ගුවනේ සිට භූමියට එල්ල කරන මිසයිල
ගුවනේ සිට භූමියට එල්ල කරන මිසයිලයක් යනු යුධ ගුවන් යානයක (බෝම්බ හෙලන යානා, ප්‍රහාරක යානා , සටනේ යෙදෙන යානා) දියත් කිරීමට සැලසුම්කරන ලද භූමියේ , මුහුදේ හෝ එම දෙකෙහිම ඇති ඉලක්ක වලට පහර දීමට සැලසුම් කරන ලද මිසයිල වේ. මග පෙන්වන ලද රූටා යන බෝම්බවලට මේවා සමාන වුවද මිසයිල ලෙස සැලකීමට හේතුවන්නේ ඒවා සතු ප්‍රචාලන පද්ධතියයි. රොකට් මෝටර් හා ජෙට් එන්ජින් ඒ අතර ප්‍රමුඛ වේ. මේවා මිසයිලයේ පරාසයටද වගකියනු ලැබේ.පිළිවෙලින් ඒවා කෙටි හා දුර ලෙසින් දැක්විය හැකිය. ඇතැම් සෝවියට් මිසයිල මගින් බල ගැන්වෙන අතර දිගු පරාසය මෙන්ම වැඩි වේගයක්ද එමගින් ලබා දේ.[1]
ලේසර්, අධෝරක්ත ප්‍රකාශ හෝ GPS සංඥා මගින් මග පෙන්වීම සිදු කෙරේ. මග පෙන්වන ක්‍රමය ඉලක්කය මත රඳා පවතී. උදා: - නැව් අක්‍රීය හෝ සක්‍රීය රේඩාර් මගින් හඳුනා ගත හැකි වුවද හිස් අවකාශයකින් වටවු විශාල ලෝහ ස්කන්ධ නොමැති භූමි ඉලක්ක සඳහා මෙම ක්‍රමය එතරම් සාර්ථක නොවනු ඇත.
භූමි - භූමි මිසයිල හා ගුවන් භූමි මිසයිල අතර අධි පිහිටීම් දක්නට ලැබේ. උදා :- ගුවනේ සිට දියත් කෙරුණු Tomhawk මිසයිල මාදිලියක් පැවතියද එය AGM – 86 ALCM මගින් අවලංගු කරනු ලැබීය. තවත් උදාහරණයන් වන්නේ පෙන්ගුයින් ප්‍රති නෞකා මිසයිල හා AGM – 84 Harpoon මිසයිලය. ගුවන් භූමි මිසයිල බොහොමයක් නැව් හා භූමි ඉලක්ක යන 2 සඳහාම යොදා ගැනේ. එමෙන්ම ඒවා තව දුරටත් කාර්යක්ෂම භාවිතය සඳහා නවීකරණය කළ හැකිය. Standoff Land ප්‍රහාරක මිසයිලය Harpoon මිසයිලයේ භූමි මාදිලියකි.
ගුවන් භූමි මිසයිලවල ප්‍රධාන වාසියක් වන්නේ ඒවා මගින් සපයන ලැගුම් ගැනීමේ දූරයි. මෙමගින් වඩාත් තීව්‍ර ආරක්ෂිත කලාපයෙන් ඔබ්බට ගොස් ඉලක්කය වෙත ආයුධ දියත් කිරීමට ඉඩ ලබා දේ. බොහෝ ගුවන් - භූමි මිසයිල පහරදී අමතක කරන සුළු ඒවා වේ. ලැගුම් ගැනීමේ දුරින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා දියත් කිරීමේ වේදිකාව වෙනතකට හැරවීමට ඉඩ ලබා දේ. ක්ෂිතිජයෙන් ඔබ්බට දියත් කිරීමට සුදුසු පරාසයක් ඇතැම් මිසයිල සතුව පවතී. මේවාට ( සාමාන්‍යයෙන් කෲස් මිසයිල හෝ ප්‍රතිනාවුක මිසයිල ) ඉලක්කය ස්වයංක්‍රීයව සොයාගැනීමේ හැකියාව ඇත. German Luft waffe හි Taurus KEPD 350 කෲස් මිසයිලය.
ගුවන් භූමි මිසයිලවල උප අංශ යටතට
- සාමාන්‍යයෙන් ගුවනේ සිට හෙලිකොප්ටර් මගින් දියත් කෙරෙන මගපෙන්වන ලද ප්‍රතියාත්‍රා මිසයිල
- ගුවනේදී දියත් කෙරෙන කෲස් මිසයිල
- ගුවනේදී දියත් කෙරෙන ප්‍රතිනාවුක මිසයිල
- ප්‍රතිවිකිරණ මිසයිල අයත් වේ.
මිසයිලයේ ඉලක්කය දුරස් වන්නට දියත් කෙරෙන ගුවන් යානයේ උන්නතාංශය හා වේගය වැඩි වේ. දිගු පරාස මිසයිල සඳහා මෙම වෙනස්කම් ස්වල්ප වේ. නමුත් කෙටි පරාස මිසයිල ඉහළ සිට දියත් කෙරෙන විට සීඝ්‍රයෙන් පරාසය වෙනස් කර ගනී.
ගුවනේ සිට දියත් කෙරෙන බැලැස්ටික මිසයිල සඳහා උදාහරණ පැවතියද ඒවා දුලභ වේ. උපක්‍රමික හා උපායික ලෙස ගුවන් භූමි මිසයිල ඇතැම්විට වර්ග කෙරේ. කුඩා න්‍යෂ්ටික යුධ හිසක් ඇති ඒවා උපායික ලෙසද විශාල යුධ හිසක් ඇති ඒවා උපක්‍රමක ලෙසද හැඳින්වේ.
- ^ Wragg, David W. (1973). A Dictionary of Aviation (first ed.). Osprey. p. 30. ISBN 9780850451634.