනම් වඩා හේතු භූත වූ හෝ විචාරාත්මක සෛද්ධාන්ත මඟින් අර්ථ ශුන්‍ය පර්යේෂණ හා සාර්ථක පර්යේෂණ මැඩ පවත්වන බව පවසන ලදී.

20 වැනි සියවසේ පළමු භාගයේ දී චර්යාවාදය මනෝ විද්‍යාවේ ප්‍රධාන සුසමාදර්ශකයක් විය. නමුදු නූතන මනෝ විද්‍යාව විඥාණික මනෝ විද්‍යාව මඟින් අභිබවනය කරයි. භාෂාවේ දී Noam Chomsky මනෝ විද්‍යාවේ විඥානික විප්ලවය ඇති කිරීමට B. F. Skinner ගේ වාච්‍යචර්යාව පිළිබඳව කරන ලද සමාලෝචනය මඟින් හැකි විය. එමඟින් චර්යා අධ්‍යාපනය සහ‍ භාෂා ආධිපත්‍ය අධ්‍යාපනය සඳහා චර්යාවේදී ප්‍රවේශණය අභියෝගයට ලක් කරන ලදී. Chomsky විසින් Skinner විසින් සතුන් ආශ්‍රිත පර්යේෂණ ඇසුරින් ඉදිරිපත් කළ “සංවේදනය” “ප්‍රතිචාරය” “ප්‍රතියත්නය” වැනි මතයන් පුළුල් ලෙස විවේචනය කරන ලදී. තවද ඔහු විසින් Skinner ගේ මතයන් ආදේශ කළ හැක්කේ භාෂාව ලබා ගැනීම, වැනි සංකීර්ණ මිනිස් ක්‍රියා සඳහා මතුපිටින් පමණක් බවට වාද කරන ලදී. ඔහු පර්යේෂණ සහ විශ්ලේෂණ භාෂාව ග්‍රහණය කිරීමේ දී ළමයාගේ දායකත්වය සැලකිය යුතු බව ද මිනිසා භාෂාව ග්‍රහණය කිරීම සඳහා ස්වභාවික හැකියාවක් සහිතව උපත් ලබා ඇති බවද අවධාරණය කරන ලදී. මොහුගේ බොහෝ ක්‍රියාවන් මනෝ විද්‍යාඥ ඇල්බට් බන්ඩුරා හා එක්ව කරන ලද ඒවා වෙයි. ඇල්බට් බන්දුරා විසින් සමාජ ඉගෙනුම් න්‍යාය මඟින් කුඩා ළමුන් වෙනත් පුද්ගලයෙකුගේ ආකෘතියක් නිරීක්ෂණය මඟින් ඛණ්ඩශීලීත්වය (ආක්‍රමණශීලීත්වය) ඉගෙන ගන්නා බව පෙන්වා දෙන ලදී. තවද මෙම ක්‍රියාවේ දී පිටතට පෙනෙන චර්යාවේ කිසිදු වෙනසක් ඇති නොවන නිසා ආක්‍රමණශීලීත්වය කෙරෙහි හේතු වනුයේ දේහය අභ්‍යන්තර ක්‍රියාවලියක් බව ද පැවසීය.


සටහන්[සංස්කරණය]

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Psychology#Rise_of_behaviorism

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Psychology Rise_of_behaviorism
"https://si.wikipedia.org/w/index.php?title=චර්යාවාදයේ_නැගුම&oldid=354884" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි