ග්‍රැෆික් නර්මානකරණය
ග්‍රැෆික් සාමාන්‍යයෙන් අවශ්‍යතාව අනුව නිර්මාණය කෙරෙන අතර නිර්නාමිකය.
අකුරුකරණය, දෘශ්‍ය කලා , පිටු සැකසුම වැනි සහජ මෙන්ම අලංකරණ හැකියාවන් රාශියක් ග්‍රැෆික් නිර්මාණකරණයට අදාළවේ. ග්‍රැෆික් යන පදය , නර්මාණ ක්‍රියාවලයට මෙන්ම අවසාන නිමෙයුමට ද භාවිතාවේ.
ග්‍රැෆික් නිර්මාණකරණ ඉතිහාසය
[සංස්කරණය]ග්‍රැෆික් චිත්‍රවල ඉතිහාසය ලැස්කෝ ගුහාව සහ රින්සා නයෝන් දක්වා දි වෙයි. මෙම ඉතිහාසය තුළ මෙන්ම දෘශ්‍ය සන්නිවේදනය දියුණු වූ 20 වැනි සහ 21 වැනි ශත වර්ෂවලදි ප්‍රචාරණ කලාවත් ,ග්‍රැෆික් නිර්මාණය සහ දෘශ්‍ය කලාවන්ද අතර සුළු වෙනසක් ඇතැයි සැලකුණි. එසේ වන්නේ එක හා සමාන මූලිකාංග, නියාදයන් මූලධර්ම පිළිවෙත් සහ භාෂාවන් භාවිතා කරන බොහෝ විට එකම පුද්ගලයෙකු විසින් පරිහරනය කෙරෙන අංශ දෙකක් පමණි. ප්‍රචාරණයේ අවසාන අරමුණ භාණ්ඩ හා සේවා අළෙවියයි. ග්‍රැෆික් නිර්මාණයේ අරමුණ වන්නේ තොරතුරු සහ අදහස් වලට නව ජීවයක් එක් කිරීමයි.
ලැස්කෝ ගුහාවේ චිත්‍ර ක්‍රිස්තු පූර්ව 14000 හි දී පමණ අඳිනු ලැබූ අතර ලිඛිත භාෂාව උපත ලැබූවේ ක්‍රි. පු. 3 වන හෝ 4 වන සියවසේ දීය. මෙම සද්ධීන් දෙකම ග්‍රැෆික් නිර්මාණ කරන ඉතිහාසයේ වැදගත් අවස්ථාවේ.
‘ද බුක් ඔෆ් කෙල්ස් “ අතීත ග්‍රැෆික් නිර්මාණ සංඥාවලට නිදසුනකි ” එය යුරෝපයේ කෙල්ටික පැවිදිවරුන් විසින් හැඩ දමනු ලැබූ අතින් ලියන ලද ක්‍රිස්තියානු බයිබලයකි. ( ක්‍රිස්තුවර්ෂ 800 )
වර්ෂ 1892 සිට 1896 දක්වා විලියම් මොරිස්ගේ කෙල්ම්ස්කොට් මුද්‍රණාලය ඉතා වැදගත් ග්‍රැෆික් නිර්මාණ කිහිපයක් නිපදවිණි. ඒවා ධනවතුන්ට විකුණා ඉහළ ලාභයක්ද ලැබීය. ග්‍රැෆික් නිර්මාණ සදහා වෙනම වෙළෙද පොළක් ඇති බව පෙන්වා දුන් මොරිස්ට්, චිත්‍රකලාවෙන් සහ නිෂ්පාදනයෙන් නිර්මාණකරණය වෙන් කර දැක්වීය. ඔවුන් වැඩි අවදානයක් යොමු කලේ ඓතිහාසික මෝස්තරවලට වන අතර දහනව වන සියවසේ ඇදවැටී තබුණු ග්‍රැෆික් කලාව පණගැන්වීමට එය උදව් විය. ( ප්‍රයිවට් ප්‍රෙස්ට් ) ව්‍යාපාරයේ හා මොරිස්ගේ කාර්යයන් ( ආරිනුවෝ ) නමැති ආභරණ කලාවට මෙන්ම විසිවන සියවසේ ග්‍රැෆික් කලාවට ද බොහෝ සේ බලපෑවේය.
නූතන
[සංස්කරණය]බෝයිං 747 (එයාෆෝස් වන් ) ගුවන් යානයේ නිල් පැහැ මෝස්තරය , ඇමරිකානු ධජය ,ජනාධිපති මුද්‍රාව සහ අකුරු වෙන් වෙන්ව නිර්මාණය කර පසුව එක් කරන ලදි.ග්‍රැෆික් කලාව සමාජයේ සෑම සංවිධානයක්ම භාවිතා කරන අතර ඒ සදහා ප්‍රමාණාත්මක සීමාවක් නොමැත.
ලන්ඩන් උමංමාර්ගයේ අකුරු මුද්‍රාව නූතන ග්‍රැෆික් කලාව සදහා කදිම උදාහරණයකි. ඒ සදහා යොදාගැණුනේ 1916 වර්ෂයේදී එඩ්වඩ් ජොන්ස්ටන් නිර්මාණය කළ අකුරු රටාවකි.
වර්ෂ 1920 දී සෝවියට් අභිනිර්මාණ වාදයට අනුව නිෂ්පාදනයේ සෑම අංශයක් සදහාම , බුද්ධිමය නිපයුම යොදා ගැනුණි. පුද්ගලිකව කලා කටයුතුවල යෙදීම විප්ලව වාදී රුසියාවේ නිෂ්පල ක්‍රියාවක් ලෙස පිළිගැනුණි. ඔවුන්ගේ අරමුණ වූයේ ප්‍රයෝජනවත් කාර්යය සඳහා ග්‍රෆික් නිර්මාණ කලාව යොදා ගැනීමයි. ගොඩනැගිලි , සිනමා පසුබිම් , පෝස්ටර්, රෙදි, ගෘහ භාණ්ඩ ආදිය නිර්මාණය සැලසුම් කිරීමේදී මේ කලාව ප්‍රයෝජනයට ගැනේ .
වර්ෂ 1928 දී යාන් ෂිකෝල්ඩ් විසින් (නිව්ටයිපොග්‍රැෆික් ) නම් කෘතියේ නූතන මුද්‍රණ ශිල්පය පිළිබඳව මූල ධර්ම දක්වන ලදි. මෙම කරුණු පැසිට් වාදී යැයි පවසමින් ඔහු පසුව ඒවා ප්‍රතික්ෂේප කළද , එම පොත ග්‍රැෆික් කලාවට දැඩි බලපෑමක් ඇති කළේය. අද පවතින ග්‍රැෆික් කලාවේ පීතෘවරුන් ලෙස ශකෝල්ඩ්, හර්බට් බෙයර් , ලයිස්ලෝ මොහොලනාග , එල් ලසට්ස්ක දැක්විය හැක. නිෂ්පාදන ක්‍රමවේද සහ නිර්මාණ උපකරණ බොහොමයක් 20 වැනි සියවසේ දී හඳුන්වාදුන්නේ මොවුන්ය. පසු වර්ෂවලදී නූතන ග්‍රැෆික් කලාව දැඩි පිළිගැනිමකට හා භාවිතයකට ලක්විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිබිදුණු ඇමෙරිකානු ආර්ථිකය තුළ විශේෂයෙන් ප්‍රාචරණය සහ ඇසුරුම් සදහා ප්‍රබල ලෙස ග්‍රැෆික් භාවිතා විය. ජර්මනියේ බෝහෝස් කුලයේ ශිල්පය 1937 දී චිකාගෝවට ද පැතිරුණු අතර එමඟින් ගෘහ නිර්මාණ ශිල්පය වේගයෙන් දියුණු විය. මෙකල ප්‍රධාන නිර්මාණකරුවන් අතර එඩ්ග්‍රියන් ග්‍රටිගර් වැදගත් වෙයි. ඔහු විසින් “ යුනිවස් ” සහ “ පුටිගර් ” යන අක්ෂර මුහුණු හඳුන්වා දෙන ලදි. පෝල් රෑන්ඩ් බෝහොස් මූලධර්ම ප්‍රචාරණ කටයුතු සදහා යොදවමින් හෝපිය ලුහුවනනයට ඇමෙරිකානු ස්වරූපයක් එක් කළ අතර “ කෝපරෙට් අයඩෙන්ට් ” නම් උප ග්‍රැෆික් නර්මාණ කලාව හදුන්වා දුන්නේය. ජෝසප් මූලර් බ්‍රොක්මන් 1950 වර්ෂයේදී සහ 60 දී දැඩි එහෙත් සුලබ අයුරින් පෝස්ටර් නිර්මාණය කළේය.
භාවිතය
[සංස්කරණය]අකුරු සහ රූප පිළිගැන්වීම සදහා නිර්මාණශිලිත්වය භාවිතා වන සෑම විටකම ග්‍රැෆික් කලාව භාවිතා වේ. නූතනයේ පරිගණක හරහා නිර්මාණ කටයුතු කෙරෙන අතර අන්තර් ක්‍රියාකාරීත්ව නිර්මාණය හෝ මල්ටිමීඩියා නිර්මාණය මෙය ලෙස සැලකේ. දෘශ්‍ය වශයෙන් සන්නිවේදනය අවශ්‍ය ඕනෑම තැනක සන්නිවේදන ගුණාත්මක බව ඉහළ යැවීමට ග්‍රැෆික් භාවිත කළ හැකිය.
උදාහරණ
පරිපාලනය මාර්ග සංඥා කාර්යාල තුළ තිබෙන ලියවිලි, අත් පොත් ආදිය ග්‍රැෆික් යොදාගැනීමෙන් දැනුම හුවමාරුව වර්ධනය වේ. කියවීමේ හැකියාව ඉහළ යයි. අක්ෂර පමණක් ප්‍රමාණවත් නොවන විට පින්තූර යෙදිය හැකිය.
ප්‍රචාරණය
[සංස්කරණය]ඵලදායි දෘශ්‍ය සන්නිවේදනය හරහා නිෂ්පාදනයක් හෝ අදහසක් අළෙවි කිරීමට ග්‍රැෆික් යොදාගත හැකිය. නිෂ්පාදනවලට මෙන්ම ආයතනක අන්‍යෝන්‍යත්වය සඳහාද ග්‍රැෆික් යොදාගත හැක.වෙළෙද නාමකරණය ලෙස මෙය හැදින්වේ. වර්තමානයේ මෙය ඉතා වැදගත් අංගයක් වී ඇත.
අධ්‍යාපනය
[සංස්කරණය]භූගෝලය,විද්‍යාව,ගණිතය වැනි විෂයන් වලට අදාළ රූප සටහන් දැක්වීම සඳහා ග්‍රැෆික් යොදා ගැනේ. උදා:- මානව ශරීරය පෙන්වීම සඳහා, අධ්‍යාපන ලිපි ලේඛන වඩා ගම්‍ය කිරීමට සහ තේරුම් ගැනිමේ පහසුව සඳහාද ග්‍රැෆික් නිර්මාණ යොදා ගැනි.
විනෝදාස්වාදය
[සංස්කරණය]සැරසිලි , දෘශ්‍ය දර්ශන චිත්‍ර ආදිය සදහා ග්‍රැෆික් යොදා ගැනේ. විහිළු කථාවල පොත්වල කවර චිත්‍රපටවල ආරම්භයේ සිට අවසානය දක්වාම,වේදිකාව මත භාණ්ඩ දැන්වීම් සහ වැඩසටහන් නිෂ්පාදනය සදහා ග්‍රැෆික් යොදා ගැනේ.
පත්‍රකලාවේදනය
[සංස්කරණය]විද්‍යාත්මක ජර්නල මෙන්ම පුවත් වාර්තාකරණයේ ද අදහස් හා කරුණු දැක්වීමට පහසු කිරීමට දෘශ්‍ය තොරතුරු එනම් (තොරතුරු නිර්මාණකරණය) යොදා ගැනේ. පුවත් පත්, සඟරා, රූපවාහිනී සහ චිත්‍රපටවල තොරතුරු දැක්වීම මෙන්ම විනෝදාශ්වාදය සදහා ද ග්‍රැෆික් යොදාගනී. අන්තර්ජාලය ඇරඹීමත් සමගම අඩෝබ් ෆලැෂ් වැනි ක්‍රමද ප්‍රවෘත්ති පසු බිම් අලංකරණය සදහා යොදා ගැණුනි.
අන්තර්ජාලය
[සංස්කරණය]ග්‍රැෆික් නිර්මාණකරුවෝ බොහෝවිට වෙබ් නිර්මාණයේ ද යෙදෙති. දෘශ්‍ය සන්නිවේදන හැකියාවන්,අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්ව සන්නිවේදන හැකියාවන් සහ අන්තර්ජාල වෙළෙඳ නාමකරණය මෙහි දී සංකලනය වන අතර වෙබ් අඩවියේ පෙනුම හැගිම් වර්ධනය කිරීම සඳහා ග්‍රැෆික් යොදා ගැනේ.
රැකියා වෙළෙඳපොළ තුළදී බොහෝ සමාගම් උත්සාහ කරන්නේ මෘදුකාංග බිහි කිරීම සහ ග්‍රැෆික් නිර්මාණය යන ද්විත්ව කාර්යම ඉටුකළ හැකි සේවකයින් බඳවා ගැනිමටය. මෙම ප්‍රවණතාවය ධනාත්මක ද, නැතහොත් එමගින් ග්‍රැෆික් නිර්මාණකරුවන් හට අනවශ්‍ය බරක් පැටවේද යන්න විවාදාත්මකය. කණ්ඩායමක් වශයෙන් ක්‍රියාකරන්නේ නම් එම කාර්ය මෘදුකාංග නිර්මාණකරුවන් සහ ග්‍රැෆික් නිර්මාණකරුවන් අතර බෙදා ගත හැකිය.
මෙවලම්
[සංස්කරණය]ග්‍රැෆික් කලාව සදහා ප්‍රාථමික මෙවලම නම් නිර්මාණශිලී මනසය. විවේචනාත්මක නිරීක්ෂණය,ප්‍රමාණාත්මක සහ විශ්ලේෂණාත්මක චින්තනය පිටු සැකැස්ම සහ දැක්වීමට අත්‍යාවශ්‍ය සාම සාම්ප්‍රදාය සහ ඩිජිටල් රූප කරණ මෙවලම් මේ සදහා උපයෝගි කර ගත හැකිය. කුමන මෙවලම යොදාගත යුතු ද යන්න තීරණය කිරීම ද අත්‍යවශ්‍ය හැකියාවකි.
වර්ෂ 1980 දී පරිගණක මුද්‍රණය සහ ග්‍රැෆික් චිත්‍ර මෘදුකාංග හදුන්වා දීම හරහා පරිගණක ආශ්‍රයෙන් රූප නිර්මාණය කිරීම සහ හැසිරවීම පහසු වී තිබේ. අතීතයේ මේ සඳහා විශාල ශ්‍රමයක් වැය විය. වෙනස්කම්වල ක්ෂණික ප්‍රතිඵල ලබා ගැනීමටත්, මුද්‍රණ කටයුතු සතු නොකරන වෙනස් කම් සිදු කිරීමටත්, වැඩි අවකාශයක තොරතුරු ප්‍රයෝග හැසිරවීමටත් හැකියාව ලැබී ඇත. අවසාන අවස්ථාවලදී පරිගණකය භාවිතා කෙරුණ ද මූලික අවස්ථාවන්හි දී පැන්සල් වැනි සාම්ප්‍රදායික උපකරණ භාවිතා කෙරිණි.
ග්‍රැෆික් නිර්මාණ ක්ෂේත්‍රය තුළ පරිගණකය යනු නැතිවම බැරි අංගයකි. සාම්ප්‍රදායික ක්‍රම වලට වඩා පරිගණක සහ මෘදුකාංග වඩා කාර්යක්ෂම යැයි පිළිගැනේ. එහෙත් මිල්ටන් ග්ලේසර් වැනි ඇතැම් නිර්මාණකරුවෝ තවමත් සාම්ප්‍රදායක ක්‍රම යොදා ගනිති.
පරිගණක මගින් නිර්මාණශිලි ක්‍රියාවලය වර්ධනය වන්නේ ද යන්න පිළිබදව විවාදයක් ද පවති. පරිගණකය ක්ෂණික නිෂ්පාදන හැකියාව හරහා නිර්මාණකරුවන්ට අදහස් ගණනාවක් සුළු කාලයක් ඇතුලත සහ වඩා විස්තර සහිතව පරික්ෂා කල හැකි නිසා ඔවුන්ට නිර්මාණශිලි ක්‍රියාවලය තුළ ඉක්මනින් ගමන් කල හැකිය. එහෙත් අසිමිත වරණයක් සිදු කෙරෙන බැවින් හොදම නිර්මාණය තෝරා ගැනිමට අපහසු විය හැකිය. එසේම හොදම නිර්මාණය තේරීමට වැඩි කාලයක්ද වැය විය හැකිය.
සාම්ප්‍රදායික හෝ නූතන මෙවලම් සහ ක්‍රමවේද අත් හදා බැලීම මගින් නව අදහස් ජනිත වේ. පරිගණකයේ සීමාවන් තොරව නිර්මාණ කිරීම සදහා ඇතැම් නිර්මාණකරුවන් අදහස් ගවේෂනයේ දී පැන්සල් සහ කඩදාසි ප්‍රයෝජනයට ගනී. තවත් සමහරු ඒ සදහා පරිගණක ආශ්‍රිත උපකරණ යොදාගනිති. ග්‍රැෆික් කලාවේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ රූප තෝරා ගැනිම හරහා අදහස් හුවමාරු කර ගැනීමය. සමහර නිර්මාණ සම්පූර්ණයෙන්ම මනස තුළ ද මැවේ.
ණ ඛ ල ණ
පරිගණක භාවිතා නොකොට වඩා ඉක්මනින් සංකිර්ණ අදහස් ගවේෂනය සදහා කටු සටහන්ද යොදා ගැනේ. කාලය සහ මුදල් වැය කිරීමට පෙර නිර්වචනය සදහා අනුමැතිය ලබා ගැනිමට ද මේවා යොදා ගත හැකිය. විශේෂයෙන් ලාංඡන නිර්මාණය කිරීම සදහා මෙම ක්‍රමය යොදා ගැනේ. එසේම මේ හරහා පිටු සැකසිමේ දී හෝ රූප නිර්මාණයේ දී නිර්මාණකරුවාට වැඩි නිදහසක් හමිවේ. සාම්ප්‍රදායක නිර්මාණකරුවන්ට පරිගණක හැකියාවක් නොමැති නම් මේ සදහා පරිගණක දැනුම ඇති අයෙකුගේ සහය ලබා ගත හැකිය. එහෙත් මෙම ක්‍රමය වැඩිය භාවිතා නොවන්නේ පරිගණක හැකියාව ග්‍රැෆික් නිර්මාණකරුවන්ට අත්‍යවශ්‍ය වන බැවිනි.
සටහන්
[සංස්කරණය]| Graphic_design |}
- ^ Currie, Nick. "Design Rockism".