කෘෂිකාර්මික පිළිවෙත්

විකිපීඩියා වෙතින්

කෘෂිකාර්මික වත් පිළිවෙත් ඒවායේ තීවෘරතාවය සහ තාක්ෂණය මත රඳාපවතී.එහි අන්තයන් දෙකකි. එකක් නම් සුළු භූමි ප්‍රදේශයක තමා සහ පවුලේ පරිභෝජනය සදහා පමණක් සීමිත නිෂ්පාදනයක යෙදෙන "පාරිභෝජක ගොවියායි." අනෙක් අන්තය සාම්ප්‍රදායික ශ්‍රමය මත පදනම් වූ(ආසියනු කුඹුරු බිම් )සහ කාර්මික කෘෂිකර්මාන්තය, කාබනික ගොවිතැන සහ සැපයුම් ගොවිතැන අඩංගු වන නූතන කෘෂිකර්මාන්තය මත රැදී තිබෙන රටාවයි. කාර්මික කෘෂිකර්මාන්තයට විශාල භූමි ප්‍රමාණයක් හෝ විශාල සතුන් සංඛ්‍යාවක්, ඉහළ සම්පත් භාවිතයක්(කෘමිනාශක,වල් නාශකා සහ ඉහල තලයක හා කාර්මීකරණයක්ද අඩංගු වේ.

මෙම තත්වයන් පරිමාණකූල පිරිමැසුම් අත් කර ගත් අතර එයට භූමිය සහ යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය විය. විසිවන සියවස වන විට කෘෂිකාර්මික ක්ෂෙත්‍රයේ වත් පිළිවෙත් වල, විශේෂයෙන්ම කෘෂිකාර්මික රසායනයේ සහ යාන්ත්‍රීකරණයේ වෙනස්කම් පැහැදිළිව දැක ගත හැකි විය.රසායනික වල් නාශක, රසායනික කෘමිනාශක සහ රසායනික දිලීර නාශක,පාංශු විශ්ලේශීකරණය සහ සත්ව පෝෂණ යනාදී යෙදවුම් කෘෂිකාර්මික රසායනයට අයත් වේ. ට්‍රැක්ටර් යන්ත්‍ර සහ යාන්ත්‍රික එන්ජින් වර්ග - කපු කටින යන්ත්‍රය, අර්ධ ස්වයංක්‍රීය බැලර් යන්ත්‍රය සහ ගොයම් මඩින යන්ත්‍රය යනාදී කාර්මික නිෂ්පාදනයන් කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට සමත් විය.(කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍ර බලන්න ).

ඇ.එ.ජ. ජාතික ඉංජිනේරු ඇකඩමියට අනුව,විසි වන ශතවර්ෂයේ, මහා පරිමාණ ඉංජිනේරු නිෂ්පාදකයන් අතර,බොහොමයක් කෘෂිකර්මාන්තයට අදාල නිෂ්පාදනයන් වේ.

විසිවන ශත වර්ශය මුල් භාගයේදී, ඇමෙරිකානු ගොවියෙකුට මිනිසුන් 2.5 ක් පෝෂණය කිරීම ට හැකිවුණු අතර, කෘෂිකාර්මික තාක්ෂණයේ දියුණුව මත, එය ගොවියෙකුට 130 දෙනෙකු පෝෂණය කිරීමේ හැකියාව දක්වා වර්ධනය වී ඇත.



සටහන්[සංස්කරණය]

Agriculture Practices
"https://si.wikipedia.org/w/index.php?title=කෘෂිකාර්මික_පිළිවෙත්&oldid=471430" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි