චන්ද්‍රයාගේ භූලක්ෂණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
tiny globe
සඳෙහි භූ විද්‍යාත්මක ලක්ෂණ

චන්ද්‍රයාගේ භූ විද්‍යාත්මක ලක්ෂණ ලේසර් උන්නතාංශ මිතික ක්‍රම සහ ත්‍රිමාන ඡායාරූප විශ්ලේෂණ ක්‍රම ඇසුරින් මිනුම්කරණය කොට ඇත. මේ සම්බන්ධ වඩාත් නූතන උදාහරණය ක්ලෙමන්ටයින් (Clementine) මෙහෙයුම අතරතුර ලබාගත් දත්ත වලින් පෙන්වා දිය හැකිය. චන්ද්‍රයාගේ වඩාත් පහසුවෙන් දැකිය හැකි භූ විද්‍යාත්මක ලක්ෂණය වනුයේ එහි ඈත අර්ධයේ වන දක්ෂිණ ධ්‍රැව ඇට්කින් (Aitken) ආවාටයයි. චන්ද්‍රයා මතුපිට පිහිටි අවම උන්නතාංශය මෙම ආවාටයට අයත් වෙයි. සඳ මත පිහිටි ඉහළම උන්නතාංශයන් මෙම පෙදෙසට මදක් ඊශාන දිශාවෙන් පිහිටයි. මේ හේතුවෙන් එම ප්‍රදේශය දක්ෂිණත් ධ්‍රැව ඇට්කින් ආවාටය නිර්මාණය වීමට හේතු වු ආනත ගැටුමෙන් නිකුත් වු පාෂාණ එක් රැස්වීමෙන් සකස් වී ඇතැයි යෝජනා වී ඇත. අනෙකුත් විශාල ආවාටයන් වන මාරියා ඉබ්‍රියම්, සෙරෙනිටාටිස්, ක්‍රිසියම්, ස්මිතී සහ ඔරියටේල් වැනි ආවාට ආශ්‍රිතවද ප්‍රාදේශීය පහත් උන්නතාංශ සහ ඒ වටා පිහිටි උස් ගැටි පිහිටයි.

සඳෙහි හැඩය පිළිබද තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ සඳෙහි ඈත භාගයේ උන්නතාංශයන් අනෙක් පෙදෙසට සාපේක්ෂව 1.9 km ප්‍රමාණයකින් ඉහළ යෑමයි. සඳෙහි කබොල සමස්ථිතික සමතුලිතතාවයක පවතින බවත්, එහි සෑම ස්ථානයකම ඝනත්වය එකම වන බවත් උපකල්පනය කෙරෙයි නම් එවිට ඉහළ උන්නතාංශයන් ඝණකමින් වැඩි කබොල සමග සම්බන්ධ වෙයි. ගුරුත්වාකර්ෂණ, භූ විද්‍යාත්මක සහ භූ කම්පන පිළිබද දත්ත භාවිතයෙන් කබොලෙහි මධ්‍යන්‍ය ගණකම කිලෝමීටර් 50 ± 15 ක් වන බව නිර්ණය කොට ඇත. එහිදි වඩාත් ඈතින් පිහිටි අර්ධයේ කබොල අනෙක් අර්ධයට සාපේක්ෂව කිලෝමීටර් 15 කින් පමණ ඝනකමින් වැඩි බව නිර්ණය කොට ඇත. [1]


ආශ්‍රිත[සංස්කරණය]

  1. Mark Wieczorek and 15 coauthors, M. A. (2006). "The constitution and structure of the lunar interior". Reviews in Mineralogy and Geochemistry. 60: 221–364. doi:10.2138/rmg.2006.60.3. 
"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍රයාගේ_භූලක්ෂණ&oldid=262818" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි