කෙටි කාලීන මතකය

විකිපීඩියා වෙතින්

ඇතැම්විට කෙටි කාලීන මතකය “ ප්‍රාථමික” “වැඩ කරන” “ක්‍රියාකාරී” මතකය ලෙස සඳහන් ව අතර තත්පර 20 ක පමණ කුඩා ප්‍රමාණයක තොරතුරු ඊට ඇතුළත් වෙයි.

කෙටි කාලීන මතකය ධාරිතාව කොටස් 3 හෝ 4 සිට (වචන, අංක, හෝ අකුරු) කොටස් 9 දක්වා වෙනස් වෙයි. පොදුවේ දැක්වෙන ධාරිතාව කොටස් 7±2 වෙයි. ඊට පටහැනිව දිගු කාලීන ස්මරණයට නියමයක් නැතිව අසීමිත තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් වේ.


කෙටි කාලීන මතකය මනසේ ක්‍රියාකාරීව ක්ෂණිකව භාවිතා කළ හැකි තත්ත්වයෙන් පවතින සුළු ප්‍රමාණයේ තොරතුරු ප්‍රමාණයක් අල්ලන ධාරිතාවක් ලෙස විස්තර කළ හැකිය. කෙටි කාලීන සංවේදකවල අඩංගු තොරතුරු මෙසේය.

1. දිගු කාලීනව පිළියෙල කරගත් සංවේදක නිමැවුම්
2. දිගු කාලීන ස්මරණවලින් ලබාගත් කරුණු
3. මෑතක දී වූ මානසික සැකැසුම්වල ප්‍රතිඵල (ඒවා සාමාන්‍යයෙන් ක්‍රියාකාරී සංකල්පයකට සම්බන්ධ වුවත්)


කෙටිකාලීන මතකය ගබඩාව

වර්ෂ 1960 දී වර්ධනය වූ ස්මරණය පිළිබඳ සම්භාව්‍ය ආකෘතියකින් පිළිගත්තේ සියලු ස්මරණයන් කෙටිකාලීන ගබඩාවකින් දිගු කාලීන ගබඩාවකට මාරුවෙන බවයි. මේ මොඩලය ස්වරූප මොඩලයක්ය යනුවෙන් ප්‍රසිද්ධියේ විස්තර කළේ ඇට්කින්සන් හා ශීෆීන් යන දෙදෙනාය.

මෙම ගබඩා දෙක අතර පැහැදිලි වෙනසක් ඇත් ද යන්න, විශේෂඥයන් අතර විවාදයට තුඩු දුන් කරුණකි.


වෙන් වශයෙන් කෙටි කාලීන ගබඩාවක් පවතීය යන කාරණයට පක්ෂව සාක්ෂි ලැබෙන්නේ විස්මෘතියෙනි. අලුත් තොරතුරු හා සිදුවීම් දැන ගැනීමට ඇති නොහැකියාවෙනි. මොළයට හානි සිදුවීමෙන් ඇතිවෙන මෙබඳු විස්මෘතියක් සහිත ආබාධිතයන්ට ද (තත්පර 30) සුළු තොරතුරු ප්‍රමාණයක් මතකයේ රඳවා ගත හැකිය. එහෙත් දිගු කාලයක් මතකයේ රඳවා ගැනීමට ඇති හැකියාව විස්මිත ලෙස අඩු වෙයි. (HM නැමැති රෝගියා, මීට ප්‍රකට උදාහරණයකි)

අනෙක් සාක්ෂිය හමුවන්නේ පර්යේෂණාත්මක අධ්‍යයනවලිනි. ඇතැම් ඉලක්කම් මෙහෙයවීමෙන් (වික්ෂිප්ත කාර්යයක් - distractor task) ලොකු සංඛ්‍යාවකින් තනි ඉලක්කමක් යළි යළිත් අඩු කිරීම වැනි) ඉතා මෑතකදී ඉගෙන ගත් වචන ලැයිස්තුවෙකින් වචන 3 හෝ 5 ක් පිළිබඳ ස්මරණය දුර්වල විය හැකිය. මේ සියලු සොයා ගැනීම්වලින් පෙන්නුම් කරන්නේ කෙටි කාලීන ස්මරණය හා දිගු කාලීන ස්මරණය යන දෙකම එකිනෙකින් නිදහස්ව හා එකිනෙකට වෙනස්ව ක්‍රියා කරන බවයි.

සියලු පර්යේෂකයෝ කෙටි කාලීන ස්මරණය හා දිගු කාලීන ස්මරණය එකිනෙකට වෙනස් ක්‍රම බව නොපිළිගනිති. සමහර සෛද්ධාන්තිකයෝ ස්මරණය සියලු කාල පරිමාණවල ඒකීය ස්වරූපයෙන් මිලි තත්පරයේ සිට අවුරුද්ද දක්වා පවතින බව ප්‍රකාශ කරති. කෙටි කාලීන හා දිගු කාලීන ස්මරණ අතර සීමාවක් ලකුණු කිරීම දුෂ්කර වීමෙන් ඒකීය ස්මරණය පිළිබඳ මතයට සහායක් ලැබී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කෙටි_කාලීන_මතකය&oldid=472221" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි