ගරිල්ලා යුධ වැදීම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගරිල්ලා සටන් වැදීම් යනු ජංගම යුධෝපායන් (රැකසිට පහර දීම, ආක්‍රමණ) භාවිත කරමින් විශාල හෝ සාමාන්‍ය හමුදාවකට එරෙහිව යුධ වදින අසම්මත යුධ ක්‍රමයකි. ගරිල්ලා හමුදාවන් රැක සිට පහරදීම සහ ප්‍රහාර එල්ල කිරීමේදී සංචලතාවයක් භාවිතා කරමින් සතුරු ඉලක්ක අනතුරු වලට බදුන් කරයි. “පෙන්සියුලා” යුද්ධයේදී “න‍ැපෝලියන්” ගේ හමුදාවන්ට ‍එරෙහිව මෙම උපක්‍රමය ඉතා බහුලව යොදා ගෙන ඇත.

නිරුක්තිය[සංස්කරණය කරන්න]

ගරිල්ලා යන්නෙහි අර්ථය “කුඩා යුද්ධය” යන්නයි. එය ස්පාඤ්ඤ බසින් කැඩී ආ එකකි. මෙම “ගූවේරා” නම් ස්පාඤ්ඤ වදන මධ්‍යතන ලන්දේසි සහ පැරණි ජර්මන් බසින් උපත ලද්දකි. මෙම වචනයෙන් අදහස් වන්නේ ප්‍රමාණයකි. මෙම වචනය ස්පාඤ්ඤය විසින් න‍ැපෝලියන් බොනපාට්ගේ ප්‍රංශ ආණ්ඩුවට විරුද්ධව ගෙන ගිය සටන හදුන්වනු වස් නිර්මාණය වී ඇත.

එය ඉංග්‍රීසි භාවිතයට පැමිණියේ 1809 වැනි ඈත කාලයක පිටය. එහි අරුත වන්නේ “සටන්කාමීන්” වන අතර Roncevaux ගැටුම වන විට මෙම යෙදුම භාවිතා නොවුණි.

යුද්ධෝපාය, උපක්‍රම හා සංවිධානය[සංස්කරණය කරන්න]

ගරිල්ලා යුධ වැදීම් සුවිශේෂී වී තිබෙන්නේ සාම්ප්‍රදායික හමුදාවන්හි ආවරණ මෙහෙයුම් සහ පසු විපරම් කටයුතුවල යුධෝපාය යොදා ගැනීමෙනි. තවද, ගරිල්ලා සටන් දාමරිකයන්ගේ මුහුදු කොල්ලකරුවන්ගේ හෝ සොරුන්ගේ ක්‍රියාකාරකම්වලට හාත්පසින්ම වෙනස්ය. සමහර අපරාධ කණ්ඩායම් මෙම උපක්‍රම භාවිත කළද ඔවුන් ඒවා යොදා ගන්නේ ක්ෂණික ලාභ ලබා ගැනීමට මිස දේශපාලනික අරමුණකට නොවේ.

බුද්ධිය, රැකසිට පහරදීම, කපටිකම, කඩාකප්පල් කිරීම් සහ ඔත්තු බැලීම වැනි කරුණු මත ගරිල්ලා යුධෝපායන් රැඳී පවතී. මෙම කටයුතු සමහර විට දේශීය හෝ විදේශීය රාජ්‍ය පාලනයකට එරෙහිව නිශ්ශබ්දව සාර්ථකත්වයක් අත් කර ගත හැකිවන සේ හැසිරවේ. වියට්නාම යුද්ධය තුළ ඇති වූ තත්වය ඊට හොඳම නිදසුනකි. විදේශ බලයක් ඉදිරියේ වුවද නොසැලී සිටිය හැකි ශක්තිය ඔවුන් සතුය. දේශීය රාජ්‍ය තන්ත්‍රයකට එරෙහිව ඇතිවන ත්‍රස්ත ක්‍රියා සහ කඩාකප්පල් කිරීම්වලට එරෙහිව ගරිල්ලා සටන් කරුවන් නැගී සිටී. මෙම උපක්‍රම සතුරන් අධෛර්යමත් කිරීම පිණිස ඉතා අත්‍යවශ්‍යය. බොහෝ සටන්වලදී කුඩා ගරිල්ලා කණ්ඩායමකට ඉතා විශාල සන්නද්ධ හමුදාවක් වුවද මැඩ පවත්වා ගත හැකි ශක්තියක් ඇති බවට සනාථ කර ඇත. රුසියාවේ II වන යුද්ධය සහ II වන සෙමිනල් යුද්ධය එකී කරුණට හොඳම උදාහරණ වේ. මාවෝගේ "On Guerrilla Warfare." නම් කෘතිය තුළද ඉතා සංක්ෂිප්තව ගරිල්ලා උපක්‍රම සම්බන්ධව වාර්තා කර ඇත.

ප්‍රති ගරිල්ලා යුධ ක්‍රම[සංස්කරණය කරන්න]

මුලධර්ම[සංස්කරණය කරන්න]

ගරිල්ලන් මර්ධනය කිරිම අපහසු විය හැකි නමුත්, 1950 හා‍ 1960 කාලයේ සිට හොඳින් දැන සිටි ප්‍රති අරගල යුධ ක්‍රම සාර්ථකව අත්හදා බලා ඇත.

සම්භාව්‍ය මුලධර්ම/උපදේශයන්[සංස්කරණය කරන්න]

මලයාසි‍යාවේ ප්‍රති අරගල ප්‍රවීණයෙකු වන ශ්‍රිමත් රොබට් තොම්සන්ගේ බහුල ප්‍රචලිත හා දැඩි බලපෑමක් ඇති කෘතින් මඟින් මෙවැනි මුලධර්ම හා උපදෙස් කිහිපයක්ම ලබා දෙයි. තොම්සන්ගේ මුලික උපකල්පනයක් වන්නේ නීතියේ පාලනයට වඩා සාර්ථක පාලනයකට අවම ලෙස නැඹුරු වු රටකි. නමුත් සමහර ආණ්ඩු මෙවැනි අදහස් පසෙකලා ඇති අතර, ඔවුන්ගේ ප්‍රති ගරිල්ලා ක්‍රියාන්විත තුල සමුහ ඝාතන, කුසගින්නෙන් පිඩා විඳීම හා දැවැන්ත ලෙස පැතිරුණු ත්‍රස්තවාදය, වධයට ලක් කිරීම ඇතුලත් විය. නූතන උදාහරණ සඳහා ඇෆ්ගනිස්ථානයද, පැරණි උදාහරණ සඳහා හිට්ලර්ගේ හා ස්ටාලින්ගේ ඒකාධිපති පාලනයද ගත හැකිය. ඇෆ්ගනිස්තානයේ සිදු කළ ප්‍රති මුජහින්දීන් යුද්ධයේදී කුඹුරු හා ‍ ගොවිබිම්වල අධික බිම් බෝම්බ වැලලිම, වාරිමාර්ග ක්‍රම, සත්ව රැල්, කුඹුරු, ධාන්‍ය ගබඩා, ගම් විනාශ කිරීම්, ඇෆ්ගන් ජනගහනයෙන් 1/3 ක් පමණ පිටුවහල් කිරීම (මිලියන 5 කට වඩා මිනිසුන්), නාස්තිය වැනි දරුණු ප්‍රතිපත්ති සෝවියට්වරු අනුගමනය කළේය. Soviet හා Mganistan යන wiki ලිපිය බලන්න. තොම්සන්ගේ මධ්‍යස්ථ ප්‍රවේශයේ කරුණු මෙහි දැක්වේ.

1. සතුරු මළසිරුරු ගණන් කිරීම හෝ භූමිය අත්පත් කර ගැනීමට වඩා ජනතාව ආරක්ෂා කිරීම වඩා වැදගත් වේ.

සාමාන්‍ය යුද්ධයේදී වන සතුරන් නැසීම හා භූමිය අත්පත් කර ගැනීම ගරිල්ලා යුද්ධයේදී වඩාත්ම වැදගත් සාධක නොවේ. ජනතා සහාය වඩාත්ම මූලික විචල්‍ය වේ. බොහෝ කැරලිකරුවන් ආහාර, නිවාස, නව සෙබළුන් හා මුල්‍ය ප්‍රතිපාදන වලදි ජනතාව මත රඳා පවතියි. එබැවින් ප්‍රතිකැරලි බලඇණි තම බලය හා ක්‍රියාකාරිත්වය යටතේ ජනතාවට භෞතික හා මුල්‍යමය ආරක්ෂාව සැපයීමටත්, ඔවුන්ව කැරලිකරුවන්ගේ ප්‍රහාර හා ප්‍රචාරණයන්ගෙන් ආරක්ෂා කිරීමටත් යොමු කළ යුතුය.

2. ගරිල්ලා දැක්ම හා සම කිරීමට හෝ විනාශ කිරීමට එයට වඩා බලසම්පන්න පැහැදිලි දේශපාලනික ප්‍රති දැක්මක් තිබිය යුතුය.

‍මෙය දේශපාලනික ස්වාධීනත්වය ලබාදිමේ සිට අනිසි බලපෑමට වෙන්වු ප්‍රදේශයේ ආර්ථිකමය සංවර්ධන ක්‍රියාමාර්ග දක්වා විහිදේ. මෙම දැක්ම ඒකරාශි වු ප්‍රවේශයක් විය යුතු අතර, එයට දේශපාලනික, සමාජීය හා ආර්ථිකමය හා මාධ්‍ය බලපෑම යන කරුණු ඇතුලත් විය යුතුය. උදාහරණයක් ලෙස එක් අවස්ථාවකදි ජාතිමාමක ප්‍රවේශයකුත්, තවත් අවස්ථාවකදි ජාතීන් වශයෙන් ස්වාධීනත්වයක් යන ප්‍රවේශයක් යොදා ගත හැක. ඉතා ප්‍රවේගකාරි මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කරමින් මෙම දැක්මට සහය පළකළ යුතු අතර ‍එසේ නැතිවුවහොත් ප්‍රති අරගල ක්‍රියාන්විතය දුර්වල ලෙස දිස්විය හැක.

3. දේශපාලනික දැක්ම සම කිරීමට පහල තලවලදි ප්‍රයෝගික ක්‍රියාවන් සිදු කල යුතුය.

ගරිල්ලන් “ත්‍රස්තවාදින්” ලෙස නම් කොට දරුණු මර්ධනකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට ප්‍රති කැරලිකාරි පිළ පෙළඹුනත්, දැඩි බලය යෙදවීම දිගු කාලීනව අසාර්ථක විය හැක. ප්‍රායෝගික ක්‍රියාවන් යනු යටත් කිරීම පමණක් නොව දුෂිත නිලධාරින්‍ඉවත් කිරීම, වංචාව නැති කිරීම, යටිතල පහසුකම් දියුණුව, අවංකව බදු එකතු කිරීම හා අනෙකුත් නීතිමය ගැටළුවලට විසදුම් ලබා දිම වැනි කරුණු ගරිල්ලන්ට ඇති ප්‍රසාදය අවම කිරීමට හේතු වනු ඇත.

4. බලය නිසියාකාරව භාවිතය

ප්‍රති කැරලිපාලකයන් ගරිල්ලන්ගේ උත්සුක කිරීම්වලට අනවශ්‍ය ලෙස ප්‍රතික්‍රියා නොදැක්විය යුතුය. මක්නිසාද යත් සාමාන්‍ය ජනයාගේ මනසේ විශාල අර්බුදයක් ඇති කිරීමට එය ඉවහල් විය හැකි බැවිනි. පාලනයකින් තොරව අවිබලය භාවිතය ප්‍රති කැරලි යුද්ධයේ ප්‍රධාන අරමුණ වෙයි. එය “ජනතාව” ගැන ඇති අවධානය නැති කිරීමට ඉවහල් විය හැක. හදිසි තත්වයකදී වුව ද පොලිසියේ ක්‍රියාකාරිත්ව නීතිමය රාමුව තුල ක්‍රියාත්මක විය යුතුය. සාමය පවතින කාලය තුලදී සිදුවන සිරිත් හා සිවිල් නිදහස යම් තරමකට සීමා කිරීමට සිදු වුවද, ප්‍රති කැරලි පාලනය හැකි අයුරින් සාමකාමි හා පිලිවෙලින් යුතු ලෙස ක්‍රියාකිරීමට වග බලා ගත යුතුය. ප්‍රති කැරලි යුද්ධයකදී දැවැන්ත අවි බලය හා තාක්ෂණික බලයට වඩා “පොළව මත ඇති පාවහන්” (සෙබළුන්) වැදගත් වන අතරම, ඉලෙක්ට්‍රොනික, ගුවන් හා කාලතුවක්කු, යුධමය අංගයන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගත යුතුය.

5. විශාල ඒකක වල ක්‍රියාකාරිත්වය සමහර විට අවශ්‍ය වනු ඇත.

ගරිල්ලා‍ සටන්කරුවන් මර්ධනයට පොලිසියේ ක්‍රියාකාරිත්වය පමණක් මදිවුවහොත් හමුදාවේ ක්‍රියාන්විතය ද අවශ්‍ය විය හැක. මෙවැනි “විශාල බලඇණි” ක්‍රියාන්විත වැදගත් ගරිල්ලා සමුහයක් සිවිල් පොලිස් සාමුහික ක්‍රියාකාරිත්වයෙන් මැඩ පැවැත්විය හැකි කුඩා කොටස් වලට කඩා දැමීමට අවශ්‍ය වේ.

6. ආක්‍රමණකාරී සංවිධාන

ප්‍රතිඅරගල පාලනයේදි ආක්‍රමණකාරී කුඩා ඒකක හා සංවිධානය ඉතා වැදගත් වේ. විශාල ඒකක කැරලිකාර ඒකක ප්‍රවේගකාරීව සොයා ගැනීමට, හඹායාමට හා මර්ධනය කිරීමට හැකි වන ලෙස කුඩා කල යුතුය. මුලස්ථානයකට ඒකරාශි වී චලනය නොවී සිටීම මඟින් ක්ෂේත්‍රය කැරලිකරුවන්ට යටත්වීම සිදුවේ. සිරකරුවන් අල්ලා ගැනීම, මාර්ග බාධක, වැටලීම්, සැඟවී පහරදිම්, කඩා වැදීම් හා ආක්‍රමණකාරී සැරිසැරීම මඟින් කැරලිකරුවන් පලවා හැරිය යුතුය.

7. බිම්මටටමේ යෙදවීම හා ඒකාග්‍ර කිරීම.

සංචරණය වීම හා සමගාමිව මුලික ප්‍රති කැරලි ඒකක හා සෙබලුන් ප්‍රාදේශිය ආරක්ෂක බලඇණි හා සිවිල් කණ්ඩායම් සමඟ එකකු කිරීම සිදු කල යුතුය. බිම්මටටමේ සිටින ප්‍රාදේශිය ඒකකවල පුහුණුකරුවන් ලෙස මැරීන්වරු(Marine) පත් කල CAP (ඒකාබද්ධ ක්‍රියාකාරීත්වය වැඩසටහන) මඟින් වියට්නාමයේදී ඇමරිකානු මැරීන්වරු(Marine) සාර්ථක ප්‍රතිඵල ලැබීය. “Green Berets” වරු වැනි ඇමරිකානු විශේෂ බලකා සෙබළුන් ග්‍රෝතික හා අක්‍රමවත් බලඇණි සමඟ එකමුතුවී තම නායකත්වය මඟින් සතුරන්ට ගැටළු ඇති කළේය. 2007 දී ඉරාකයේදි ඇමරිකානු Surge යුධ සැලැසුමට අනුව ඉරාක හමුදාව තුල ඇමරිකානු සාමාන්‍ය හා විශේෂ බලකා සෙබලුන් පිහිටුවීම දක්නට ලැබේ. බිම් මට්ටමේ සහය වැඩි කිරීමටත්, බුද්ධි තොරතුරු එකතු කිරීමටත් පහසුවන ලෙස අසල ප්‍රදේශවල මුරපොරවල් වලට මෙම සෙබලුන් රැඳවීම සිදු කෙරිනි.

8. සංස්කෘතික සංවේදිතාව

ප්‍රති කැරලි බලමුළු ප්‍රාදේශිය සංස්කෘතින් භාෂා හා සිරිත් විරිත් පිළිබඳ මනා දැනුමක් තිබිය යුතු අතර එසේ නොමැති නම් ඔවුන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවේ. අරාබි භාෂාව කථා කරන පරිවර්තකයන්ගේ මද කමෙන් සිවිල් හා හමුදා ක්‍රියාන්විත අඩාල වීම තුලින් ඇමරිකානු ඉරාක නිදහස් ආක්‍රමණයේදීත්, වියට්නාමයේදීත් ඇමරිකානුවන් මෙය අත්දුටුවේය.

9. විධිමත් බුද්ධි ප්‍රයත්නය.

වැදගත් බුද්ධි තොරතුරු රැස් කිරීමට හා සංවිධානය කිරීමට හැකි සෑම ප්‍රයත්නයක්ම දැරිය යුතුය. සාමාන්‍ය ලෙස සිවිල් වැසියන්ගෙන් ප්‍රශ්න ඇසීමේ සිට සිරකරුවන්ගෙන් ආකෘතිමය ප්‍රශ්න ඇසීම දක්වා විධිමත් ක්‍රියාමාර්ගයක් මේ සඳහා ඇති කල යුතුය. සාවද්‍ය “විමුක්තිකාමි” හෝ අනුකම්පාසහගත සංවිධාන ඇති කිරීම මඟින් කැරලිකාරීන් හා ඔවුන්ගේ ක්‍රියාන්විතයන් හෙලිදරව් කිරීමටත්, ද්විත්ව ඒජන්තවරුන් භාවිතය වැනි නිර්මාණාත්මක පියවරයන් ද ගත යුතුය.

රහස් පහරදීම හා බුද්ධි අංශය[සංස්කරණය කරන්න]

සාර්ථක මෙහෙයුමකට ගරිල්ලන් විසින් රහස් පහරදීම් සාක්ෂාත් කරගත යුතුය. සටන පාවා දීමක් හෝ සමථයකට පත්වෙමින් පැවතුනහොත් වහාම නවතා දැමිය යුතු වේ. ඉලක්කයක් වෙත පහර දීමට බුද්ධි අංශය විසින් තොරතුරු රැස්කර ගනු ලබයි. ඕනෑම ප්‍රහාරයකට පෙර ඊට අදාලව අවි ආයුධ මෙන්ම චිත්ත ධෛර්යය සකස් කර ගැනීම සිදු කළ යුතු වේ. බුද්ධි අංශ කටයුතු විවිධ මාර්ගවලින් සපුරා ගනී. අත්‍යවශ්‍ය තොරතුරු රැස්කර ගැනීමෙහි ලා ගරිල්ලා සහ‍ායකයින් ඉටුකරන මෙහෙය අති විශාලය. එකී සහායකයන් රහසිගතව ක්‍රියාකරන්නේ නම් ගරිල්ලා ක්‍රියාකරුවන් එම සාමාජිකයා හට සාමාජිකත්වය ලබා දෙමින් උසස් කිරීමට වග බලා ගනී. එවිට ඔහු අවශ්‍ය දත්ත උත්සාහයෙන් හා කපටිකමින් එළිදරවු කර ගැනීමට ක්‍රියාකරයි. මෙසේ බුද්ධි අංශ ක්‍රියාකරුවන් විවිධ රැකියාවල නිරත වෙමින්ද, විවිධ සංවිධානවලට සම්බන්ධවෙමින් තම කටයුතුවල නිරත විය යුතු අතර සමහරවිට ප්‍රේම සබඳතා නවතා දමා සේවයට කැපවීමට ද සිදුවේ. එමෙන්ම මහජන පාර්ෂව ලැබෙන තොරතුරුද ගරිල්ලන් හට අමිල වන්නේ උසස් විදේශ නිලධාරීන්ට එරෙහිව එල්ලකරන ප්‍රහාරවලදී ඒවා වැදගත් කාර්ය භාරයක් ඉටුකරන නිසාය. නූතන පරිගණක අන්තර්ජාලය හරහා ද ඉතා පහසුවෙන් ගරිල්ලන් තොරතුරු එක්රැස්කර ගනී.එම තොරතුරු මෙහෙයුම් කටයුතු සැලසුම් කිරීමෙහි ඉතා වැදගත් වේ. මෙම ක්‍රියාවලිය තුළදී ඉලක්කය පිහිටි ස්ථානයට ඇතුල්වීමේ හා පිටවීමේ මාර්ග, ගොඩනැගිලි ව්‍යුහයන්, දුරකථන පිහිටා තිබෙන ස්ථාන, ආරක්ෂක නිලධාරීන්ගේ ස්ථානගතවීම් සහ අනෙකුත් අදාලවන දත්ත පිළිබඳව දැඩි විශ්ලේෂණයක යෙදේ. අවසාන වශයෙන් දේශපාලනික සාධක එනම්, මැතිවරණ කටයුතු පිළිබඳව ද ගරිල්ලන් තම අවධානය යොමු කරන අතර සිවිල් ජනයා සහ සතුරා පිළිබඳව ද රහස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ගරිල්ලා_යුධ_වැදීම්&oldid=359521" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි