ගල්ගිරියා කන්ද

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

      ෴ තාමත් නොඉඳුල් ගල්ගිරියා

   ගමයි පන්සලයි - වැවයි දාගැබයි කියන ශ්‍රී ලාංකීය ජීවනාලියේ උරුමය සියැසින් දැකගන්න අදටත් අත වනන බොරවැව ගම්මානය හා අවට ගම්මාන අවුරුදු දහස් ගණනක් තිස්සේ මුළු වියළි කලාපයට ම අභියෝග කරන ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන්නේ වැව් ගම්මාන සාංස්කෘතියත් සමඟයි. නිලට පීදෙන කෙත්වතු සාරවත් කරන එකිනෙකට බැඳි වැව් වලින් සමන්විත මේ සාංස්කෘතික වටිනාකම හඳුන්වන්නේ එල්ලංගා පද්ධතිය ලෙසයි. 1994 වර්ෂයේ අවසාන ගම්මැද්දට සමුදෙන මේ ප්‍රදේශය තවමත් වෙනස්කම් බොහෝමයක් සිදු  නොවුණු ගැමි ව්‍යුහය එපරිද්දෙන්ම පවතින අලංකාර පරිසරයක්.

මහවැලි එච් කලාපයට අයත් වන මේ අවට ගම්මාන පෝෂණය වන්නේ කොත් කඳු අතර හුදෙකලා වූ සැතපුම් දහය හමාරක් දිග ගල්ගිරියා කන්දේ වනාන්තර රක්ෂිතයෙන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටන ගල්ගිරියා කන්දේ උස අඩි 1568ක් වන අතර එය වයඹ පළාතේ උසින් 7 වන ස්ථානය හොබවන කන්දයි. ලංකාවේ 212 වන උසම කන්ද බවටත් පත්වන ගල්ගිරියා කන්දේ ඉතිහාසය දුටුගැමුණු රජ දවස දක්වා දිවයනවා.

සිහසුන පවා අතහැර සැඩොල් ස්ත්‍රියක් හා බැඳුණ දුටුගැමුණු රජ පුත් සාලිය කුමරු තම මදු සමය සඳහා තෝරාගන්නේ ගල්ගිරියා වන අරණයි. පසු කලෙක ගල්ගිරියා කඳු පාමුල වැව් ඉදිකරමින් ගම්මාන සංවර්ධනය කරන සාලිය කුමරුගේ ඉතිහාසය සනාථ කරන නටබුන් වැව් හයකුත් සාලිය සෙන්හාසනයේ නටබුන් ස්මාරකත් අනුරපුරයට විවෘත වූ රහස් උමඟත් අද දවසේ සාක්ෂි සපයනවා. ගල්ගිරියා කන්ද අවට ගම්මාන 136 ක් පිහිටන අතර එම ගම්මාන සතුව වැව් 194 ක් පැවතීම පුදුම එළවන සුළු සාංස්කෘතික සමෘද්ධිමත් බවක් ප්‍රකට කරනවා.

⁣බොරවැව ගම්මානය හා බැඳුණ අලංකාර ජනශ්‍රැති බොහෝමයක් පවතින අතර ගමට නම හැදුණ හැටි වඩා සිත්ගන්නා කරුණක්. මෙම වැවට එක් කාලයක උල්කාවක් කඩා වැටී බොහෝ කලක් යනතුරු එහි වතුර බොර පැහැයෙන් පැවති බව සඳහන්. එම උල්කාපාතය සියැසින් නොදැක්කා වුවත් මෙම ගම්මානයේ දී එක් රාත්‍රියක දකින ලද කන්දට යන දේවතා එළි නමින් ගැමියන් හඳුන්වන ආලෝක දාරා නම් කිසිදාක අමතක නොවන අතර සෑම කලකම හිතේ කුකුසක් ඉතිරි කරන ලද්දක්. බහිරව අඩවියක් පිළිබඳ ජනශ්‍රැතියක් ද ඇති මෙම ගම්මානයේ කතා ප්‍රවෘත්ති නිතර සිහිගන්වන්නේ ඒරියා 51 කලාපයයි. ඒරියා 51 හෝ පිටසක්වල යානා හා අද්භූත ආකාශ වස්තු පිළිබඳ කිසිදු දැනුමක් නොමැති මේ වයෝවෘද්ධ ගැමියන් පවසන තම ගම්මානයේ ජනශ්‍රැති රාත්‍රියේ පෙට්‍රල් මැක්ස් ලාම්පුවක් වටා ඉඳගෙන අසා සිටීම දැනට වසර ගණනකට පෙර බොහෝ ආහ්ලාදජනක කටයුත්තක් වුණා.

අලුත් අවුරුද්ද තාමත් ගමේ සුවඳට ගජරාමෙට සමරන මේ ගැමියන් ඕනෑම අමුත්තෙකු තමන්ගේ එකෙකු කොටගෙන ආගන්තුක සත්කාර දක්වන්නට හරිම දක්ෂයි. කුඩා දරුවන් තුළ පවා තිබෙන ගැමි වහර හා සිරිත් අපේකම තවමත් දරා සිටිනවා. Cultural Tourism මෙන්ම Eco & Nature Tourism සඳහා ද ඉතා ඉහළින් අනුමත කළහැකි ගල්ගිරියා අසබඩ කෝවිඩ් හේතුවෙන් තවත් සංකීර්ණ වූ නාගරික ජීවිතයට කදිම නිවාඩුවක් සපයනවා ඇති.

"https://si.wikipedia.org/w/index.php?title=ගල්ගිරියා_කන්ද&oldid=455274" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි