කතෝලික ආගම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

කතෝලික ධර්මය යනු,

නව ගිවිසුමේ සුවිශේෂ ප්‍රකාශන තුළ හෙලි දක්වා ඇති පරිදි, ජේසුස් වහන්සේගේ ජීවිතය හා ධර්ම ඉගැන්වීම් මත කේන්‍ද්‍ර ගත වූ, ඒක දේව වාදී ආගමකි, කිතු දහම(කතෝලික දහම).

  • ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන් ලෙස කිතු කතෝලික භක්තිකයන් විශ්වාස කරන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වති. ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම රෝමානු කතෝලික දහම ලෙස, 2001 වසර තුල සංඛ්‍යාව බිලියන 2.1 පමණ බැව් තක්සේරු කර ඇත.
  • අද වන විට ක්‍රිස්තියානි නමින් කුඩා සභා රාශියක් තිබූණද පිරිසිදු රෝමානු කතෝලික දහම ලොවට දෙන්නේ කතෝලික ශුද්ධ වූ සභාව වේ. කතෝලික ශු.සභාව අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන සැබෑවූ එකම සභාව වේ.
  • කතෝලිකත්වය” යනුවෙන් අදහස් කරනුයේ ශුද්ධ වූ සභාවේ විශ්වීය බවය
  • ශ්‍රී ලංකාවට රෝමානු කතෝලික දහම දායාදවූයේ ක්‍රි.ව.1505ට පෙර බවට ද අදහස් පළ වී ඇත. ක්‍රි.ව.1912 දී අනුරාධපුරයේ තිබී ගලක කෙටූ කුරුසියක් හමුවී ඇත. එය පෘතුග්‍රීසීන් මෙරටට ගෙන ආ එකක් බවට මෙන් ම එම කුරුසිය ශුද්ධ වූ තෝමස් අපෝස්තුළුතුමාගේ ශ්‍රාවකයන්ගේ කුරුසියේ ලාංඡනයක් බවට අදහස් පල වී ඇත.
  • ශ්‍රී ලංකාවේ අපෝස්තුළුවරයා ලෙස සැලකෙන්නේ ශු.ජුසේ වාස් මුනිතුමා ය.


"https://si.wikipedia.org/w/index.php?title=කතෝලික_ආගම&oldid=452852" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි