ගිවිසුමක් නිශේධ කරන ගිවිසුම

විකිපීඩියා වෙතින්

ගිවිසුමක් නිශේධ කරන ප්‍රධාන ක්‍රම 3ක් පවතී. ගිවිසුමක් ශූන්‍ය ( බල රහිත ) කිරීම, අත්හළ හැකි වීම හෝ බලාත්මක කළ නොහැකි වීම එම අවස්ථා 3 යි. බල රහිත කිරීම මගින් ගිවිසුම කිසිලෙසකින් භාවිතයට නොගත් ලෙස සැලකෙයි. අත්හැරීම මගින් දෙපාර්ශවයම ගිවිසුම තම තමාගේ සිතැඟි අනුව නොවන නිසා අත්හැරීම දක්වයි. බලාත්මක කළ නොහැකි වීම කිසිදු පාර්ශවයකට අධිකරණයට යාම මග අහුරුවාලයි. මන්ධාවදමනය යන්නෙන් ගිවිසුමක් හකුලා ගැනීම දක්වාලයි.

සාවද්‍ය නිරූපණය[සංස්කරණය]

සාවද්‍ය නිරූපණය යනු එකපාර්ශවයක් විසින් අනෙක් පාර්ශවය ගිවිසුමට ඈඳා ගැනීම සඳහා ඒ පිළිබඳව වැරදි අර්ථකථනයක් ලබා දී මුලා කරවීමයි. උදාහරනයක් ලෙස යම් යම් අවස්ථාවලදී වෙළඳුන් විසින් භාන්ඩ වල තත්වය සහ ස්වභාවය පිළිබඳ ලබා දෙන වැරදි පොරොන්දු දැක්විය හැක. සාවද්‍ය නිරූපණයක් හන්දුනාගත් අවස්ථාවකදී ඒ සඳහා වන්දි ලබා ගනීමට හෝ මන්ධාවදමනය කිරීමට ඉඩ ප්‍රස්ථාව ඇත.

ගිවිසුම් නීතියට අනුව සාවද්‍ය නිරූපණ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. සිද්ධියක ප්‍රෝඩාව සහ ප්‍රේරිත ප්‍රෝඩාව යනු ඒවායි. සිදුවීමක ප්‍රෝඩාව මගින් ප්‍රධාන වශයෙන් අනෙක් පාර්ශවය ගිවිසුමට බැඳීමට යන වග දැන සිටියේද යන්න සලකා බලයි. එසේ නොදැන සිටියේ නම් එම ගිවිසුම බල රහිත එකකි.ප්‍රේරිත ප්‍රෝඩාවකදී අනෙක් පාර්ශවය ගිවිසුමට පෙළඹ වූ නිරූපනය පිළිබඳ සලකා බලයි. එය එම පාර්ශවය මගින් දැන සිටියේ නම් ගිවිසුම ප්‍රතික්ෂෙප කිරීමට තිබූ අවස්ථාවකදී ගිවිසුම අත් හල හැක.

ගෝර්ඩන් එදිරිව සෙලිකෝ තීන්දුවට අනුව සාවද්‍ය නිරූපණය කියනලද හෝ කරන ලද සියල්ල මතම සිදු නොවන නමුදු එය වචනයෙන් හෝ පැවැත්ම මගින්ද සිදු කළ හැක. පොදුවේ මතයක් ප්‍රකාශ කිරීම හෝ අභිප්‍රායක් දැක්වීම මේ යටතට නොවැටේ. නමුත් එක් පාර්ශ්වයක් විසින් ඒ සඳහා ඔහුගේ විශේශ දනුමට අය කරයි නම් එය සාවද්‍ය නිරූපණයකි.

අතපසුවීම[සංස්කරණය]

අතපසුවීමක් යනු පාර්ශවයක් හෝ පාර්ශව කීපයක් මගින් ලබා ගන්නා ලද වැරදි අවබෝදයකි. පොදු නීතිය මගින් ප්‍රධාන වශයෙන් වරද 3ක් හඳුනාග ඇත. ඒවා නම් ඒකපාර්ශවික වරද, අනෙ‍යෝන්‍ය වරද සහ පොදු වරදයි.

  • ඒකපාර්ශවික වරදක් යනු ගිවිසුමට අදාල එක් පාර්ශවයක් පමණක් එහි විශය පතයට අනුකූලවූ වරදක් සිදු කල අවස්ථාවකි. මෙවැනි අවස්ථාවකදී අධිකරණය විසින් වරද සිදු කල පාර්ශවය එය දැනුවත්ව වන්චනීය අදහසින් සිදු නොකරන ලද්දක් නම් එය පිළි ගනී.
  • අන්‍යෝන්‍ය වරදකදී ගිවිසුමේ දෙපාර්ශවයම වරද සිදු කර ඇත. ඔවුන් තම යම් කිසි අනෙකකට ගිවිසුන බව විශ්වාස කරයි. අදිකරණය මගින් සාමාන්‍යයෙන් නිරවද්‍ය හේතුවක් දැක හැකි නම් එය පිළි ගනී. නමුත් මෙමගින් අහිතකර ලෙස බලපැවතුනු පාර්ශවය හට ගිවිසුම අත්හල හැක.


  • පොදු වරද යනු දෙපාර්ශවයම එකම කරුණ පිලිබඳ වැරදි අවබෝදයකින් සිටීමයි. මෙය බෙල් එදිරිව ලිවර් සහෝදරයෝ සහ සමාගම තීන්දුව මගින් දක්ව්වලනු ලබයි.

උත්තර්ජනය සහ අයථා බලපෑම[සංස්කරණය]

උත්තර්ජනය යනු "පුද්ගලයෙකුට යම්කිසිවක් ඔහුගේ හෝ ඇයගේ සිතැඟි හෝ තීන්දුවට එරෙහිව සිදු කිරීම සඳහා සිදු කරන හානිකර බලපෑම" ලෙස හඳුන්වා ඇත උදාහරණයක් ලෙස් බාර්ටන් එදිරිව ආම්ස්ට්‍රෝන්ග් තීන්දුව, එනම් ආම්ස්ට්‍රෝන්ග් විසින් බාර්ටන්ට මරනීය තර්ජන එල්ල කර ගිවිසුමට අත්සන් ගැනීම අදිකරණය විසින් අයථා බලපෑම යටතේ ගිවිසුම නිශේධ කරණ ලදී. මෙහිදී වැරදි නොකල පාර්ශවයට ගිවිසුම නිශේධ කිරීම සඳහා ඔප්පු කළ යුත්තේ අනෙක් පාර්ශවය විසින් ගිවිසුමට එළඹීමට බලපෑමක් එල්ල කළ බව හා එනිසාම ගිවිසුමට බැඳුනු බව පමණි.

අයථා බලපෑම යනු යමෙකු විසින් තමගේ අනෙකා මත පවතින තත්වය නොහොත් තරාතිරම භාවිතා කොට අනෙක් පාර්ශවයකට බලපෑම් කිරීමයි. නමුත් නීතිය මගින් දෙමාපිය දූදරු නීතීඥ් සේවාදායක වැනි සමහරක් විශේශ සබඳතා මත සිදු කරන එවැනි බලපැවැත්වීම් අනුමත කර ඇත. මක් නිසාදයත් මෙහිදී එක් පාර්ශවයක් විසින් අනෙකාගේ සුභසිද්ධිය උදෙසා විශේශ අවධානමක් ගන්න බැවිනි. නමුත් මෙවැනි සාදාරණ තත්වයක් සාධනය කළ නොහැකි විට අධිකරණය මගින් එවනි ගිවිසුම් අවලංගු කරයි. ඔඩොරිස්සි එදිරිව බ්ලූම්ෆීල්ඩ් පාසල් දිස්ත්‍රික්කය බලන්න.

සීමිතභාවය[සංස්කරණය]

සමහර අවස්ථාවලදී සාමාන්‍ය හෝ කෘත්‍රිම පුද්ගලයන්ගේ ගිවිසුම් බලාත්මක කිරීමේ හෝ එවැනි බලාත්මක කළ ගිවිසුම් තබා ගැනීමේ හැකියාව සීමිත වේ. එනම් ළදරුවෙකුට හෝ කුඩා ළමයෙකුට ඔවුන් සතු කේවල් කිරීමේ බලය භෑවිත කළ නොහැක. එසේම විධායක නොවන අධ්‍යක්ශ වරුන් ඔවුන්ගේ සමාගම වෙනුවෙන් ගිවිසුම් වලට එළඹීමෙම්න් වලක්වඉ. මක් නිසාදයත් එය ඔවුන්ගේ බලතල වලින් එපිටව පවතින්නක් බැවිනි. තවත් උදාහරණයක් නම් අබාධිතව හෝ බීමත්කම නිසා විකෘත්ති හෝ මන්ද මානසිකභාවයෙන් පෙලෙන්නන් දැක්විය හැක. එවැන්නන් හා බණ්දුනු ගිවිසුම් හෝ පොරොන්දු ශුන්‍ය හෝ අත්හළ හකි වේ. සීමිතභාවයට අදාල නීතිය පළිහක් ලෙස හෝ පුද්ගලයන්ව ඒජන්තවරුන් ලෙස ක්‍රියා කිරීමට ප්‍රතිභාධනයක් ලෙසද ක්‍රියා කරයි.

නීති විරෝධී ගිවිසුම්[සංස්කරණය]

යම් ගිවිසුමක් නීතිවිරෝධී ක්‍රියාවකට හෝ පොදු පිළිවෙතකට එරෙහිව ඵාදක ඌවක් නම් එවා ශුන්‍ය ගිවිසුම් වේ. මේ සඳහා කැනේඩියානු උදාහරණයක් නම් රාජකීය කැනේඩියානු බැංකුව එදිරිව නෙවිල්, කාන්තාවක් තම සැමියාගේ අත්සන අයථා ලෙස වන්චනිකව තබ බැංකුවෙන් $58000ක් වටිනා ච්‍රක් පත් 40ක් මාරු කරගන්න ලදී. නමුත් ඇයව අපරාදයෙන් බේරා ගැනීමට සැමිය විසින් බැංකුව මගින් නිර්මිත "එම චෙක් පත් සඳහා වූ සියලු වගකීම් සහ බැරකම් ඔහු සතුය" යනුවෙන් දැක්වෙන ලියවිල්ලකට අත්සන් තබන ලදී. නමුත් ගිවිසුම ක්‍රියාත්මක කල්ළ නොහැකි වූ අතර අදිකරණය මගින් නිශෙධ කරන ලදී. මක්නිසාදයත් එහි ප්‍රධාන අරමුණ වූයේ අපරාධයක් වසන් කිරීමයි. මෙනිසා බැංකුවට එම සැමියා විසින් ගෙවූ මුදල නැවත ගෙවීමට නියෝග කරන ලදී.

එක්සත් ජනපදයේ එක් අසාමාන්‍ය ක්‍රියාත්මක කළ නොහැකි ගිවිසුමක් වන්නේ චරපුරුශයෙකු හෝ රහස්‍ය ඒජන්තවරයෙකු ලෙස සේවයට බැඳුනු ගිවිසුම්ය. මක් නිසාද යත් අතිශය රහස්‍යභාවය ගිවිසුමේ කොන්දේසියක් වන බැවිනි. යම්හෙයකින් චරපුරුශයා රජයට එරෙහිව වැටුප හෝ වරප්‍රසාද පිළිබඳව න්ඩු පවරයි නම් එය ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමකි. මෙනිස එය මෙය පාදක කොටගෙන මෙන්ම රාජ්‍ය ආරක්ශාව පිළිබඳ පොදු සම්මුතීන් යටතේ බලාත්ත්මක කළ නොහැක. අනෙක් මෙවැනි ගනයේ ගිවිසුම් නම් නියමිත අවම වැටුපට වඩා අඩුවෙන් සේවය කිරීමට එළඹෙන ගිවිසුම්ය. මෙහිදී සේවකයාගේ වන්දි ලබා ගැනීමේ ඓතිය ඔහුද වරදකට යටත් නිසා අහෝසි වී යයි.