කොටස් වශයෙන් බෙදා කෙරෙන ගෙවතු වගාව

විකිපීඩියා වෙතින්
ස්විට්සර්ලන්තයේ "සුරිච්හි" ගෙවතු වගා බිමක්

කොටස් වශයෙන් බෙදා කෙරෙන වගාබිම් නැතහොත් ගෙවතු ලෙස සලකනුයේ ඒක පුද්ගලිව හෝ එක් පවුලකට වෙන් කරන ලද කොටසක කෙරෙන ගෙවතු වගාවයි. මෙම වගාබිමක එසේ කොටස් කරනු ලැබු බිම් කිහිපයක් හෝ සිය ගණනක් හෝ තිබිය හැකිය. මෙහිදි විශේෂත්වය වන්නේ මින් එක් කොටසක තනි අයිතියක් ඇතිව වගාකිරීමයි. එහිදි කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වීමක් නැත. මෙසේ එක් පුද්ගලයෙකුට ලැබෙන ඉඩම් කොටස් ප්‍රමාණය වර්ග මීටර් 200 සිට 400 දක්වා වෙනස් වේ. එසේම සෑම ගෙවත්තකම සිය උපකරණ හා ආයුධ තැබීමට තාවකාලිකව මඩුවක් හෝ වැනි යමක් පිළියෙල කර ගනී. මේ සියළු ඒක පුද්ගල වගා බිම් වගාබිම් සංගමයක් හරහා සංවිධානය වනු ලබන අතර එම බිම් කොටස ඉඩම් හිමියකුගෙන් බද්දට ගනු ලැබු කොටසක් වේ. එම බදු දීම කරනු ලබන්නේ පළතුරු එළවලු හා මල් වගාවන් සඳහාය. නමුත් කිසිවෙකුට ස්ථිරව පදිංචි වීමේ අයිතියක් නැත. බිම් කට්ටිය පරිහරණය වෙනුවෙන් වගා සංගමයට මුදලක් ගෙවිය යුතු අතර ව්‍යවස්ථානුකූලව ගොඩනැගු නීති රීති මාලාවකට එකඟ විය යුතුයි. එපමණක් නොව මෙහි සාමාජිකත්වය ලබා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ද ඇතුලත් වන පරිදි සිදුවේ.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Allotment_gardens