Jump to content

ගායකයා

විකිපීඩියා වෙතින්

ගායකයෙකු යනු සංගීතය නිපද වීම සඳහා සිය කටහඬ භාවිතා කරන පුද්ගලයෙකි. බොහෝ විට සංගීතඥයින් සහ වාදන භාණ්ඩ ගායකයෙකුට‍ආධාර වේ. බොහෝ දෙනා සතුට පිණිස ගායනයෙහි යෙදෙන නමුත් ගායන හැකියාව සහජ දක්ෂතාවයෙහි සහ වෘත්තීය මට්ටමේ පුහුණු කිරීමෙහි සංකලනයකි. ඉහත අවශ්‍යතා සපුරාලන පුද්ගලයින් ගායකයින් ලෙස හැඳින්වේ.

ප්‍රධාන ගායකයා ගීතයක ප්‍රධාන කොටස් ගායනා කරන අතර තුර සහය ගායකයා ප්‍රධාන ගායකයාට ආධාර දෙමින් ආධාරක ගීත කොටස් ගායනා කරයි. මෙයට ප්‍රතිවිරුද්ධ අවස්ථාවක් වන්නේ කැපෙල්ලා සංගීත සම්ප්‍රදායට අයත් වන කොටස් 5 කින් යුත‍් ‍සුභාරංචි ගායනයයි. මෙහිදී ප්‍රධාන ගායක‍යා ගීතය ‍ගායනය ‍වෙනුවට රිද්මයානු කූලව සිය කටහඬ හසුරුවන අතර ගායකයින් 5 දෙනා අතුරින් ප්‍රධාන ගායකයාගේ කටහඬ වඩාත් උච්ච කටහඬ ද වේ.

වෘත්තීය ගායකයින් සාමාන්‍ය‍‍‍යෙන් කටහඬ භාවිතය පිළිබඳ පුහුණු වන අතර ඒ සඳහා හඬ භාවිතය පිළිබඳ ගුරුවරයෙකු හෝ පුහුණු කරුවෙකු ආධාර වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ගායකයා&oldid=795291" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි