Jump to content

චන්ද්‍රයාගෙන් නිකුත් වීම හා නැවත පැමිණීම

විකිපීඩියා වෙතින්

ඕල්ඩ්‍රින් පළමුව ඊගල් (Eagle) වෙත ඇතුල් වෙන ලදී. යම් අපහසුතාවයක් සහිතව ගඟනගාමීන් විසින් පටලය හා 22kg වලට වඩා වැඩි සඳ මතුපිට වස්තු අඩංගු සාම්පල පෙට්ටි 2 Lunar Equipment Conveyor ලෙස හැඳින්වූ පැතලි රැහැන් කප්පි අපකරණයක් යොදා ගෙන යානය තුළට ඔස‍වා තබන ලදී. ආම්ට්‍රෝන් විසින් ඕල්ඩ්‍රින්ට ඔහුගේ ඇඳුමේ පොකට්ටුවෙහි වූ ස්මාරක ද්‍රව්‍ය බෑගයක් පිළිබඳ මතක් කළ අතර ඕල්ඩ්‍රින් බෑගය පහලට දමන ලදී. ඉන් පසුව ආම්ට්‍රෝන් ඉනිමගෙහි තෙවන පඩියට පැන LM තුළට නඟින ලදී. LM හි ජීව ආධාරකයට මාරු වීමෙන් පසු ගවේෂකයින් දෙදෙනා විසින් චන්ද්‍ර කක්ෂයට නැවත යාමේ අදියර සැහැල්ලු කිරීම පිණිස ඔවුන්ගේ PLSS පසුපස බෑග, චන්ද්‍ර සපත්තු, එක් හැස්ල්බ්ලැඩ් කැමරාවක් හා අනෙකුත් උපකරණ ඉවතට විසි කරන ලදී. ඉන්පසු ඔවුන් LM නැවත පීඩනයට පත් කර නිදා ගැනීම සඳහා සූදානම් වන ලදී.

කැබිනය තුළ ඇවිදීමේ දී වැරදීමකින් ඕල්ඩ්‍රින් විසින් ස‍ඳෙ‍න් නිකුත් වීම සඳහා වූ ප්‍රධාන එංජිමට බලය සැපයූ circuit breaker කඩන ලදී. ඔවුන් සිතුවේ ඔවුන්ට එංජිම පණ ගැන්වීමට නොහැකිව සඳ මතම සිටීමට සිදු වන බවයි. නමුත් වාසනාවට මෙන් ස්විචය ක්‍රියාත්මක කර ගැනීමට පෑන් තුඩක් ප්‍රමාණවත් විය. මෙම ක්‍රමය ක්‍රියාත්මක නොවූයේ නම් නික්මීමේ එංජිම පණ ගැන්වීම සඳහා චන්ද්‍ර මොඩියුල පරිපථය නැවත සකස් කිරීම කළ හැකිව තිබුණි.

පැය 7ක පමණ විවේකයකින් පසු පූස්ටන් විසින් ආපසු පැමිණීමට ඔවුන් සූදානම් කිරීමට ඔවුන්ව අවදි කරවන ලදී. පැය 2 ½ කට පසු එනම් 17:54 UTC ට ඔවුන් 21.5 kg බර චන්ද්‍ර සාම්පල ද රැගෙන ඊගල්ගේ (Eagle's) නිකුත් වීමේ අදියරින් චන්ද්‍ර කක්ෂයේ වූ කොළොම්බියාහි (Columbia) සිටි CMP මයිකල් කොලින්ස් සමඟ නැවත සම්බන්ධ වීමට චන්ද්‍රයා මතුපිටින් නික්මෙන ලදී.


ඇපලෝ 11 හි චන්ද්‍ර මොඩියුලයේ ඉනිමගෙහි වූ ඓතිහාසික පලකයක් තවමත් සඳ මත දක්නට ඇත.

පැය 2 ½කට වඩා වැඩි කාලයක් සඳ මත සිටීමෙන් පසු ඔවුන් විසින් චන්ද්‍ර ලේසර පරාසගත කිරීමේ පරීක්ෂණ සඳහා යොදා ගන්නා රෙට්‍රො පරාවර්තක උපකරණ වැනි විද්‍යාත්මක උපකරණ සඳ මත දමා පැමිණ ඇත. තවද ඔවුන් විසින් ඇමරිකානු ධජයක් ඇපලෝ 1 මෙහෙයුම් ලාංඡනයක් හා පෘථිවියෙහි චිත්‍ර 2ක් (බටහිර හා නැගෙනහිර අර්ධ ගෝලවල) සහිත පලකයක් (LM ගොඩ බෑම් අදියරේ ඉනිමගෙහි සවි කර තිබූ), ශිලා ලේඛණයක් හා ගඟනගාමීන්ගේ හා රිචඩ් නික්සන්ගේ අත්සන් එහි තබා පැමිණියහ. එම ශිලා ලේඛණයෙහි ලියා තිබුණේ “Here men from the planet earth first set foot upon the moon, July 1969 A.D. We came in peace for all mankind” තවද ඔවුන් විසින් සාමයෙහි සාම්ප්‍රදායික සංකේතයක් ලෙස රත්‍රන් ඔලිව් අතු අනුරූ අඩංගු ස්මාරක බෑගයක් හා සිලිකන් පණිවිඩ තැටියක් එහි දමා ආහ. එම තැටියෙහි අඩංගු වූයේ එයිසන් හොවර්, කෙනඩි, ජොන්සන් හා නික්සන් ජනාධිපතිවරුන්ගේ හා ලොව වටා රටවල් 73ක නායකයන්ගේ හොඳ හිත පණිවිඩය. මෙම තැටියෙහි US කොංග්‍රසයේ නායකත්ව ලැයිස්තුවක්, නාසා සඳහා වගකිව යුතු කොමිටි 4 හා සෙනටයේ සාමාජිකයන්ගේ නම් ලැයිස්තුවක් හා නාසාහි අතීත හා වර්තමාන උස් කළමණාකාරීත්වයේ නම් ලැස්තුවක් ද ඇතුළත් විය. නාසා පුවත් නිකුත් කිරීම අංක 69-83‍F (1969 ජූලි 13) (ඕල්ඩ්‍රින් විසින් 1989 දී ඔහු විසින් ප්‍රකාශයට පත් කළ Men from earth කෘතියෙහි කියා සිටින්නේ සඳ මත තබා ආ ද්‍රව්‍ය අතරට අජටාකාශගාමීන් වන ව්ලැඩිමීර් කොමරව් හා යූරි ගගාරින් අනුස්මරණය කිරීමේ සෝවියට් පදක්කම් ඇතුළත් වූ බවයි.

සඳෙන් නැවත නිකුත් වීමේ දී ගන්නා ලද සේයා පටවලින් තහවුරු වූයේ ගොඩ බෑම් අදියරේ සිට අඩි 25ක් පමණ දුරින් සිටුවා තිබූ ඇමරිකානු ධජය නිකුත් කිරීම් අදියරේ එන්ජිමෙන් පිටවන වාත ධාරාව නිසා ඉතා දරුණු ලෙස ලෙල දුණු බවයි. ගොඩබෑම් ප්‍රදේශය කැමරා දර්ශණ පථයෙන් ඉවත් වන විට ධජය බිම වැටීමට ආසන්නව තිබිණි. එය බිම වැටුණේ ද නැද්ද යන්න නොදන්නා කරුණකි. (කෙසේ නමුත් බස් ඕල්ඩ්‍රින්ට අනුව චන්ද්‍ර නිකුත් වීම් අතරතුර දී “නිකුත් කිරීම් අදියර ඇරඹු‍ණි..................... මම පරිගණක ගැන අවධානය යොමු කරන අතර නීල් උන්නතාංශ අනාවරකය අධ්‍යයනය කරමින් සිටියේය. නමුත් මම ධජය බිම වැටීම පෙනෙණ තෙක් බලා ගෙන සිටියෙමි”) ඉන්පසුව සිදු කරන ලද ඇපලෝ මෙහෙයුම් සාමාන්‍යයෙන් ඇමරිකානු ධජ සිටවනු ලැබුවේ LM හි සිට 100m ක් වත් දුරිනි. එසේ කරනු ලැබුවේ නිකුත් කිරීමේ එංජිමෙන් පිටවන වායු කදම්බයෙන් ධජය ඉවතට විසිවීම වැළැක්වීමටය.

කොළොම්බියා සමඟ සම්බන්ධ වීමෙන් පසු ඊගල් LM 1969 ජූලි 21 වනදා 23:41UTට චන්ද්‍ර කක්ෂයට අවක්ෂේපනය කරන ලදී. ඇපලෝ 12 ගමනට මදකට පෙරද කළ නිරීක්ෂණවලින් පැහැදිලි වූයේ ඊගල් තවමත් චන්ද්‍රයා වටා කක්ෂගත වී පවතින බවයි. පසුව නාසා විසින් වාර්තා කරනු ලැබුවේ ඊගල්ගේ කක්ෂය විකෘති වී එය චන්ද්‍ර මතුපිටෙහි නොදන්නා ස්ථානයක් මත පතිත වී ඇති බවයි.

ජූලි 23 වනදා ගඟනගාමීන් තිදෙනා විසින් පොළව මත පතිත වීමට පෙර රූපවාහිනී විකාශනයක් සිදු කරන ලදී. එහිදී කොලින්ස් කියා සිටියේ “............ අපව කක්ෂගත කළ සැටර්න් V රොකට්ටුව අතිශයින්ම කැපවූ යන්ත්‍රයකි. එහි සෑම කොටසක්ම නියමාකාරයෙන්ම අඛණ්ඩව ක්‍රියා කරන ලදී. .............. මෙම උපකරණය නිවැරදිව ක්‍රියා කරනු ඇති බවට විශ්වාසයක් සැම විටම අප තුළ පැවතුණි. එය එසේ කළ හැකිව තිබුණේ මිනිසුන් විශාල පිරිසකගේ ලේ දහඩිය හා කදුළු හරහාය. ............. ඔබ විසින් දකින්නේ අප තිදෙනා පමණි. නමුත් තිරයෙන් පිටුපස වෙනත් අය දස දහස් ගණනක් සිටී. ඒ සියළු දෙනාටම මට පැවසීමට ඇත්තේ ඔබට බොහොමත්ම ස්තුතියි යනුවෙනි.” ඕල්ඩ්‍රින් ප්‍රකාශ කර සිටියේ “............. මෙය මිනිසුන් තිදෙනෙකුගේ සඳ කරා වූ මෙහෙයුමකට වඩා වැඩි දෙයකි. රජයක හා කර්මාන්ත කණ්ඩායමක උත්සාහයකට වඩා වැඩි දෙයකි. එක් ජාතියක උත්සාහයකටත් වඩා වැඩි දෙයකි. අපිට හැඟෙන්නේ මෙය සියළු මනුෂ්‍ය වර්ග‍යාගේ නොදන්නා දෙය ගවේෂණයට පවතින තෘප්ත කළ නොහැකි කුතුහලයේ සංකේතයක් බවය. .............. පෞද්ගලිකව පසුගිය දින කිහිපයේ අවස්ථා පිළිබඳ හැරී බැලීමේ දී දේව ස්ත්‍රොතයෙහි වූ වදන් පෙළක් මගේ මතකයට න‍ැඟේ. ‘When I consider the heavens, the work of Thy fingers, the moon and the stars, which Thou hast ordained; what is man that Thou art mindful of him?’” ආම්ට්‍රෝන් අවසාන කරනු ලැබුවේ “එම ගුවන් ගමනේ වගකීම ප්‍රථමව ඉතිහාසය සමඟ ඈඳී ඇති අතර මෙම උත්සාහය සාර්ථක කරගත් විද්‍යාවේ දැවැන්තයන්ට ද ඈඳී ඇත. ඉන්පසු එය හිමි වන්නේ ඔවුන්ගේ අභිලාෂය හා කැමැත්ත පෙන්වමින් මෙයට දායකත්වය සැපයූ ඇමරිකානු ජනතාවටය. ඉන්පසු එම අභිලාෂය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් පරිපාලකයන් 4දෙනාට හා ඔවුන්ගේ කොංග්‍රසවලට මෙම වගකීම හිමි වන අතර ඉන්පසු අපගේ අභ්‍යාවකාශ යානය, සැටර්න් රොකට්ටුව, කොළොම්බියා, ඊගල් හා කුඩා EMU, සඳ මතුපිට මත දී අපගේ කුඩා අභ්‍යාවකාශ යානා වූ අභ්‍යාවකාශ ඇඳුම් සහ පසු ඇසුරුම් නිපදවූ ඒජන්සි හා කර්මාන්ත කණ්ඩායම්වලට එය හිමි වේ. තවද අපි අභ්‍යාවකාශ යානය නිපද වූ, එය ගොඩ නැඟීම, සැලසුම් කිරීම , පරීක්ෂා කිරීම හා ඔවුන්ගේ සියළු හැකියා සහ එම යානයට යෙදවූ සියළු ඇමරිකානුවන්ට විශේෂ ස්තුතියක් පළ කර සිටී. එම මිනිසුන්ට හා මෙම රාත්‍රියෙහි අප අසා සිටින හා නරඹන සියලු දෙනාට අපි විශේෂ ස්තුතිය පළ කර සිටිමු. දෙවි පිහිටයි. සුභ රාත්‍රියක්, ඇපලෝ 11 සිට”

ජූලි 24 වනදා ගඟනගාමීන් නැවත පැමිණි අතර ඔවුන් වහාම නිරෝධායන තුළ තබන ලදී. ඔවුන් පතිත වූ ලක්ෂ්‍යය වූයේ 130 19’ N , 1690 9’ W ය. වේක් දූපත්වල සිට 2660km බටහිරින් හෝ ජොන්ස්ටන් ඇටොල්හි සිට 380km දකුණෙන් හා ගලවා ගැනීම් යාත්‍රාවෙන් (USS Hornet) 24km ඉපිටින් පතිත විය. මුහුදට පතිත වීමෙන් දළ වශයෙන් පැයකට පමණ පසු හෙලිකොප්ටරයක් මඟින් ගොඩට ගන්නා ලද ගඟනගාමීන් නිරෝධායන පහසුකම්වලින් යුත් කුටියක් සේ තනන ලද ට්‍රේරලයක තබන ලදී. ජනාධිපති රිචඩ් නික්සන් විසින් ගඟනගාමීන් පෞද්ගලිකවම පෘථිවියට පිළිගන්නා ලදී.


පෘථිවියට පැමි‍ණීමෙන් පසු නිරෝධායනය තුළ වූ ඇපලෝ 11 කාර්ය මණ්ඩලය රිචඩ් නික්සන් මුණ ගැසීම.

ගඟනගාමීන් ඔවුන් සඳ මත ගොඩබෑමෙන් පසු නිරෝධායන තුළ තබනු ලැබුවේ සඳ මත සොයා නොගන්නා ලද රෝගකාරක බීජ පැවතිය හැකි අතර ඒවාට සඳ මත ඇවිදීම අතරතුර ගඟනගාමීන් අනාවරණය වී ඇතැයි යන බිය නිසාය. කෙසේ නමුත් මාස තුනක පමණ රඳවා තබා ගැනීමකට පසු (පළමුව ඔවුන්ගේ ට්‍රේරලය තුළ හා පසුව ලින්ඩන් බී. ජොන්සන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ Lunar receiving විද්‍යාගාරයේ) ඔවුන්‍ට කිසිදු සෞඛ්‍යමය ප්‍රශ්නයක් නොමැති බව තහවුරු කරන ලදී. 1969 ‍අගෝස්තු 13 වනදා ගඟනගාමීන් නිරෝධායනයෙන් පිටව ඇමරිකානු මහජනයා ගේ ප්‍රසංශා කිරීම් සඳහා ගියහ. එම දිනයේ දීම නිව් යෝර්ක්, චිකා‍ගෝ හා ලොස් ඇන්ජලීස්හි ඔවුන්ට ගෞරව කිරීම පිණිස පෙළපාලි පැවැත්විණි. සති කිහිපයකට පසු මෙ‍ක්සිකෝව විසින් මෙ‍ක්සිකෝ සිටි හිදී වූ ඔවුන්‍ට ගෞරව දැක්වීමේ පෙළපාලියක් සඳහා ඔවුන්ට ආරාධනා ලැබුණි.

ලොස් ඇන්ජලීස්හි එම සන්ධ්‍යාවේ දී ඇපලෝ 11 සැමරීම සඳහා රාජකාරීමය තත්වයේ රාත්‍රී භෝජනයක් පැවතුණි. එයට කොංග්‍රසයේ සාමාජිකයන්, ආණ්ඩුකාරයන් 44ක්, ප්‍රධාන විනිශ්චකාර තුමා හා ජාති 83ක නියෝජිතයන් පැමිණුනි. ජනාධිපති රිචඩ් නික්සන් හා උප ජනාධිපති ස්පයිරෝ ටී. ඇග්නිව් එක් එක් ගඟනගාමියාට නිදහස සඳහා වූ ජනාධිපති පදක්කම් ලබා දෙමින් ගෞරව දැක්වීය. මෙම සැමරීම දින 25ක අතිශය දැවැන්ත සංචාරයක ඇරඹුම විය එහිදී ගඟනගාමීන් රටවල් 25කට පමණ ගෙන එන ලද අතර එයට එක්සත් රාජධානියේ දෙවන එලිසබත් රැජින වැනි ප්‍රධාන නායකයන්ගේ හමු වීම් ද ඇතුළත් විය. බොහොමයක් ජාතීන් ඇපලෝ 11 සමරු මුද්දර හෝ කාසි නිකුත් කිරීමෙන් ප්‍රථම මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩබෑමට ගෞරව දැක්වූහ.

සෙන්ට් ලුවිස්හි පැවති 27 වන ‍ලෝක විද්‍යාත්මක ප්‍රබන්ධ සම්මේලනයේ දී “(t) he Best moon landing ever” සඳහා ගඟනගාමීන් තිදෙනාට සුවිශේෂ හියුගෝ (Hugo) සම්මාන පිරිනමන ලදී.

1969 සැප්තැම්බර් 16 වනදා ගඟනගාමීන් තිදෙනා කැපිටොල් හි පැවති කොංග්‍රසයේ ‍ඒකාබද්ධ සැසියක කතා කරන ලදී. ඔවුන් සඳ මතුපිටට රැගෙන ගිය US ධජ 2 එහිදී ඔවුන්ට ප්‍රදානය කරන ලදී.

අණ දීම් මොඩියුලය වොෂින්ටන් DCහි ජාතික ආකාශ හා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙහි ප්‍රදර්ශනයට තබා ඇත. එය ජෙෆර්සන් ඩ්‍රයිව් ඇතුල්වීමට ඉදිරියෙන් ප්‍රධාන ප්‍රදර්ශන ශාලාවෙහි තබා ඇති අතර Spirit of St. Louis, bellX-1, North American X-15 , Mercury capsule friendship 7 හා ජෙමිනි 4 වැනි අනෙකුත් ප්‍රමුඛ ගඟන යානා සමඟ ශාලාවෙහි ඇත. නිරෝධායන ට්‍රේරලය වර්ජිනියාහි වොෂින්ටන් ඩලස් අන්තර්ජාතික ගුවන්තොටුපල ආසන්න‍යේ වූ ස්මිත් සෝනියන්ගේ උද්වර් - හේසි මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනයට තබා ඇත.