ඛුද්දානුඛුද්දක්

විකිපීඩියා වෙතින්

ඛුද්දානුඛුද්දක සික්ඛාපද කථාව[සංස්කරණය]

‘‘භන්තෙ නාගසෙන, යං භගවා ආහ ‘ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානී’ති, එත්ථායං ජනො සම්මූළ්හො විමතිජාතො අධිකතො සංසයපක්ඛන්දො. කතමානි තානි ඛුද්දකානි සික්ඛාපදානි, කතමානි අනුඛුද්දකානි සික්ඛාපදානීති? දුක්කටං, මහාරාජ, ඛුද්දකං සික්ඛාපදං, දුබ්භාසිතං අනුඛුද්දකං සික්ඛාපදං, ඉමානි ද්වෙ ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි, පුබ්බකෙහිපි, මහාරාජ, මහාථෙරෙහි එත්ථ විමති උප්පාදිතා, තෙහිපි එකජ්ඣං න කතො ධම්මසණ්ඨිතිපරියායෙ භගවතා එසො පඤ්හො උපදිට්ඨොති. චිරනික්ඛිත්තං, භන්තෙ නාගසෙන, ජිනරහස්සං අජ්ජෙතරහි ලොකෙ විවටං පාකටං කත’’න්ති

   

9. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ස්ථවිර භික්‍ෂූන්ට මෙය කීහ. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන කාලයෙහි මට මෙසේ වදාළසේක. ආනන්දය, සඞ්ඝයා කැමැති වන්නේ නම් මා ඇවෑමෙන් ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද සමූහනය කරන්නේ ය යි. ඇවත ආනන්දය, “වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද කවරේ දැ”යි තෙපි භාග්‍යවතුන් වහන්සේ පිළිවිසුහු දැ යි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන් “වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද කවරහු දැ'යි නො පිළිවිසීමි යි.

ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂයාපද වෙතැ'යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද වෙතැ'යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද වෙතැ'යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා තිස් නිසගි පවිති තබා සෙස්සෝ බුදානුබුදාදක ශික්‍ෂයාපද වෙතැ'යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා තිස් නිසගි පචිති තබා දෙයානු පවීති තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද වෙතැ යි. ඇතැම් තෙර කෙනෙක් මෙසේ කීහු: සතර පරිජි තබා තෙළෙස් සඟවෙසෙස් තබා අනියත දෙක තබා තිස් නිසගි පවිති තබා දෙයානු පචිති තබා සිවු පාටිදෙසනීය තබා සෙස්සෝ ඛුද්දානුඛුද්දක ශික්‍ෂයාපද වෙතැ යි.

10. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සඬ්ඝයාට මෙසේ දැන්වූහ. ඇවැත්නි, සඞ්ඝයා මබස් අසාවා. ගිහියන් පිළිබඳ වූ ශික්‍ෂාපද අපට ඇත. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට මෙය කැපය. මෙය අකැප ය යි ගිහියෝ ද දනිති. ඉදින් අපි ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද සමූහනය කරන්නෙමු නම් "ශ්‍රමණ ගෞතමයන් විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවනලද්දේ (උන්වහන්සේගේ) චිතකයෙහි දුම් ඇති තෙක් පමණි. යම්තාක් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ සිටිසේක් ද ඒතාක් මොවුහු ශික්‍ෂාපදයන්හි හික්මුණෝ ය. යම් හෙයෙකින් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවිසේක් ද (එහෙයින්) දැන් මොවුහු ශික්‍ෂාපදයන්හි නො හික්මෙතැ යි කියන්නෝ වන්නාහ. ඉදීන් සඬඝයාට පැමිණි කල් වේ නම් සඞ්ඝයා නො පනවන ලද්දක් නො පනවන්නේ ය. පනවනලද්ද නොසිඳින්නේ ය. පනවන ලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පවත්නේ ය. මේ ඥප්ති යි.

ඇවැත්නි, සඬ්ඝයා මබස් අසාවා. ගිහියන් පිළිබඳ වූ ශික්ෂාපද අපට ඇත. ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට මෙය කැප ය, මෙය අකැප ය, යි ගිහියෝ ද දනිති. ඉදින් අපි ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද සමූහනය කරන්නෙමු නම් ශ්‍රමණ ගෞතමයන් විසින් ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පනවනලද්දේ (උන් වහන්සේගේ) චිතකයෙහි දුම් ඇති තෙක් පමණි. යම්තාක් මොවුන්ගේ ශාස‍්තෘන් වහන්සේ සිටිසේක් ද ඒතාක් මොවුහු ශික්‍ෂාපදයන්හි හික්මුණෝ ය. යම්හෙයෙකින් මොවුන්ගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවිසේක් ද (එහෙයින්) දැන් මොවුහු ශික්‍ෂාපදයන්හි නො හික්මෙතැ යි කියන්නෝ වන්නාහ. සඞ්ඝයා නො පනවන ලද්දක් නො පනවයි. පනවනලද්ද නො සිඳියි. පනවනලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පවතියි. යම් ආයුෂ්මත් කෙනකුහට නො පනවනලද්ද නො පැනවීම, පනවනලද්ද නො සිඳීම, පනවනලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පැවැත්ම, රුචි වේ නම් උන්වහන්සේ නිහඬවන්නාහ, යම් කෙනකුහට රුචි නො වේ නම් උන්වහන්සේ කියන්නාහ.

සඞ්ඝයා නො පනවනලද්ද නො පනවයි. පනවනලද්ද නො සිඳියි. පනවනලද ශික්‍ෂාපදයන්හි ඇති පරිද්දෙන් සමාදන් ව පවතියි. සඞ්ඝයාට (මෙය) රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙස් දරමි යි.

11. ඉක්බිති ස්ථවිර භික්‍ෂුහු ආනන්ද ආයුෂ්මත්හට මෙය කීහු : ඇවැත් ආනන්දයෙනි, යම්හෙයෙකින් තෙපි 'වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂා පද කවරහු දැ යි භාග්‍යවතුන් වහන්සේ නො විචාළහු ද මෙය තොප වරදවා කරන ලද්දකි, ඒ වරදවා කරනලද්ද ප්‍රකාශ කරවයි.

වහන්ස, මම නොසිහියෙන් (යුතු වූයෙම්) වහන්ස, ඛුද්දානුඛුද්දක ශික්‍ෂාපද කවරහු දැ යි භාග්‍යවතුන් වහන්සේ නො විචාළෙමි. මම එය වරදවා කරනලද්දකැ යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය වරදවා කරන ලද යි ‍ප්‍රකාශ කරමි.

ඇවැත්, ආනන්දයෙනි, යම් හෙයෙකින් තෙපි භාග්‍යවතුන් වහන්සේගේ වැසි සළුව පයින් මැඩ ගෙන මැසුවහු ද මෙය ද තොප වරදවා කරන ලද්දකි. ඒ වරදවා කරනලද්ද ප්‍රකාශ කරව යි.

වහන්ස, මම අගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේගේ වැසි සළුව පයින් මැඩගෙන නො මැසූයෙමි. මම එය වරදවා කරන ලද්දකැයි නොදකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය වරදවා කරන ලදැ යි ප්‍රකාශ කරමි.

ඇවැත් ආනන්දයෙනි, යම් හෙයෙකින් තෙපි මාගමුන් ලවා භාග්‍යවතුන් වහන්සේගේ සිරුර පළමුව වැන්දවුහු ද හඬන්නා වූ ඔවුන්ගේ කඳුළින් භාග්‍යවතුන් වහන්සේගේ සිරුර ගැල්විණි ද මෙය ද තොපගේ දුෂ්කෘතයෙකි. ඒ දුෂ්කෘතය ප්‍රකාශ කරව යි.

වහන්ස, මම ‘මොවුහු විකාලයෙහි (හැසිරෙන්නෝ) නො වෙත්වා' යි මාගමුන් ලවා භාග්‍යවතුන් වහන්සේගේ සිරුර පළමුව වැන්දවීමි. මම එය දුෂ්කෘතයකැ'යි නො දකිමී. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය දුෂ්කෘතයකැ'යි ප්‍රකාශ කරමි.

ඇවැත් ආනන්දයෙනි, යම් හෙයෙකින් තෙපි ද භාග්‍යවතුන් වහන්සේ විසින් ඔළාරික වු නිමිති කරනුලබන කල්හි ඔළාරික වූ ආලොකය කරනුලබන කල්හි, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ (ආයුෂ් කල්පයක්) වැඩ සිටින සේක්වා, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා යී භාග්‍යවතුන් වහන්සේ නො යැදුහු ද මෙය ද තොපගේ දුෂ්කෘතයෙකි. ඒ දුෂ්කෘතය ප්‍රකාශ කරව යි.

වහන්ස, මම වනාහි මාරයා විසින් හාත්පසින් මඩනා ලද සිත් ඇත්තෙම්, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ‘ ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිතපිණිස, සුවපිණිස භාගයවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා යි නො යැදීමි. මම එය දුෂ්කෘතයකැ'යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේගේ බස ඇදහීමෙන් එය දුෂ්කෘතයකැ'යි ප්‍රකාශ කරමි.

ඇවැත් ආනන්දයෙනි, යම්හෙයෙකින් තෙපි තථාගතයන් වහන්සේ විසින් මනාව ප්‍රකාශ කරනලද ධර්‍මවිනයෙහි (ශාසනයෙහි) මාගමගේ පැවිද්දට උත්සාහවත් කළහු ය. මෙය ද තොපගේ දුෂ්කෘතයෙකි. ඒ දුෂ්කෘතය ප්‍රකාශ කරවයි.

වහන්ස, මම වනාහි මේ මහාප්‍රජාපතී ගොතමි භාග්‍යවතුන් වහන්සේගේ මවගේ සොහොවුරි ය. (උන්වහන්සේ) හදා වඩා ගත්තී ය, පොෂණය කළා ය, කිරි දුන්නී ය. මව කලුරිය කළ කල්හි කිරි පෙව්වාය යි සලකා තථාගතයන් වහන්සේ විසින් මනාව ප්‍රකාශ කරන ලද ධර්‍මවිනයෙහි මාගමගේ පැවිද්දට උත්සාහවත් කෙළෙමි. මම එය දුෂ්කෘතයෙකැ යි නො දකිමි. එහෙත් ආයුෂ්මතුන් වහන්සේලාගේ බස ඇදහීමෙන් එය දුෂ්කෘතයෙකැ යි ප්‍රකාශ කරමි යි.

12. එසමයෙහි ආයුෂ්මත් පුරාණ තෙරණුවෝ පන්සියයක් පමණවූ මහත් භික්‍ෂූ සමූහයක් සමග දක්ෂිණාගිරියෙහි චාරිකාවෙහි හැසිරෙති. ඉක්බිති සථවිර භික්ෂුන් විසින් ධර්‍මය ද විනය ද සඞ්ගායනා කළ කල්හි ආයුෂ්මත් පුරාණ තෙරණුවෝ දක්ෂිණාගිරියෙහි කැමැති තාක් කල් වැස රජගහ නුවර යම් තැනෙක ද, කලන්‍දක නිවාප නම් වූ වේළුවනය යම් තැනෙක ද, ස්ථවිර භික්‍ෂූහු යම් තැනෙක ද එතැනට එළැඹියහ. එළඹ ස්ථවිර භික්‍ෂූන් සමග පිළිසඳර කථා කොට එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ පුරාණ ආයුෂ්මතුන්ට ස්ථවීර භික්‍ෂූහු මෙසේ කීහ. ඇවැත් පුරාණයෙනි, ස්ථවිරවරුන් විසින් ධර්‍මය ද , විනය ද සඞ්ඝායනා කරනලද්දේ ය. ඒ සංගීතිය ට එළඹෙනු මැනවැ'යි. (පිළිගනු මැනවැයි) ඇවැත්නි, ස්ථවිරවරුන් විසින් ධර්‍මය ද විනය ද මොනොවට සංගායනා කරනලද්දේ ය. වැළිදු මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි යම්සේ අසන ලද ද යම්සේ පිළිගන්නා ලද ද එසෙයින් ම මම දරන්නෙමි"යි කීහ

"https://si.wikipedia.org/w/index.php?title=ඛුද්දානුඛුද්දක්&oldid=504956" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි