කෙටි පණිවිඩ සේවාව

විකිපීඩියා වෙතින්
Sms

තාක්ෂණය වර්ධනය වීමත් සමග බිහි වූ SMS සේවාවේ නිර්මාතෘ ලෙස සලකන්නේ ෆින්ලන්තයේ මැටි මැකොනන් ය.එය 1980 දශකය මුල් භාගයේ සිටම නොයෙක් මට්ටමින් ජංගම දුරකථන සඳහා යොදා ගෙන ඇත.SMS සේවාව මුල් දිනවල යොදාගෙන ඇත්තේ ජංගම දුරකථන ග්‍රාහකයින්ට නොයෙකුත් දැනුම්දීම් සිදු කිරීමටය.එම කාලයේදී SMS පණිවිඩ යැවීමේ හැකියාව පැවතියේ ජංගම දුරකථන සේවා සපයන ආයතන වලට පමණක් වුවද, 1990 පමණ විට පෞද්ගලික පණිවිඩ සඳහා SMS භාවිතය ඇරඹුණි.

කෙසේ වුවද ලොව ප්‍රථම SMS පණිවිඩය යවා ඇත්තේ 1992 දෙසැම්බර් මස 2 වෙනි දින ඉංජිනේරුවරයෙකු වූ නීල් පැප්වර්ත් විසිනි.Vodafone ජාලය හරහා මෙම පණිවිඩය යැවීම සිදු කෙරිණි. ඒ Vodafone සමාගමේ අධ්‍යක්ෂක වරයෙකු වූ රිචඩ් ජාවිස් වෙතයි.එම පණිවිඩයේ සටහන් වී ඇත්තේ " Merry Christmas " ලෙසින් නත්තල් සුභ පැතුම් පණිවිඩයකි. එහෙත් එම දිනවල පැවති ගිණුම්කරණ දුර්වලතා නිසා කෙටි පණිවිඩ සේවාව දියුණු වූයේ සෙමින්ය.

එක් ජංගම දුරකථනයකින් යවනු ලබන කෙටි පණිවිඩය පළමුවෙන්ම කෙටි පණිවිඩ සේවා මධ්‍යස්ථානයක් වෙත ලඟා වෙයි.එම පණිවිඩය පිළිබඳ ගිණුම්ගත කර ගැනීමෙන් පසුව පණිවිඩය ලබන්නා වෙතට යොමු කෙරේ.එම ග්‍රාහක දුරකථනය ක්‍රියා විරහිත නම් නැවත වරක් එම පණිවිඩය යොමු කෙරේ.මේ අයුරින් කෙසේ හෝ එම පණිවිඩය අදාල දුරකථනයට යොමු කෙරේ.මෙම ක්‍රියාවලිය එතරම් විශ්වාසනීය නොවේ.පණිවිඩය ප්‍රමාද වීමට හෝ නොලැබී යාමටද ඉඩ කඩ ඇත.එබැවින් යවන පණිවිඩය සම්බන්ධව භාරදීමේ වාර්ථාවක් [Deliver Report] ලබා ගැනීම සුදුසුවේ. SMS ලොව පුරා සීග්‍රයෙන්ම ජනප්‍රය වන මාධ්‍යයකි.2012 වසරේ කරණ ලද ගණනය කිරීමකට අනුව වසරකට කෙටි පණිවිඩ බිලියන 8600ක් ලොව පුරා හුවමාරු වී ඇත.එනම් සෑම පුද්ගලයෙක්ම වසරකට කෙටි පණිවිඩ 1228ක් බැගින් යවා ඇත.එසේම කෙටි පණිවිඩ සංඛ්‍යාව මගින් ජංගම දුරකථන සේවා ආයතන වලට ලබා දුන් ආදායම ඇ.ඩො. බිලියන 150 ඉක්මවිය . ලෝකය පුරා දවසකට යවන කෙටි පණිවිඩ ගණන කොතරම්දැයි International Herald Tribune පුවත්පත සොයා බැලීය.එහිදී පෙනී ගියේ දැනට ලොව පුරා මිනිසුන් වසරකට හුවමාරු කරන SMS ගණන ට්‍රිලියන 8ක් හෙවත් කෝටි ලක්ෂ 8ක් බවයි.එනම් දිනකට කෝටි 2186 කට වැඩි SMS ප්‍රමාණයක් හුවමාරු වේ.

SMS දැනට ලෝකයේ ප්‍රධානම ප්‍රචාරණ් මාධ්‍යයක් වී ඇත.බොහෝ ප්‍රවෘත්ති ආයතන    මගින් පුවත් දැණුවත් කිරීම ලබාදීම සාමාන්‍ය දෙයකි.එසේම දේශපාලනයටද SMS ගෑවී ඇත.2001 දී පිලිපීන ජනපති එස්ට්‍රාඩා ට එරෙහිව උද්ඝෝෂකයෝ දැවැන්ත SMS ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය.එස්ට්‍රාඩා පැරදුනේ ඒ හේතුවෙනි.2002 දී කොරියානු ජනපතිවරණයේදී පරාජය වේ යැයි සිතූ අපේක්ෂක රෝමෝ හුයින් වැඩි ඡන්ද සුළු ප්‍රමාණයකින් ජයගත්තේ අවසාන මොහොතේ ගෙන ගිය SMS ප්‍රචාරක ව්‍යාපරාය හේතුවෙනි.

SMS උන්මාදය තදින්ම වැලදී ඇත්තේ ආසියාතිකයින්ට හා යුරෝපීන්ටයි. ජපානය,කොරියාව,ඕස්ට්‍රේලියාව වැනි රටවලට මෙය එතරම බලපා නැත. SMS, දුරකථන සමාගම්වලටද ඉතා වාසිදායක වේ.ඒ දුරකථන ඇමතුමක් සම්බන්ධ කරන වියදමෙන් SMS 350ක් පමණ සම්ප්‍රේෂණය කල හැකි නිසාය. SMS තාක්ෂණයට යා හැකි දුර බොහෝය.කෙටි පණිවිඩ සේවාවටත් වඩා ප්‍රභල,ලාභදායී තාක්ෂණයක් ලොවට හඳුන්වාදෙන තුරු SMS ඇති කල පෙරලිය නොනවත්වා ගමන් කරනු ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කෙටි_පණිවිඩ_සේවාව&oldid=470197" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි