Jump to content

චන්ද්‍රයාගේ චුම්භක ක්‍ෂේත්‍රය

විකිපීඩියා වෙතින්
tiny globe
ලූනා ප්‍රොස්පෙක්ට ඉලෙක්ට්‍රෝන පරාවර්තකමාපක පරීක්ෂණය මගින් ව්‍යුත්පන්න කරන ලද චන්ද්‍ර පෘෂ්ටය මත මුළු චුම්බක ක්ෂේත්‍රය දැක්වෙන රූපයක්.

චන්ද්‍රයාගේ බාහිර චුම්බක ක්ෂේත්‍රය , පෘථිවියෙහි එම චුම්භක ක්ෂේත්‍රය හා සැසඳූ කල අතිශයින් දුර්වලය. අනෙකුත් ප්‍රධාන වෙනස් කම් වන්නේ, චන්ද්‍රයා සතුව දැනට ද්වී ධ්‍රැවීය චුම්බක ක්ෂේත්‍රයක් (එහි ගර්භයෙහි භූ-ඩයිනමෝ ආචරණයක් නිසා ජනිත වන්නාවූ) නොමැති වීම සහ සම්පූර්ණයෙන්ම පාහේ කබොළීය සම්භවයක් සහිත විචල්‍ය චුම්බනයක් පැවතීමයි. එක් උපකල්පිතයක් දක්වන්නේ, චන්ද්‍ර ඉතිහාසයේ ආදි අවදියෙහිදී,එනම් භූ-ඩයිනමෝ ක්‍රියාවලිය සක්‍රීයව පැවැති කල, මෙම කබොළීය චුම්බකනයන් අත්කරගත් බවකි. කෙසේවෙතත්, චන්ද්‍ර ගර්භය ප්‍රමාණයෙන් කුඩාවීම, මෙම වාදයට එල්ල වන බලවත්ම බාධකය වෙයි. විකල්ප වශයෙන්, චන්ද්‍රයා වැනි වාතය විරහිත වස්තුවකදී ඇතිවන්නාවූ, විසල් ගැටුම් සිද්ධීන් තුළදී, අනිත්‍ය චුම්බක ක්ෂේත්‍රයන් ජනනය වීම සිදුවිය හැකිය. මෙයට රුකුල් වශයෙන් දැක්වෙන්නේ, යෝධ ගැටුම් ද්‍රෝණිවල ප්‍රතිවිරුද්ධ දේශයන් අසබඩ විශාලතම කබොළීය චුම්බනයන් පිහිටන බවක් පෙනීමයි. යෝජනා කොට ඇති පරිදි ගැටුම්-ජනිත ප්ලාස්මා වලාවක්, පරිමණ්ඩිත චුම්බක ක්ෂේත්‍රයක් පැවතියදී, චන්ද්‍රයා වටා නිදහසේ පැතිරීම හේතුවෙන් මෙවන් සංසිද්ධියක් ඇතිවිය හැකිය.


දළ වශයෙන් පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයේ අන්තය හරහා ගමන් කිරීමට චන්ද්‍රයාට දින 6 ක් පමණ ගතවේ. ප්ලස්මා තලය සමඟ වූ අන්තර් ක්‍රියාකාරීත්වය චන්ද්‍රයා මතුපිට සෘණ ලෙස ආරෝපණය වීමට හේතු පාදක වී ඇත. චන්ද්‍රයාගේ දිවා පැත්තේ දී මෙම ආචරණය සූර්යාලෝකය මඟින් යම්තාක් දුරකට මන්දගාමී කරනු ලබයි. පාරජම්බුල ප්‍රෝටෝන මතුපිටෙහි වූ ඉලෙක්ට්‍රෝනවලට පහර දෙමින් ආරෝපණ ගොඩ නැගීම සාපේක්ෂව අඩු මට්ටමක පවත්වා ගනී. නමුත් චන්ද්‍රයාගේ රාත්‍රී පැත්තෙහි වූ ඉලෙක්ට්‍රෝනවලට එලෙස බාධාවක් නොමැති අතර මතුපිට වූ වෝල්ටීයතාවය වෝල්ට් සිය ගණනකට හෝ දහස් ගණනකට ඉහළ නැඟිය හැක. ස්ථිති විද්‍යුතයට විකර්ශනය වීම නිසා චන්ද්‍රයා මතුපිටින් ඉහළට එසවී පාවෙන චන්ද්‍ර දූවිලි අංශු පිළිබඳව ගොඩ නැගෙන සාක්ෂි ද දක්නට ඇත. මෙම වළාකුල තාවකාලික රාත්‍රී කාලීන දූවිලි වායු ගෝලයක් නිර්මාණය කරයි. ස්ථානවල ආරෝපනයේ වෙනස් වීම් නිසා පාවෙන දූවිලි සාමාන්‍යයෙන් අධිකව සෘණ ආරෝපිත වේ.රාත්‍රී පැත්තේ සිට දුබලව සෘණ ආරෝපන දහවල් පැත්ත දක්වා ගමන් කරයි. මෙම දූවිලි කුණාටු ආචරණය සඳෙහි කෙළවරවල්වලදී ප්‍රබලම වේ. මෙම බොහෝමයක් කරුණු තවමත් කාල්පනික වන නමුත් ලූනාර් ප්රෝස්පෙක්ටර් අභ්‍යවකාශ යානය පෘථිවි චුම්භක ක්ෂේත්‍රයේ අවසාන කොටස හරහා යනවිට එහි රාත්‍රී පැත්තේ වූ ආරෝපණය -200V සිට -1000V දක්වා වෙනස් වන බව අනාවරණය කර ගෙන ඇත. ප්ලස්මා තලය අතිශය ගතික ව්‍යුහයක් වන අතර එය නියත චලිත තත්ත්වයක පවතී. එමනිසා චන්ද්‍රයා චුම්භක ක්ෂේත්‍රයේ අවසාන කොටස හරහා කක්ෂගත වන විට ප්ලාස්මා තලය බොහෝ වරක් මිනිත්තු ගණන් සිට පැය ගණන් හෝ ඇතැම්විට දවස් ගණන් පවතින ගැටුම් සමඟ එය හරහා ගමන් කරයි.


මෙයද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]