ගල්ඒදණ්ඩ රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්

කඩවත පහළ කරගහමුණ ගල්ඒදණ්ඩ රජමහා විහාරය ක්‍රි. පූ. 3- 4 සියවස් වලට යන කාවන්තිස්ස රජතුමන් විසින් කරවන ලද තල් විහාරය හෙවත් තල විහාරය නමින් හඳුන්වන ස්ථානය ලෙස මෙම විහාරය සැලකෙනවා. කාවන්තිස්ස රජතුමාගේ නිර්මාණයක් ලෙස මුල් කාලයේ මෙහි තිබෙන නටඹුන් වන සඳකඩ පහන එහි විකාශයෙහි මුල් අවදිය ලෙස සැලකෙනවා. එනම් එම සඳකඩපහන ක්‍රි. පූ. 3- 4 සියවස් වලට අයත් බව කාවන්තිස්ස රජතුමාගෙන් පස්සේ මේ ස්ථානය වලගම්බාහු රජතුමාගේ රාජ්‍ය කාලයේත් ඉන් පසු 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේත් ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය කාලයේත් විවිධාකාර ප්‍රතිසංස්කරණ සිද්ද වූ බවට ඓතිහාසික ලිඛිත හා අලිඛිත මූලාශ්‍ර වල සඳහන් ව ඇත.

ගල්ඒදණ්ඩ රජමහා විහාරාධිකාරී ශාස්ත්‍රපති යටිගල රතනවංශ ස්වාමින්වහන්සේ
ගල්ඒදණ්ඩ රජමහා විහාරාධිපතිව වැඩසිටි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී නාරන්දෙනියේ පඥාරාම නායක ස්වාමින්වහන්සේගේ අනුරුවක්

ඉන් අනතුරුව 16 වන සියවස වන විට මෙය වෙහෙර විහාර පොලවට සමතලා වෙච්ච භුමියක් විධියට සැලකෙනවා. කාවන්තිස්ස රජතුමාගේ රාජ්‍ය කාලය ගැන තව දුරටත් කියවනකොට මෙම ස්ථානයේ පස් ගොඩැල්ලක් හම්බවෙලා  තියෙනවා. එම ගඩොල් සියල්ලක්ම මාදුරුඔය ජලාශයේ හම්බ වෙච්ච ගඩොල් වලට සමාන වෙනවා. මෙම විහාරය දෙමටමල් විහාරයට සමාන වෙන බව පුරාවිද්‍යාත්මක මහාචාර්යවරුන්ගේ සනාතනයට ලක් වෙනවා.

කඩවත පහල කරගහමුණ ගල්ඒදණ්ඩ පුරාණ රජමහා විහාරය
බුදු මැදුර

වර්තමානයේ ප්‍රදේශයට විශාල ආගමික මෙහෙවරක් සිදු කරමින් ගල් ඒදණ්ඩ රජ මහ විහාරයෙහි විහාරාධිකාරී නාගර්ජුන විද්‍යාපීඨ මහා පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති යටිගල රතනවංශ ස්වාමින්වහන්සේ විශාල ශාසනික මෙහෙවරක නිරත වෙනවා. [1]

මෙහි විහාරාධිපති ධූරය දරනු ලබන්නේ සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ධම්මසිධ්ධි පඥාරාම ගෞරව නාමය සහිතව ගිරුවාපත්තුව ඇතුළු මාතර හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝ නායක උල්ලල චන්දිම ස්වාමින්වහන්සේ විසිනි.

ගල්ඒදණ්ඩ රජමහා විහාරාධිපති උල්වල චන්දිම ස්වාමින්වහන්සේ
කඩවත පහල කරගහමුණ ගල්ඒදණ්ඩ පුරාණ රජමහා විහාරයේ වැඩ වාසය කරන ස්වාමින්වහන්සේ

මින් පෙරාතුව උන් වහන්සේගේ ගුරු හිමියන් වන සියනෑ අළුත්කූරු දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී නාරන්දෙනියේ පඥාරාම නායක ස්වාමින්වහන්සේ ගල්ඒදණ්ඩ රජමහා විහාරාධිපතිව වැඩසිටි සේක.