කුඩාපොළ හිමි
කුඩා පොළ ස්වාමීන්
වහන්සේට විරුද්ධව යුද්ධාධිකරණයේදී නගන ලද චෝදනාව නම් උන්වහන්සේ මාතලේ කැරැල්ලට ආධාර දීමත්, පුරන් අප්පු රජු වශයෙන් පිළිගෙන ඔටුණු පැළඳවීමත්, වික්‌ටෝරියා අග රැජිනට විරුද්ධව කැරලි ගැසීමත්ය. මේ චෝදනාවලට වැරැදිකරු ලෙස පිළිගත් යුද්ධාධිකරණය විසින් කුඩාපොල ස්‌වාමීන් වහන්සේ වෙඩි තබා මරා දමන ලෙස නියම කළේය. ඒ නිසා වර්ෂ 1848 අගෝස්‌තු 26 වැනිදා බෝගම්බර වැව අසලට ගෙන ගොස් සිවුරු පිටින්ම ආගම් විරෝධී ලෙස වෙඩි තබා මරණ ලදී.ඉංග්‍රීසි පාලන කාලය තුළ ඉංග්‍රීසින්ගේ තුවක්කුවට එරෙහිව සිංහල රණ ගී ගැයුණු අවස්ථා දෙකකි. 1818 දී සහ 1848 දී එම කැරළි දෙක පැන නැංගේය. 1848 නිදහස් සටනේදී ඉංග්‍රීසි හමුදාව ගොංගාලේ ගොඩ බණ්ඩා සැඟවී සිටි තැන සෙවීමට යෑමේදී කඩහපොල හිමි ද අත්අඩංගුවට පත් විය. සිංහලයින්ගේ සටනට කඩහපොල හිමි දායක වූ බව සත්‍යයකි. එහෙත් කඩහපොල හිමි යුද්ධාධිකරණයෙන් වැරදිකරු කොට ඝාතනය කළේ නිසි පරිදි සාක්ෂි විමසීමකින්ද තොරවය. එවකට ලක් ආණ්ඩුකාර වූ ටොරින්ටන් සාමිවරයා අතින් කඩහපොල හිමිගේ මරණ දඬුවම ස්ථිර විය. 1848 අගෝස්තු 26 වැනිදා ඉංග්‍රීසින්ගේ නීත්‍යානුකූල වෙඩිපහරින් කඩහපොල හිමි ජීවිතක්ෂයට පත් විය. චීවරය පිටින්ම සිටි කඩහපොල හෙවත් කුඩාපොල හිමිගේ චීවරයට වෙඩි තැබීම එකල මහත් ආන්දෝලනයක් ඇතිකළ සිද්ධියක් විය.