චන්ද්‍ර මෙහෙයුම්

විකිපීඩියා වෙතින්

චන්ද්‍ර මෙහෙයුම්

ප්‍රධාන ලිපිය: සද මතට ගොඩ බැසීම.

ඇ.එ.ජ සහ සෝවියට් සංගමය සාක්ෂාත් කරගත් ආකාශ පරීක්ෂණ, ඔවුන් ගෞරවනීය ජාතීන් බවට පත් කෙරුවද, ආකාශ තරගය ,පළමු මිනිසා සද මත ගොඩ බැසීම දක්වාම නොකඩවා පැවතුණි. මෙම ජයග්‍රහණයට පෙර මිනිසුන් රහිත යානා මගින් ලබාගත් ජායාරූප හරහා සද මට සුරක්ෂිතව ගොඩ බැසීමට ඇති හැකියාව තහවුරු කර ගන්නා ලදී.

සද මත ගොඩ බැසීම

සෝවියට් සංගම සාර්ථක වීමෙන් පසු ඇ.එ.ජ ජනාධ්පති ජෝන් .එෆ්. කෙන්ඩි හා උප ජනාධිපති ලින්ඩන්. බී .ජොන්සන්, මහජන අවධානය තමා වෙත යොමු කර ගත හැකි ව්‍යාපෘතියක් වෙත අවධානය යොමු කරන්නක් විය "ඇපලෝ" ව්‍යාපෘතිය හරහා ඔවුන්ගේ අරමුණු බොහොමයක් සාක්ෂාත් කර ගැනීමට සමත් වූ අතර, වාමවාදී(සමාජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කල ) සහ දක්ෂිණ වාදී(හමුදා ව්‍යාපෘති කෙරෙහි අවධනය යොමු කල ) දේශපාලකයන්ගේ විවාදයන් පරාජ කිරීමටද හේතු විය.

ඇපලෝ ව්‍යාපෘතියේ ප්‍රයෝජන අතර,

-මීළග මැතිවරණයේ ප්‍රධාන ආර්ථික ප්‍රකාශන සාක්ෂාත් කර ගැනීමට හැකි වීම

-1960 මැතිවරනයේදී කෙන්ඩි ප්‍රකාශ කළ, දිවිත්ව ක්‍රියාකාරී තාක්ෂණයෙන් යුතු "මිසයිල හිඩැස පිරවීම".

-නව තාක්ෂණික දියුණුව අත්කර ගැනීම, ආදිය වැදගත්ය.

නාසා ආයතනය සමග සාකච්ජාවකදී එහි අධ්‍යක්ෂ, ජේම්ස් වෙබ්, කෙනඩි දක්වන පරිදි,

අපි කළ සියල්ලම සිදු කිරීමට වූයේ සද සම්බන්ශ්යෙන් ඉදිරිය ගැනීම රුසියානුවන් විසින් සිදු කිරීම සීමාකිරීමටයි.

එසේ නැතිනම් අපට එතරම් මුදලක් වියදම් කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත. මන්ද යත් මම ආකාශ පරීක්ෂණ සම්බන්දයෙන් එතරම් කැමැත්තක් දක්වන්නෙකු නොවන නිසාවෙනි. වැය කල මුදල් සම්බන්ධයෙන් වන එකම සාධාරණීකරණය නම්, සොවියට් සංගමයට මේ පිළිබදව තිබූ ආධිපත්‍යට පහර දීමයි.

කෙනඩි සහ ජොන්සන් මහජජන මතයේ ආන්දෝලනය කළමනාකරණය කරගැනීමට සම්ත් විය. 1965 දී ඇමෙරිකානුවන් 58% ඇපලෝ ව්‍යාපෘතියට සිය කැමැත්ත ප්‍රකාශ් අක්‍ර තිබේ. එය 1963 සිට බලන විට 33% ක ඉහල යාමකි. 1963දී ජොන්සන් ඇ.එ.ජ ජනාධිපතිවීමෙන් පසුවද මේ සදහා ඔහුගේ සහයෝගය ලබා දුණි.

"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍ර_මෙහෙයුම්&oldid=471422" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි