ගුද පවිත්‍රීකරණය
ගුද පවිත්‍රීකරණය යනු මල පහකිරීමෙන් පසුව ගුදය පවිත්‍රකිරීමේ ස්වස්ථතාත්මක පරිචයයි.
ගුදය සහ සට්ටම් (තට්ටම්) පවිත්‍රීකරණය සඳහා වැසිකිලි කඩදාසි හෝ ඒ හා සමාන වෙනත් කඩදාසිමය නිෂ්පාදිත හෝ භාවිතා කිරීම විශේෂයෙන්ම බොහෝ බටහිර රටවල දක්නට ලැබේ. අනෙක්තන්හී, ජලය භාවිතා කිරීම සිදුවිය හැක ( මිටි වැසිකිළි පෝච්චියකදී මෙන් දිය පිහිරක් භාවිතය හෝ, වගුරුවා අතින් සේදීම). අනෙකුත් සංස්කෘතීන්හිදී හා සන්දර්භයන්හිදී, පහන්කඩ (පාන්කඩ), ශාක පත්‍ර ( මුහුදු පැලෑටි ඇතුළුව), ඉරිඟු කරල් බඩ, මුහුදුහතු හෝ කෝටු වැනි දෑ භාවිතා කෙරෙයි.[1]
කඩදාසි
[සංස්කරණය]පසු-මල පහකිරීම් පවිත්‍රීකරණයට වැසිකිළි කඩදාසි භාවිතය මුලින්ම ඇරඹුනේ චීනයෙහිය. බටහිර සංස්කෘතියෙහි එය පුළුල් ලෙසින් පැතිර ගියේය. ලොව සමහර කොටස් වල, විශේෂයෙන් වැසිකිළි කඩදාසි සපයා ගත හැකිවීම හෝ පහසු මිලට ගත හැකිවීම හෝ සිදුවීමට පෙරාතුව, පුවත්පත්, දුරකතන නාමාවලී පිටු, හෝ අනෙකුත් කඩදාසිමය නිෂ්පාදිත භාවිතය සුලබ විය.
ජලය
[සංස්කරණය]ප්‍රංශයෙහිදී 1710 ගණන් වලදී මිටි වැසිකිළි පෝච්චි භාවිතයට පත්වීම ඇරඹුමත් හා සමගම වැසිකිලි ස්වාස්ථ්‍යයට අතිරේක අවකාශයන් එකතු විය.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ http://www.ecosanres.org/pdf_files/Ecological_Sanitation.pdf එකොලොජිකල් සැනිටේෂන්, පිටු 57, කඩදාසි, ගල්, උද්භිදීය ද්‍රව්‍යය, ජලය සහ ඉරිඟු බඩ ලැයිස්තුගත කරයි. ස්වීඩන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ඒජන්සිය, 1998