Jump to content

ග්‍රහකයන් සොයා ගැනීමේ ඓතිහාසික ක්‍රම

විකිපීඩියා වෙතින්


ග්‍රහකයන් සොයා ගැනීමේ ක්‍රමවේදයන් පසුගිය දශක දෙකක කාලය තුළ විස්මයජනක වර්ධනයක් දක්නට ලැබිණි.

දහ අට වන සියවසේ අවසන් වර්ෂ කිහිපය තුළ බාරොන් ෆ්රාන්ස් ක්ෂේවර් වොන් සැ(ඤ)ච් විසි හතර දෙනෙකුගෙන් සමන්විත වන තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් සංවිධානය වී ආකාශ ගවේෂණයේ නියුතු වෙමින් ටයිටස් බෝඩ් නියමයට අනුව සූර්්‍යයාගෙන් බොහෝ ඈත පිහිටියේ යැයි ශී්‍රමත් විලියම් හර්ෂල් විසින් 1781 දී යුරේනස් ග්‍රහලොව සොයා ගැනීමේ ප්‍රතිඵලයක කොටසක් හැටියට කලින් ප්‍රකාශ කරන ලද නැති වූ ග්‍රහලොවක් සොයා ගැනීමේ මෙහෙයීමක් අරඹන ලදී. මෙම කර්තව්‍ය සඳහා රාශි චක්‍රයේ මන්දතා සීමාවන් ට එකඟව සැම තාරකාවක් පිලිබඳවම අතින් අඳින ලද සිතියම් අවශ්‍යය විය. පසුදින රාත්‍රියේ දී නැවත ආකාශය සිතියම් කරන අතර චලනය වන වස්තූන් සොයා ගැනීමට අපේක්ෂා කරන ලදී. නැති වූ ග්‍රහලොවේ චලනය පැයකට අර්ක් තත්පර 30 ක් බව නිරීක්ෂකයින් විසින් සොයා ගන්නා ලදී. කෙසේ වෙතත් පලමු ග්‍රහකය සිරිස් 1 සොයා ගන්නා ලද්දේ මෙම කණ්ඩායමේ සාමාජිකයකු නොව ගි්‍යුසෙපේ පියාසි(ඤ) විසින්1801 දීය. එම වස්තුව රාත්‍රි කිහිපයක් තුළ විස්තාපනය විමෙන් පසුව ඔහු වෘෂභ රාශියේ පවතින නව තාරකාවක් වැනි වස්තුවක් සොයා ගන්නා ලදී. ඔහුගේ ගෝලයකු වූ කාල් ෆෙඩ්රිච් ගෝස් එම නොදන්නා වස්තුව පෘථිවියේ සිට කොපමණ දුරකින් පිහිටියේ දැයි සොයා ගැනීමට මෙම නිරීක්ෂණයන් භාවිත කරන ලදී. ඔහුගේ ගණනයන් ට අනුව මෙම වස්තූන් පිහිටියේ අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අතර ය. පියාසි(ඤ) විසින් මෙය කෘෂිකර්මයට අධිපති රෝම දෙව්දුව සිරිස් නම්න් නම් කරන ලදී.

තවත් ග්‍රහකයන් තුනක් (පලාස් 2, ජූනෝ 3, වෙස්ටා 4) ඊළඟ අවුරුදු කිහිපය තුළ දී සොයා ගන්නා ලදී. තවත් වර්ෂ කිහිපයකට පසුව තාරකා විද්‍යාඥයින් තවත් මෙවැනි ග්‍රහකයන් ඇත්දයි සොයා බැලීමට කරන ලද නිරීක්ෂණයන් ඵලදායි නෙවූයෙන් තවත් ග්‍රහකයන් නැතැයි යන උපකල්පනය මත තව දුරටත් නිරීක්ෂණය කිරතම අත් හැර දමන ලදී.

කෙසේ වෙතත් කාල ලුඩ්වික් හෙන්ක් 1830 දී ග්‍රහකයන් සෙවීමේ අධිෂ්ඨානයෙන් නිරීක්ෂණ කටයුතු වල නිරත විය. අවුරුදු 15 කට පසුව එනම් අවුරුදු 38 කට පසුව සොයා ගත් නව ග්‍රහකය ඇස්ට්‍රියා 5 ඔහු විසින් සොය ගන්න ලදී. තවත් වර්ෂ දෙකක් ගතවීමට ප්‍රථමයෙන් හේබ් 6 තවත් ග්‍රහකයක් සොයා ගන්නා ලදී. ඉන්පසුව වෙනත් තාරකා විද්‍යාඥයන් මෙම ගවේෂණ කටයුතු වලට එක්වී අවුරුද්දක් පාසාම නව ග්‍රහකයක් සොයා ගන්නා ලදී.

1891 දී මැක්ස් වුල්ෆ් දිගු කල් නිරාවරණ ඡායාරූප තලයක් මත කෙටි රේඛා ලෙස දිස්වන තාරකා ඡායාරූප ශිල්පය භාවිතා කර ග්‍රහකයන් ගවේෂණය කිරීමේ පුරෝගාමියා විය. මෙම ක්‍රමය නිසා පෙර ක්‍රමයන්ගෙන් කරන ලද ගවේෂණ කටයුතු වඩා ශීඝ්‍රයෙන් ඉහල යන්නට විය. වුල්ෆ් පමණක් ග්‍රහකයන් 248 සොයා ගන්නා ලද අතර ඒ වන විට සොයා ගෙන තිබුනු මුළු ග්‍රහකයන්ගේ ගණන 300 ට මඳක් වැඩි ගණනකි. සියවසකට පසුව තවමත් හඳුනා ගෙන, අංකනය සහ නම් කරන ලද ග්‍රහකයන් ඇත්තේ දහස් ගණනකි. ගණන මීට වඩා වැඩි බව දන්නා මුත් බොහෝ තාරකා විද්‍යාඥයන් ඒවා ආකාශයේ පලිබෝධකයින් ලෙස හඳුන්වා ඒ පිලිබඳ වැඩි සැලකිල්ලක් නොදක්වයි.

1900 ගණන් වල ක්‍රමයන් සහ වර්තමාන තොරතුරු වාර්තා කිරීම

1998 වනතුරු ග්‍රහකයන් සොයා ගනු ලැබුයේ පියවර 4 ක ක්‍රියාදාමයකිනි. පළමුව පුළුල් ක්ෂේත්‍ර දුරදක්නයක් ආධාරයෙන් ආකාශයේ ප්‍රදේශයක් ඡායාරූපගත කරනු ලැබේ. ඡායාරූප යුගලක් පැයකට වරක් ගනු ලබයි. මෙලෙස යුගල් විශාල සංඛ්‍යාවක් දින කිහිපයක් තුල එකතු කර ගනු ලැබේ. දෙවනුව ත්‍රිමානේක්ෂ දූරේක්ෂයක් හරහා එකම ප්‍රදේශයේ පවතින සේයාරූප යුගලය නිරීක්ෂණය කරනු ලබයි. සූර්්‍යයා වටේ කක්ෂයේ පවතින ඕනෑම වස්තුවක් සේයාරූප යුගලය අතර සෙමින් ගමන් කරයි. වස්තුවේ ප්‍රතිබිම්බය ත්‍රිමානේක්ෂ දූරේක්ෂයේ තාරකා වල පසුබිමට මඳක් ඉහළින් පාවෙමින් පවතී. තුන්වෙනුව චලනය වන වස්තුව හඳුනාගෙන සංඛ්‍යංක අන්වීක්ෂයක් අධාරයෙන් එහි පිහිටීම නිවැරදිව සොයා ගනු ලබයි. පිහිටීම සොයා ගනු ලබන්නේ දන්නා තාරකා වල පිහිටීමට සාපේක්ෂවය.

සොයා ගැනීමේ අවසාන අදියර වන්නේ පරිගණකය ආශ්‍රයෙන් සොයා ගත් වස්තුව කලින් සොයා ගත් වස්තූන් සමඟ තනි කක්ෂයක ගමන් පවතින බව දැන ගැනීමට ක්ෂුද්‍ර ග්‍රහ මධ්‍යස්ථානය වෙත පිහිටීම සහ නිරීක්ෂණ වේලාවන් යවනු ලැබේ. එසේ වූ විට වස්තුව සඳහා ඛාණ්ඩ අංකයක් ලබා දී පළමුව නිරීක්ෂණය කරන ලද පුද්ගලයා එය සොයා ගත් පුද්ගලයා ලෙස සලකනු ලබන අතර ජාත්‍යන්තර තාරකා විද්‍යාඥ සංගමයේ අනුමැතිය ට යටත්ව එම වස්තුව නම් කරන ලද පුද්ගලයා ලෙස ගෞරවය පුද කරනු ලබයි.

පරිගනකමය ක්‍රමවේදයන්

පෘථිවිය හරහා කක්ෂය වැටී ඇති පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාවක් ඇති ග්‍රහකයන් පිලිබඳ වැඩි අවධානයක් යොමු වෙමින් පවතී. පෘථිවිය ට සමීප වැදගත් ග්‍රහකයන් වන්නේ ඇපලෝස්, ආමෝස් සහ ඇටන්ස් ය.

පෘථිවිය ට ආසන්න 433 ඊරොස් ග්‍රහකය 1898 තරම් ඈත කාලයේ දි සොයාගත් අතර 1930 ගණන් වලදී එවැනි වස්තූන් ගණනාවක් හඳුනා ගන්නා ලදී. සොයා ගැනීමේ අනු පිලිවෙල අනුව 1221 ආමෝර්, 1862 ඇපලෝ, 2101 ඇඩෝනිස් සහ 69230 හර්මීස් පෘථිවිය ට ඉතා සමීපයෙන් 1937 දී ගමන් ගන්නා ලදී. එහිදී තාරකා විද්‍යාඥයන් හට පෘථිවිය හා මෙම ග්‍රහකයන් ගැටමේ සම්භාවිතාවක් ඇති බව දැනුණි.

පසුගිය දශකයේ දී සිදුවූ සිද්ධීන් 2 ක් නිසා අනතුරුදායක තත්වයක් වැඩි වු ඇත. ඝට්ටනයක් නිසා ක්‍රිටේෂීය තෘතීය නෂ්ට වීම සිදු වූ බව ට විශ්වාස කෙරෙන වෝලාටර් ඇල්වරෙස් කල්පිතය 1994 දී නිරීක්ෂණය කරන ලද ෂූමාකර් ලෙවී 9 වල්ගා තරුව බ්‍රහස්පති ග්‍රහයා මතට කඩා වැටීම හේතුවෙන් වඩාත් පිලි ගැනීමට ලක් විය. එක්සත් ජනපද හමුදාව විසින් න්‍යෂ්ටික පිපිරීම් නිරීක්ෂණයට කක්ෂගත කළ චන්ද්‍රකා තොරතුරු වලට අනුව හෙලි කරගත් පරිදි ඉහළ වායුගෝලයේ මීටර 1 සිට 10 දක්වා විශ්කම්බයෙන් යුතු වස්තූන් අතර ඝට්ටන සිය ගණනක් සිදුවන බව නිරීක්ෂණය කරන ලදී.

මෙම සියලුම දේවල් සැලකිල්ලට ගෙන දුරේක්ෂයන් හා කෙලින්ම සම්බන්ධ කරන ලද ඡඡඪ කැමරා සහ පරිගනක වලින් සමන්විත වන ඉතා කාර්්‍යක්ෂම ස්වයංක්‍රීය පද්ධතීන් සවි කරන ලදී. 1998 සිට ස්වයංකී්‍රය පද්ධතීන් විසින් ග්‍රහකයන් විශාල සංඛ්‍යාවක් සොයා ගන්නා ලදී.

ලින්කන් පෘථිවියට සමීප ග්‍රහක පර්යේෂණ කණ්ඩායම විසින් පමණක් 2007 අගෝස්තු වන විට ග්‍රහකයන් 84764 සොයා ගන්නා ලදී. මෙම සියලුම ස්වයංක්‍රීය පද්ධතීන් මඟින් පෘථිවියට සමීප ග්‍රහක 4711 ක් සොයා ගන්නා ලද අතර ඒවායින් 600 කට වඩා වැඩි ගණනක් විශ්කම්බය කිලෝ මීටරයකට වඩා වැඩිය.