චන්ද්‍ර මාස ක්‍රමය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

සාමාන්‍ය අවුරුද්දකට මාස 12කි. සිංහල මාස සඳෙහි තිථියට අනුව පොහොය ලැබීම සහ පොහොය ගෙවීම ලෙස චන්ද්‍ර මාස පිරීමෙන් සකසයි .අමාවක දින සිට ගැණෙන පළමු දිනයේ සිට ගණනය කෙරේ . අමාවක දින යනු සඳ නොපෙනෙන දිනයයි. එයින් පැමිණෙන පළමු දිනයේ සිට සඳ පිරෙන කාලය පුර පක්ෂයයි. පෑළවිය යනු චන්ද්‍රයාගේ කුඩා තීරුවක් පමණක් පෙනෙන දිනයයි. එමෙන්ම දින 30 ඇතුලත පුර පක්ෂයෙන් දෙකක්ද අව පක්ෂයෙන් දෙකක්ද ලෙස පොහොය හතරක් යෙදේ. මෙය "සතර පෝය" ලෙස හැදින්වේ. එනම් "පුර අටවක", "පුර පසළොස්වක","අව අටවක" සහ "අව අමාවක" ලෙසයි.

තිථි[සංස්කරණය]

පුර පක්ෂය[සංස්කරණය]

  • පුර පෑළවිය – 1 දිනය -(පෝය පුරන දිනය)
  • පුර දියවක – 2 දිනය
  • පුර තියවක – 3 දිනය
  • පුර ජලවක – 4 දිනය
  • පුර විසේනිය – 5 දිනය
  • පුර සැටවක – 6 දිනය
  • පුර සතවක – 7 දිනය
  • පුර අටවක – 8 දිනය – මෙය පොහොය දිනයකි
  • පුර නවවක – 9 දිනය
  • පුර දසවක – 10 දිනය
  • පුර එකොළොස්වක – 11 දිනය
  • පුර දොළොස්වක – 12 දිනය
  • පුර තෙළෙස්වක – 13 දිනය
  • පුර තුදුස්වක – 14 දිනය
  • පුර පසළොස්වක – 15නි දිනය – මෙයද පොහොය දිනයකි (පසොලොස්වක පෝය දිනය)

අව පක්ෂය[සංස්කරණය]

පුර පක්ෂයට පසුව එළඹෙන්නේ අව පක්ෂයයි. එයද පිළිවෙලින් පෑළවිය, දියවක ආදීලෙස ගැනේ. මෙහි ඇති විශේෂත්වය නම් සඳ පිරීමේ හෝ පිරිහීමේ තිථියන් අනුව පුර සහ අව යනුවෙන් පක්ෂ දෙකක් සලකා තිබීමයි.

  • අව පෑළවිය – 16 දිනය -(පෝය පුරන දිනය)
  • අව දියවක – 17 දිනය
  • අව තියවක – 18 දිනය
  • අව ජලවක – 19 දිනය
  • අව විසේනිය – 20 දිනය
  • අව සැටවක – 21 දිනය
  • අව සතවක – 22 දිනය
  • අව අටවක – 23 දිනය – මෙය පොහොය දිනයකි
  • අව නවවක – 24 දිනය
  • අව දසවක – 25 දිනය
  • අව එකොළොස්වක – 26 දිනය
  • අව දොළොස්වක – 27 දිනය
  • අව තෙළෙස්වක – 28 දිනය
  • අව තුදුස්වක – 29 දිනය
  • අවඅමාවක – 30 වන දිනය – මෙයද පොහොය දිනයකි

දිනය ලිවීම[සංස්කරණය]

සිංහල ක්‍රමය[සංස්කරණය]

ශ්‍රී සාලිවාහන ශක වර්ෂ' (අවුරුද්ද දැක්විය යුතුය)---- වැන්නේ (මාසය දැක්විය යුතුය)----මස (පුර / අව වශයෙන් තිථිය දැක්විය යුතුය )----නම් තිථිය ලත් (දිනය දැක්විය යුතුය)
නිදසුනක් ලෙස "ශ්‍රී සාලිවාහන ශක වර්ෂ 1915 වැන්නේ බක් මස පුර සැටවක නම් තිථිය ලත් කිවිදා"

බෞද්ධ ක්‍රමය[සංස්කරණය]

ශ්‍රී බුද්ධ වර්ෂ' (සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්මගිය අවුරුද්ද දැක්විය යුතුය)---- වැන්නේ (මාසය දැක්විය යුතුය)----මස (පුර / අව වශයෙන් තිථිය දැක්විය යුතුය )----නම් තිථිය ලත් (දිනය දැක්විය යුතුය)
නිදසුනක් ලෙස "ශ්‍රී බුද්ධ වර්ෂ 2500 වැන්නේ බක් මස පුර සැටවක නම් තිථිය ලත් කිවිදා"

මාස 12[සංස්කරණය]

සිංහල ක්‍රමයට වසර බක් මාසයෙන් ඇරඹේ.
බෞද්ධ ක්‍රමයට වෙසක් මාසයෙන් ඇරඹේ.

බක්[සංස්කරණය]

භක්තිමත් මාසය නමින් හැඳින්වෙන මේ මාසය තුළ අලුත් සහල් මංගල්‍යය, මුට්ටි මංගල්‍යය හා කෝණ මංගල්‍යය (හෙවත් සිංහල, හින්දු අවුරුදු උත්සවය) ආදිය පැවැත්විණි. බක්මී මල් හා එරබදු මල් පිපෙන සමයද වේ.


වෙසක්[සංස්කරණය]

පොසොන්[සංස්කරණය]

පස්සොන කාලය ,කරල්වලින් බීජ වෙන්කරන කාලය

ඇසල[සංස්කරණය]

ගස්වල කොළ

නිකිණි[සංස්කරණය]

නිකන් ඉන්න කාලය

බිනර[සංස්කරණය]

වප්[සංස්කරණය]

වපුරන කාලය

ඉල්[සංස්කරණය]

උඳුවප්[සංස්කරණය]

උඳු වපුරන කාලය

දුරුතු[සංස්කරණය]

ගස්වල කොළ අතු දුරු වෙන කාලය "දුරුතු"

නවම්[සංස්කරණය]

නව අංකුර එන කාලය "නවම්"

මැදින්[සංස්කරණය]

මැදින් රිකිලි එන කාලය "මැදින්"

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍ර_මාස_ක්‍රමය&oldid=400727" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි