ගොච්චා ලේඛන කලාව
සාමාන්‍යයෙන් ගොච්චා මාධ්‍යවේදය යෙදෙන්නේ සම්මුඛ පරීක්ශණ වලදී හෝ ඒවා සංස්කරණයදී එම සම්මුඛ පරීක්ෂණයට මුහුන දෙන තැනත්තාව නොමඟ යැවීමටය. මෙය යොදගන්නේ අරමුණු කොටගත් පුද්ගලයාට බොරු කීමට ඉඩක් නොතැබීමටයි. මෙහිදී ප්‍රසිද්ධ කෙනෙකුගේ කතාවක කොටසක් ගෙනහැර දක්වා එම කොටසට පරස්පර විරෝදී අදහස් දක්වන්නා වූ රූපයක් හෝ යම් අඩියාවක් දැක්වීමද එම ලෙඛන කලාවේම කොටසකි. උදාහරණයක් ලෙස නගරාදිපතිතුමා නිළ දරන කල පැවැත්වූ කතාවක් ගෙන හැර දක්වා ඒත් සමඟ ම රැකී රක්ෂා රහිත කාර්‍යාලයක බලාපොරොත්තු කඩවුනු ස්වරූපයෙන් පසුවන්නා වූ මිනිසුන් සිටින රූපයක් දක්වා එම පුද්ගලයාට නගරාදිපතිතුමගේ කතාව පිළිබඳව විචාරයක් කරනා ලෙසට පැවසිය හැක. මෙහිදී කෙලින්ම "නගරාදිපතිතුමා පවසනවා මේ නගරයේ සේව නියුක්තිය ඉහල අගයක පවතින බව. මේ ගැන ඔබට කියන්න තියෙන්නේ මොනවාද?" යැයි ඇසිය හැක.
ගොච්චා ලෙඛන කලාව පහත අයුරින්ද ලබා ගත හැක. එනම් සම්මුඛ පරීක්ෂණයකට මුහුන දෙන තැනැත්තෙකුට තමුන් කරන ප්‍රකාශ වල කිනම් කොටස වදගත්ද යන්න වැරදියට පැවසීමෙන් හෝ යම් සභාවක මතය කුමන ආකරයකින් බලාපොරොත්තු වන්නේ දැයි යන්න වැරදි ආකාරයට පැවසීමෙනි. උදාහරණයක් ලෙස අර්ධ පිටිසර පාසල් සිසුන්ගේ මත්කුඩු භාවිතය පිළිබඳව, ඒවායේ සංඛ්‍යාන වාර්තා විශේෂඥයෙකුට පෙන්වා ප්‍රශ්න ඇසීමේදී ඔහු පිළිතුරු ලෙසට මෙසේ පැවසුවහොත් "ඇත්තටම මෙහෙම දෙයක් වෙලා නම් ඒක උ නතියක් වේවි. නමුත් හොද වෙලාවට එසේ සිදුවී නැහැ." මෙම ප්‍රවීනයාව අපකීර්තියට ලක් කිරීම පිණිස මුලු කොටසම ගෙන වර්තාකරුට නැවත ඔහු දුන් පිළිතුර ලෙස "ඇත්තටම මෙහෙම දෙයක් වෙලා නම් ඒක උනතියක් වේවි" යන්න පමනක් ඔහු පැවසූ පරිදි ඉදිරිපත් කල හැක. මෙහිදී ඔහුට තමා එම විශේෂඥයා ගෙන් මත්කුඩු භාවිතය පිළිබඳව අසීමේදී ඔහුගේ පිළිතුර අනුව ඔහු එය අනුමත කරන සෙයක් පෙනුන බව පැවසිය හැක.
විවිධ කියුම්, රූප සහ අඩියාවන් තමන්ගේ වාසියට යොදාගැනීම විශේෂයෙන්ම ප්‍රවෘත්ති සඟරා සංස්කරණ ක්‍රියාවලියට ආවේණික ලක්ෂණයකි.ගොච්චා ලේඛන කලාව භාවිතයෙන් සම්මුඛ පරීක්ෂකයා, ප්‍රවීනයා හො එ යම් සභාවක් නොමග යැවීම සිදු කළ හැක. පොදු ලෙස යම් කෙනෙක් කල කතාවක හරයට බාහිර වු යමක් ඒ තැනත්තා අතින් කියවුන අවස්ථා සොයාගෙන භාවිතා කිරීම මෙහිදී සිදුවේ.