ගිසාහි මහා පිරමීඩය

විකිපීඩියා වෙතින්
tiny globe
ගිසාහි මහා පිරමීඩය

මෙම පිරමීඩය කුෂුහි පිරමීඩය, කුෂුගේ පිරමීඩය , චියොප්ස්හි පිරමීඩය යනුවෙන්ද හැඳින්වේ. මෙය කයිරෝහි මායිමේ පිහිටා ඇති විශාලතම හා පැරණිතම පිරමීඩයයි. මෙය පැරණි ලෝකයේ පුදුම 7 න් ඉතිරිව පවතින එකම පුදුමය ලෙසද සැලකේ. මෙය හතරවන පාරාවෝ රජකෙනෙකු වන කුෂු රජුගේ සොහොන බවට මතයකි. මෙය වසර 20 ක් තිස්සේ සාදමින් පැවතුන අතර, සාදා නිමවුයේ ක්‍රි. පු. 2560 කාලවකවානුවේ දීය. මෙය වසර 3800 ක් තිස්සේ ලොව පැවති මිනිසා විසින් නිමකළ උසින් වැඩිම, ගොඩනැගිල්ල වේ. වර්තමානයේ ගීසාහි පිරමීඩයේ ශේෂව ඇත්තේ මුලික සැකිලි කොටසක් පමණි. මෙය සෑදීමට භාවිතා කළ පාෂාණ වර්ග මෙම පිරමීඩය අවට අදටත් දක්නට ඇත. මෙම පිරමීඩය සෑදීමට භාවිතා කළ විවිධ ක්‍රම වේදයන් පිළිබඳව විවිධාකාර මිත්‍යා මත පවතී. එහෙත් අද වඩාත් පිළිගැනීමට ලක්ව ඇති අදහස නම්, මෙය සාදන ලද්දේ විශාල ගල් භාවිතා කිරීමෙන් බවයි.

මෙම පිරමීඩය ප්‍රධාන කාමර තුනකින් යුක්තය. මෙහි පහළට ඇති කාමරයේ වැඩ නිමවා ඇත්තේ අර්ධ වශයෙනි. ප්‍රධාන ගැලරිය රැජිනගේ කාමරය හා සම්බන්ධවේ. තවත් කොටසක් විශාල ගැලරියේ සිට රජුගේ කාමරය වෙත යා වෙයි. රජුගේ කාමරයේ වූ ඔමියා සහිත පෙට්ටිය සාදා ඇත්තේ තනි රතු ග්‍රැනයිට් කැබැල්ලකිනි. රජු හා රැජිනගේ කාමර වලින් ඉවතට යාමට වෙනම කුඩා දොරටු පවතී. ඒවා කෙළින්ම පිරමී‍ඩයෙන් ඉවතට දිවෙයි. පුරාවිද්‍යාඥයන් පවසන ආකාරයට එම කුඩා දොරටු භාවිතා කර ඇත්තේ උත්සව අවස්ථාවලදීය. ගීසාහි මහා පිරමීඩය මෘත ‍දේහ තැන්පත් කරන පන්සල් 2 කින් හා එකක් පිරමීඩයට ආසන්නව හා අනෙක නයිල් නදියට ආසන්නව ද, තවත් කුඩා පිරමීඩ 3 ක් කුෂු රජුගේ බිරිඳ සඳහා සහ තවත් ඉතා කුඩා පිරිමීඩයකින් සමන්විතවේ. මෙම පන්සල් 2 එකිනෙක හා සම්බන්ධ කරන අතර කුඩා 'මස්ටබා' සොහොන් ගල් මෙම පිරිමීඩ වට කරමින් පවති.

සටහන්[සංස්කරණය]

Great_Pyramid_of_Giza
"https://si.wikipedia.org/w/index.php?title=ගිසාහි_මහා_පිරමීඩය&oldid=587383" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි