නිකොලස් කොපර්නිකස්
නිකලස් කොපර්නිකස් | |
|---|---|
ටොරුන් වෙතින් හමුවූ සිතුවම, 16වන සියවස මුල් අවදියෙහි | |
| Born | පෙබරවාරි 19, 1473 |
| Died | 24 මැයි 1543 (වයස 70) ෆ්‍රොම්බර්ක් (ෆ්‍රොන්න්බර්ග්), වර්මියාහී ප්‍රින්ස්-බිෂප්‍රික්, රාජකීය ප්‍රසියාව, පෝලන්ත රාජධානිය |
| Alma mater | ක්‍රාකොෆ් විශ්වවිද්‍යාලය, බොලෝඤ්ඤා විශ්වවිද්‍යාලය, පාදුවා විශ්වවිද්‍යාලය, ෆෙරාරා විශ්වවිද්‍යාලය |
| Known for | සූර්යකේන්ද්‍රවාදය, කොපර්නිකස්ගේ නියමය |
| Scientific career | |
| ක්ෂේත්රය | ගණිතය, තාරකා විද්‍යාව, සාමයික නීතිය, වෛද්‍ය විද්‍යාව, අර්ථශාස්ත්‍රය |
| Signature | |
නිකොලස් කොපර්නිකස් (පෝලන්ත: Mikołaj Kopernik; 1473 පෙබරවාරි 19 – 1543 මැයි 24) යනු යුරෝපයේ පුනරුද සමයේ ජීවත් වූ මහාප්‍රාඥයෙක්, ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක් සහ කතෝලික පූජකවරයෙකු විය. මොහු ඉපදී ඇත්තේ 1473 පෙබරවාරි 19 වන දා පෝලන්ත රාජධානියේ ටෝරන් නගරයේ සාන්ත අමර් වීදියේ නිවසකය. ඔහුගේ නම තම පියාගේ නම වන නිකලස් ගෙන් තබා ඇත. මොහු පොහොසත් තඹ වෙළෙන්දෙකු වු අතර මෝරන් නගරයේ පිළිගත් වැසියෙක් විය. නිකලස්ගේ මව බාබාරා වොස්ටන් රෝඩ් වන අතර පොහොසත් වෙළඳ පවුලකින් පැමිණි ඇය 1995 දි මිය ගියාය. නිකලස්ගේ පියා 1483 හා 1485 අතර මිය ගිය අතර ඔහුගේ මාමා වන ලුකස් වොට්සන් රෝඩ්ස් ඔහුව තම භාරයට ගත් අතර, ඔහුගේ අධ්‍යාපනය හා අනාගතය එමඟින් පෑදුනේය. එකල පැවති පෘථිවිකේන්ද්‍රවාදී විශ්වයේ ආකෘතිය වෙනුවට ඔහු සූර්‍ය කේන්ද්‍රවාදී ආකෘතියක් නිර්මාණය කළේය. ලොව බැමෑ වූ පුරුෂයා ලෙස මොහු හදුන්වනු ලබයි .
