චන්ද්‍රිකා ඉතිහාසය
වොයේජර් චන්ද්‍රිකා අනුපිළිවෙලින් මැරයින් 11 හා මැරයින් 12 ලෙස නම් කර මැරයින් වැඩසටහනේ කොටසක් පසුව බ්‍රහස්පති සෙනසුරු මැරයිනර් වැඩසටහන ලෙස නම් කළ එකිනෙකට වෙනස් වැඩසටහන් සදහා නික්ම යන ලදී. සිත් ඇදගන්නා සුළුභාවය හා චමත්කාරජනක භාවය නිසා ඒවා පසුව වොයේජර් ලෙස නම් කෙරිණි. වොයේජර් යානා ප්‍රමාණයෙන් කුඩා සහ දීර්ඝ කාලීන ක්‍රියාකාරිත්වය සදහා නිපදවන ලද්දකි. ඒවා කක්ෂගත කිරීම 1960 අග භාගයේ දී සහ 1970 මුල් භාගයේ දී සිදුවිය. විශාල චාරිකා වැඩසටහන්වලදී චන්ද්‍රිකා දෙකක් සියලුම ග්‍රහයන් කරා ගමන් කිරීමට සැලසුම් කරනු ලැබූ අතර එම කාලය තුළ සිදුවුණු අයවැය කප්පාදුව නිසා ඒවා කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකා බවට පත්විය. කෙසේ වෙතත් වොයේජර් යානා තම විශාල චාරිකා වැඩ සටහන සාර්ථක කර ගත්තේය. එහෙත් ඒ වන විට අන්තර්ජාතික තාරකා විද්‍යාඥයින්ගේ සමුළුව විසින් ග්‍රහලෝකයක් ලෙස නම් කරනු ලැබූ ප්ලූටෝ ග්‍රහයා වොයේජර් යානාවලට මගහැරුණි.
වොයේජර් 1 යානාව අවසන් කම්පනය විනිවිද යාම 2004 වසරේ අගභාගයේ දී සිදුවූ බවට විශ්වාස කෙරේ.
වර්ෂ 1990 දී වොයේජර් 1 යානාව පයිනියර් 10 යානය පරදමින් ඒ වන විට විශ්වය තුළ වැඩිම දුරක් ගමන් කළ අභ්‍යවකාශ යානය ලෙස වාර්තාගත විය. මුදාහැරීමේ දී වේගවත්ම යානය වූ “නිව් හොරයිසන්” යානය පවා එහි අවසාන වේගය වොයේජර් යානාවේ අවසාන වේගයට වඩා අඩු නිසා එය අභිබවා යාමට අසමත් වේ. වොයේජර් 1 යානාවේ වාර්තාව තවත් දශක කිහිපයක් පුරා පවතිනු ඇත. වොයේජර් 1 සහ පයිනියර් 10 යානා දළ වශයෙන් සූර්යයාගේ සිට එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට ගමන් ගන්නා නිසා විශ්වය පුරා පැතිර පවතින නිර්මිත වස්තු බවට පත්වී ඇත.
සෞරග්‍රහ මණ්ඩලයේ බාහිර විශාලවීම් නිරීක්ෂණය කිරීම උදෙසා චන්ද්‍රිකා දෙකම සමග දීර්ඝ කාලීන සන්නිවේදන සබදතා ගොඩනගනු ලබයි. චන්ද්‍රිකාවල අඩංගු විකිරණශීලී ඉන්ධන ප්‍රභවය තවදුරටත් විදුලි බලය ජනනය කිරීමෙහි නිරත වේ.
2003 වසර අගභාගයේ දී වොයේජර් 1 යානය එය අවසන් කම්පනය පසු කරනු ලැබූ බවට දත්ත ලබා දුණි. එහෙත් දත්තවල අර්ථ නිරූපණය අවුල් සහගත විය. දැන් වොයේජර් යානය අවසාන කම්පනය 2004 දෙසැම්බර් මාසයේ දී පසුකළ බවට විශ්වාස කෙරේ. එය ඉන්පසුව කිසි දිනක දැන නොසිටි ප්‍රදේශයකට අවතීර්ණ විය.
ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ අභ්‍යවකාශ ගවේෂණය පිළිබද දැක්ම යටතේ ක්‍රියාත්මක වූ අයවැය කප්පාදුව නිසා 2005 ඔක්තෝබර් මාසයට ප්‍රථම චන්ද්‍රිකාවලින් සෞරග්‍රහ මණ්ඩලයේ අවසානය නිරීක්ෂණය කිරීමට මත්තෙන් චන්ද්‍රිකාවන් අක්‍රීය කර අත්හැර දැමීමට සූදානමක් ඇතැයි කටකතා පැතිරිණි. එහෙත් 2007 වසර වනතෙක් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.
2007 අප්‍රේල් 04 වන විට වොයේජර් 1 යානය සූර්යාගේ සිට ටෙරාමීටර් 15.18 (15.18 x 1012 m , 15.18 x 109 km , 101.4 AU හෝ හැතැප්ම බිලියන 9.4) දුරකින් පසු විය. එය ඒ වන විට සූර්ය කෝෂ ප්‍රදේශයට ඇතුළත්ව තිබිණි. එනම් සෞරග්‍රහ මණ්ඩලය සහ අනන්ත අවකාශය අතර පවතින අවසන් කම්පන කලාපයයි. සූර්ය බලපෑම නිසා බාහිරින් පැමිණෙන වස්තූන් ගේ ගමන් මග වෙනස් වන අතර එම කලාපය ආකාශ වස්තූන් බහුල නොවූ ප්‍රදේශයකි.
2006 සැප්තැම්බර් වන විට වොයේජර් 2 යානය සූර්යයාගේ සිට 80.5 AU පමණ දුරකින් (ආසන්න වශයෙන් ටෙරාමීටර් 12) පිහිටියේය. විසිරී තැටියේ මධ්‍යයේ ගමන් ගනිමින් පැවති එය වසරකට 3.3 AU දුරක් ගමන් කරමින් පැවතුණේය. ප්‍රමාණය සූර්යයාගේ සිට ප්ලුටෝට ඇති දුර මෙන් දෙගුණයකි. 2007 දෙසැම්බර් 10 වැනි දිනවන විට සෞරග්‍රහ මණ්ඩලය අසමමිතික බව දක්වමින් පෘථිවියට දත්ත එවන්නට විය. ඒ වන විට වොයේජර් 2 චන්ද්‍රිකාව අවසන් කම්පන කලාපයට එළඹෙමින් පැවතුණි. එය වොයේජර් 1 ප්‍රථමයෙන් විනිවිද ගිය ස්ථානයේ සිට සැතපුම් බිලියන 10 ක් දුරින් පසු විය.
සටහන්
[සංස්කරණය]Voyager_program History |