ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

විකිපීඩියා වෙතින්

බණ්ඩාරනායක විද්‍යාලය ආරම්භ වූයේ වර්ෂ 1918 දීය. එය ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති ප්‍රධාන පිරිමි පාසැලකි. එය පලාත් සභා විසින් නොව මධ්‍යම රජය විසින් පාලනය වන ද්විතීක අධ්‍යාපනය ලබා දෙන ජාතික පාසැලකි. බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ජනප්‍රියතම පිරිමි පාසැල වේ.

2006 වර්ෂයේ දී ලංකාවේ බාලක පාසැල් අතුරින් ගම්පහ දිස්ත්‍රිකයේ විශිෂ්ඨතම පාසැල බවට පත් වීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සමත් විය. ශිෂ්‍යයෙකුට සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වීමට අවස්ථාව පවතී