චර්ම රෝග පිළිබද අධ්‍යයන විද්‍යාව

විකිපීඩියා වෙතින්
(චර්ම රෝග සම්බන්ධ ප්‍රතිකාර ක්‍රම වෙතින් යළි-යොමු කරන ලදි)

චර්ම රෝග පිළිබද අධ්‍යයන විද්‍යාව යනු සම සහ එහි ව්‍යුත්පන්නයන් (කෙස්, ශ්වේද ග්‍රන්ථි) පිළිබදව අධ්‍යයනය කෙරෙන වෛද්‍ය විද්‍යාවේ එක් ශාඛාවකි.

උපකොටස්[සංස්කරණය]

සමාජ රෝග සහ රුධිර වාහිණි පිළිබද අධ්‍යයන විද්‍යාව[සංස්කරණය]

සමාජ විද්‍යාව යනු ලිංගාශ්‍රිත රෝග පිළිබද රෝග නිර්ණය හා ප්‍රතිකාර ලබාදෙන උපක්ෂේත්‍රයක් වන අතර රුධිර වාහිණී පිළිබද අධ්‍යයන විද්‍යාවේ දී ශිරා පද්ධතියේ ඇති වන ගැටළු පිළිබද අධ්‍යයනය කෙරේ. මෙම අංශ දෙකෙහිම විශේෂඥ දැනුමක් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය වරුන්ට ඇත.

සිරුර අලංකරණය කිරීම පිළිබද චර්ම රෝග විද්‍යාව[සංස්කරණය]

චර්ම රෝග ක්ෂේත්‍රයෙහි වැදගත් ස්ථානයක් ඉහත කී අංගයට හිමිවේ. චර්ම රෝග විශේෂඥයින් මෙහි මූලික නිර්මාතෘන්ය. වසර 1900 දී කුරුලෑ නිසා ඇතිවන කැළැල් සහ සම මතුපිට ඇති අනෙකුත් දුර්වලතා සහ ආබාධ මගහරවා ගැනීම සදහා චර්ම රෝග විශේෂඥයන් විසින් නොයෙකුත් ක්‍රමෝපායන් භාවිතා කරන ලදී. රූපාලංකාරය වැඩි කිරීම පිළිබදව විශේෂඥ දැනුම ලබා ඇති චර්ම රෝග විශේෂඥවරු විසින් වයස් ගත වීමේ ලක්ෂණ නැවත යතා තත්වයට පත් කළ හැකි වේදනාකාරී නොවන ක්‍රමෝපායන් හදුනාගෙන ඇත. ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් සමෙහි ඇති රැළි සදහා ප්‍රතිකාර කිරීමට Botox නම් ඖෂධය භාවිතා‍ කිරීමට අනුමැතිය ලබාදී ඇත. මෙමගින් ඇහි බැම හැකිලීමේ දී සහ ඇස් යට සමෙහි ඇතිවන රැළි අවම කිරීමට උපකාරී වේ. මුහුණහි සමෙහි ඇති වන රැළි හිරවීමට සහ ඒවා නැවත ඇති වීම අවම කිරීමට නොයෙකුත් පිරවුම් කාරක භාවිතා කෙරේ. මෙලෙස භාවිතා වන පිරවුම් කාරක ද්‍රව්‍යයන්හි වෙළද නාම වර්ග කිහිපයක් නම් Restylane, Perlane, Juvederm, Radiesse සහ Cosmoplast ය. චර්ම රෝග විශේෂඥයින් නොයෙකුත් ශක්ති ජනක ප්‍රභවයන් භාවිතා කරමින් ප්‍රතිකාර ක්‍රම ලබාදීමේ පුරෝගාමීන් වන අතර ඒවා නම් රේඩියෝ සංඛ්‍යාත, අධෝරක්ත කිරණ, අති ප්‍රබල ආලෝක කිරණ සහ ප්‍රකාශගති ප්‍රතිකාර ක්‍රමයි.

චර්ම රෝග පිළිබද සැත්කම්[සංස්කරණය]

මේවා සිදුකරනු ලබන්නේ චර්ම රෝග විශේෂඥවරුන් මගිනි. චර්ම රෝග පිළිබදව ලබාදෙන පුහුණුවෙහි එක් වැදගත් අංගයක් වන්නේ සැත්කම් ක්‍රම පිළිබදව ලබාදෙන දැනුම වන අතර සියලුම චර්ම රෝග විශෙෂඥවරුන් සමෙහි සිදු කරන සැත්කම් පිළිබදව හොද පුහුණුවක් ලබා ඇත. උතුරු ඇමරිකාවෙහි සමෙහි රෝග සැත්කම් පිළිබදව එක් වසරක විශේෂ පුහුණුවක් මුලික පුහුණුවෙන් පසුව ලබාදේ. මෙහිදී ශුද්‍ර සැත්කම් ක්‍රම පිළිබදව ද පුහුණු වීම පිළිබදව අවධානයක් යොමු කෙරේ. (Mohs’ micrographic Surgery) මෙම ක්ෂේත්‍රය පිළිබදව කැමැත්තක් දක්වන බොහෝ චර්ම රෝග වෛද්‍යවරුන් American College of Mohs micrographic Surgery and Cutaneous Oncology සහ American Society for Dermatologic Surgery යන ආයතනවල සාමාජිකත්වය ලබාගෙන පුහුණුව ලබාගනිති.

සමෙහි රෝග පිළිබදව සැත්කම් සිදුකිරීමේ දී භාවිතාවන ක්‍රමෝපායන් වනුයේ ලේසර් කිරණ භාවිතය, සම්ප්‍රදායික සැත්කම් ක්‍රම, විද්‍යුත් සැත්කම්, ක්‍රියෝ සැත්කම්, ප්‍රකාශගති ප්‍රතිකාර ක්‍රම, මේද ඉවත් කිරීම, ඇසිපියෙහි සිදුකරන සැත්කම් මුහුණෙහි සමෙහි රැළි ඉවත් කිරීමට සිදුකරන සැත්කම් සහ ආලේප කරන හා එන්නත් කරන පිරවුම්කාරක වර්ග භාවිතා කරමින් සිදුකරන සැත්කම්ය. ඇතැම් විශේෂ පුහුණුව ලැබූ චර්ම රෝග පිළිබද ‍ශල්‍ය වෛද්‍යවරුන් Mohs’ සැත්කම් සිදුකරති. මෙය වරින්වර ඇතිවන ප්‍රතිකාර කිරීමට අපහසු සැත්කම් සදහාත් ලබාදෙන ඵලදායි ප්‍රතිකාර ක්‍රමයකි.

ප්‍රතිකාර ක්‍රම[සංස්කරණය]

සම බාහිරව ලබාදෙන අ‍ාලේපන ප්‍රතිකාර ක්‍රම සදහා වඩාත් යෝග්‍ය වේ. සමෙහි ඇතිවන ආසාදන රෝග සදහා ප්‍රතිජීවක ආලේපන ද ස්ටීරොයිඩ සහිත ආලේපන වර්ග විවිධ ආසාත්මිකතා නිසා ඇතිවන චර්ම රෝග සදහා ද භාවිතා කෙරේ. චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රතිශක්ති කරණය වැඩි දියුණු කර ගැනීමේ ප්‍රතිකාර ක්‍රම හදුන්වා දී ඇත. ඒවා නම් සම මතුපිටෙහි ඇතිවන පිළිකාවන් සදහා ලබාදෙන Imiquimod ආලේපන වර්ග සහ ඉන්නන් සදහා ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රතිකාර ක්‍රමයි.

ආලේපන ප්‍රතිකාර ක්‍රම[සංස්කරණය]

බහුතරයක් චර්ම රෝග සදහා ආලේපන ප්‍රතිකාර ක්‍රමයන් භාවිතා කෙරුණද මුඛ මාර්ගයෙන් ලබාදෙන ඖෂධ වර්ග ද භාවිතා කරයි. ප්‍රතිජීවක ඖෂධ, ප්‍රතිශක්තිකරණය මර්දනය කිරීමේ ඖෂධ හෝ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර ගැනීමට භාවිතා කරන ඖෂධ වර්ග විවිධ සමෙහි පිළිකා හා රෝග තත්වයන් සදහා භාවිතා කරයි. Isotretinoin යනු උග්‍ර ලෙස කුරුලෑ ඇති වන අවස්ථාවන්හි දී ලබාදෙන ඖෂධයක් වන අතර එමගින් ජීවිත කාලය මුළුල්ලේම රෝගය නැවත ඇති වීම වළක්වාලයි. ඇමරිකා එක්සත් ජනපදය විසින් Isotretinoin නිර්දේශ කිරීමේදී එය පාලනය කිරීමක් ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් සිදුකරයි. ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට ලේසර් තාක්ෂණය හදුන්වාදීමත් සමගම විවිධ නව ප්‍රතිකාර ක්‍රමෝපායන් බිහිවෙමින් පවති.

ආලෝක ප්‍රතිකාර ක්‍රම[සංස්කරණය]

මෙහිදී පාරජම්බුලකිරණ භාවිතා කරනු ලැබේ. තවද මුඛ මාර්ගයෙන් ලබාගන්නා සහ ආලේප කරනු ලබන ඖෂධ ද සමෙහි රෝග සදහා ප්‍රතිකාර කිරීමේ දී භාවිතා වේ.

සැත්කම් මගින් ලබාදෙන ප්‍රතිකාර ක්‍රම[සංස්කරණය]

නහර ගැට ගැසීම සහ ඇතැම් පිළිකා රෝග සදහා චර්ම රෝග ශල්‍ය වෛද්‍යවරයෙකු මගින් ලබාදෙන සැත්කම් ක්‍රම උපකාරී වේ. නහර ගැට ගැසීම සදහා එලෙස අවහිර වූ ශිරා සදහා එන්නත් ලබාදීම මගින් හෝ Nd : YAG ලේසර් ප්‍රතිකාර ක්‍රම මගින් සුවයක් ලබාදිය හැකිය. සමෙහි ඇතිවන පිළිකා සදහා ප්‍රතිකාර ලබාදීමේ දී Mohs සැත්කම් ක්‍රම, ක්‍රියෝ සැත්කම්, එක්ස්කිරණ හෝ ප්‍රතිශක්තිය වැඩි දියුණු කර ගැනිමේ ප්‍රතිකාර ක්‍රම වන Imiquimod භාවිතා කෙරෙයි.

මානසිකව ඇතිවන චර්ම රෝග[සංස්කරණය]

මෙලෙස මානසික වශයෙන් හටගන්නා චර්ම රෝගයන් සදහා ප්‍රතිකාර කිරීමේදී විවිධ මෝහන ක්‍රමෝපායන් සහ අනෙකුත් මානසික ප්‍රතිකාර ක්‍රමයන් භාවිතා කෙරේ.ඇතැම් පුද්ගලයින්ගේ පෙර ජීවිතයේ අත්දැකීම් සුව නොවන චර්ම රෝග වලට හේතු ‍ලෙස හදුනාගෙන ඇත.‍පෙර භවයක සර්ප විසක් සරීර ගතවී පාදයක් මත ඇති වූ තුවාලය සුව කරගැනීමට ‍නොහැකිව පාදය වනවී මරණයට පත් කාන්තාවකගේ මේ භවයේ ද එම පාදය මත සුව නොවන චර්ම රොගයක් සැදී කුඩා කාලයේ සිටම පීඩා විදිමින් ජීවත් වී ඇත.2011 වසරේ දී ‍මෝහන චිකිත්සක ආචාර්ය ප්‍රියන්ත ඒකනායක මහතා එම කාන්තාව මොහන ප්‍රතිගමනයට ලක්කොට ‍පෙර සිදුවීම අනාවරණය කරගෙන delete method නමැති චිකිත්සක ක්‍රමවේදය භාවිත කරමින් සාර්ථකව ඇයව සුවපත් කරනු ලැබූහ.මාසයක් පමණ කල්ගතවීමෙන් පසු ඇයගේ තුවාල කැලැල්ද මැකීගොස් තිබුණි.

මානසික ආතතිය දිගුකල් පැවතීම නිසා ද චර්ම රෝග හටගනී.ආතතියෙන් මිදෙන්න සිරුරට නිකුත්වන ඇඩ්‍රිනලීන් හෝමෝනය ප්‍රතික්‍රියා කිරීමෙන් පසු හටගන්නා කෝටිසෝල් නමැති රසායනිකය සිරුරට නිකුත් කෙරේ.ඒවා සිරුරෙහි පිට සම මත තැම්පත් වී සමට හානි සිදු කරයි.සම මත මේද හා විවිධ අපද්‍රව්‍ය තැම්පත් වී ආසාදන ඇතිවේ.කෝටිසෝල් සිරුරෙහි ප්‍රතිශක්තිය අඩු කරන බැවින් රෝග පැතිරීම වේගවත් වේ.බඩවැල් වල ඇතුළු බිත්ති වල හා විවිධ ඉන්ද්‍රිය වල අභ්‍යන්තරයේ ද විවිධ ආසාදන හටගනී.ලිහිලන අභ්‍යාස,භාවනාව,ක්‍රීඩා කිරීම හා මෝහන පුතිකාර වැනි සිරුරට ප්ලීස හෝමෝන නිකුත් කරන ක්‍රියා මගින් මේ තත්වය නිට්ටාවට සුව කළ හැකිය.