චන්ද්‍රයා - නිරීක්ෂණය

විකිපීඩියා වෙතින්

එහි දීප්තිමත්ම කලාව එනම් පුර සඳ අවස්ථාවේ දී සඳට -12.6ක පමණ දෘශ්‍ය විශාලත්වයක් ඇත. සන්සන්දනාත්මකව සූර්යාට -26.8ක පමණ දෘශ්‍ය විශාලත්වයක් ඇත. චන්ද්‍රයා අව කලාවේ ඇති විට එහි දීප්තිමත් බව පුර සඳෙන් භාගයක් නොවේ. එය එයින් 1/10ක් පමණ වේ. මෙසේ වන්නේ චන්ද්‍ර මතුපිට පරිපූර්ණ ලැම්බර්ටියන් පරාවර්තකයක් නොවන හෙයිනි. සඳ සම්පූර්ණව ඇති විට ප්‍රතිවිරුද්ධ ආචරණය එය වඩාත් දීප්තිමත්ව දක්වයි. නමුත් පූර්ණව නැති විට මතුපිටට ප්‍රක්ෂේපිත සෙවණැලි පරාවර්තිත ආලෝක ප්‍රමාණය අවම කරයි.

ක්ෂිතිජයට ආසන්නයේ දී සඳ වඩා විශාල සේ පෙනේ. මෙය සම්පූර්ණයෙන්ම මනෝමය ආචරණයකි. සඳ ඉහල අහසේ ඇති විට ක්ෂිතිජය අසල දී පෙනෙණ ප්‍රමාණයට වඩා 1.5%ක් පමණ කුඩා වේ. (එසේ වන්නේ එය එක් පෘථිවි අරයකටත් වඩා එපිටින් ඇති හෙයිනි.)

එයට පවතින්නේ අඩු ඇල්බිඩෝවක් වුවත් සඳ අහසෙහි සාපේක්ෂව දීප්තිමත් වස්තුව සේ පෙනේ. චන්ද්‍රයා සෞරග්‍රහ මණ්ඩලයේ දුර්වලතම පරාවර්තකයා වන අතර එමඟින් පරාවර්තනය කෙරෙන්නේ එය මත පතිත වන ආලෝකයෙන් 7%ක් පමණි. (ගල් අඟුරු කොටසක් මඟින් එවැනිම ආලෝක කොටසක් පරාවර්තනය වේ.) දෘශ්‍ය පද්ධතිවල වර්ණ ධ්‍රැවත්වය වස්තුවක වර්ණය හා එහි වටපිටාව අතර සම්බන්ධය දක්වන අතර වටපිටාවෙහි වූ අහස සන්සන්දනාත්මකව අඳුරු නිසා චන්ද්‍රයා වඩා දීප්තිමත් වස්තුවක් ලෙස පෙනේ.


චන්ද්‍රයා වටා වූ හේලෝවක්

දවසක් තුළ දී සඳෙහි වැඩිම උන්නතාංශය වෙනස් වන අතර ආසන්න වශයෙන් සූර්යයාට සමාන සීමා ඇත. එය පෘථිවි සෘතු හා චන්ද්‍ර කලාව මත ද රඳා පැවතේ. තවදුරටත් වසර 18.6 ක මංසල් චක්‍රය ද බලපෑමක් ඇති කරයි. චන්ද්‍ර කක්ෂයේ ඉහල නැ‍ඟෙන මංසල වසන්ත විෂුවයේ ඇති විට එක් එක් මාසයේ දී චන්ද්‍ර ඇල වීම 280 පමණ දුරට යා හැක. (මෑතක දී මෙය සිදු වූයේ 2006 දීය) මෙහි ප්‍රතිඵලය වන්නේ සඳට 280ක් දක්වා වූ අක්ෂාංශවලට ඉහලින් යාමට හැකි වීමයි. (ෆොරීඩා, කැනරි දූපත් හෝ දකුණු අර්ධ ගෝලයේ බ්‍රිස්බෙන්) වසර 9කට පමණ පසු ඇල වීම එක් මසකට 180 N හෝ S පමණ වේ. අඩ සඳෙහි පිහිටීම ද නිරීක්ෂණ ස්ථානයේ අක්ෂාංශ මත පදනම් වූ සමකයට ආසන්නයේ සිටි නිරීක්ෂකයකුට බෝට්ටුවක් ආකාරයේ සඳක් දැක ගත හැක.

සූර්යා මෙන්ම චන්ද්‍රයාට ද, 220 හේලෝ වලල්ලක් හා කුඩා කිරීටක වළලු ඇතුළත් වායු‍ගෝලීය ආචරණ ඇති කළ හැක. චන්ද්‍රයා පෘථිවි අහසෙහි දැක්වෙන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩි විස්තර සඳහා චන්ද්‍ර කලාව බලන්න.

"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍රයා_-_නිරීක්ෂණය&oldid=471994" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි