ගෘහ නිර්මාණ ශිල්පියා

විකිපීඩියා වෙතින්
tiny globe
ගෘහ නිර්මාණ ශිල්පියකු අඳින පෝරුව සමඟ - 1893

ගෘහ නිර්මාණ ශිල්පියෙක් යනු ගොඩනැගිලි ඉදිකිරීමේ දී සිදු කෙරෙන සැලසුම් කිරීම්, සැලසුම් නිර්මාණය කිරීම් සම්බන්ධව කටයුතු කරන පුද්ගලයෙකි. ඉංග්‍රීසි භාෂාවට ආකිටෙක්ට්" යන වචනය පැමිණ ඇත්තේ ග්‍රීක් භාෂාවේ ආකිටෙක්ටන්"/arkhitekton (ආකි-ප්‍රධාන, ටෙක්ටන්-තනන්නා) යන වචනය ඇසුරෙනි. පුළුල්ව අර්ථ දැක්වීමේ දී ගෘහ නිර්මාණ ශිල්පියා යනු පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන් නිර්මිත පරිසරයට පරිවර්තනය කරන්නෙකි.

ගෘහ නිර්මාණ ශිල්පියෙකු සෑමවිටකම පාහේ පොදු ජනතාවගේ ආරක්ෂාව හා සුභ සිද්ධිය සඳහා වන වෘත්තිමය තීරණ ගත යුතුය. ගෘහ නිර්මාණ ශිල්පීන්ට, අනෙක් වෘත්තීයන්හි නියැලෙන පුද්ගලයින් මෙන්ම ඒ සඳහාම වූ විශේෂිත අධ්‍යාපනයක් ලබා තිබීම හා පළපුරුද්දක් තිබීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයෙහි නියැලීමට අවශ්‍ය සුදුසුකම් නොයෙකුත් ස්ථානයන්ට අනුව වෙනස් වේ.

ගෘහ නිර්මාණ ශිල්පියෙකු හට ජීවමානව සිටියදී ලැබිය හැකි උසස්ම සම්මානය වන්නේ ප්රිට්ස්කර් ත්‍යාගයයි (Pritzker Prize). එය ගෘහනිර්මාණය සඳහා වන නොබෙල් ත්‍යාගය ලෙසද හැඳින්වේ. ගෘහ නිර්මාණය සඳහා වන සම්මානයන් ඇමරිකානු ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය වැනි ජාතික ප්‍රාදේශීය වෘත්තිමය සංගම් මඟින් ද ප්‍රදානය කෙරේ. එවැනි තවත් සම්මානය ලෙස අල්බාර් ආල්ටෝ පදක්කම (පින්ලන්තය) සහ කාල්ස්බර්ග් ගෘහ නිර්මාණ සම්මානය (ඩෙන්මාර්කය) හැඳින්විය හැක. ගෘහ නිර්මාණ ශිල්පියා යන යෙදුම වෘත්තිමය වශයෙන් සුදුසුකම් ලැබූ පුද්ගලයෙකු හැඳින්වීමට භාවිතා කළ ද, එය බොහෝ විට නිර්මිත හෝ ස්වාභාවික අවස්ථාවන් වලදී ක්‍රමවත්භාවයක් ලබා දෙන්නා වූ පුද්ගලයෙකු හැඳින්වීමට ද භාවිතා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ගෘහ_නිර්මාණ_ශිල්පියා&oldid=472130" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි