ඩිජිටල් ඡායාරූප - ගුණාත්මක බව
ඩිජිටල් රූපයක ගුණාත්මක බව සාධක කිහිපයක් මත රඳා පවතී. මේවායින් වැඩි ප්ණරමාණයක් සිනමා කැමරාවන්ගේ ගුණාත්මක බව මැනීමේ සාධකයන් හා සමපාත වෙයි. පික්සෙල් සංඛ්‍යාව (මෙය මෙගාපික්සෙල්, පික්සෙල් මිලියන ගණනින් සඳහන් වේ) මේ සාධකයන් ගෙන් වැදගත්ම සාධකය වේ. කැමරා අළෙවිකරණයේදී වඩාත්ම ඔප් නංවනු ලබන්නේ මෙම ගුණාංගය ය. මෙම මෙගා පික්සෙල් ගණන මැනීමේ මිනුම් නිර්මාණය කොට ඇත්තේ ඩිජිල් කැමරා නිෂ්පාදකයින්ගේ අළෙවිකරණ කටයුතු සිදු කරන සාමාගම් විසිනි. මෙමඟින් කැමරා භාවිතා කරන්නන්ට එහි ගුණාත්මකභාවය පිලිබඳ ඉතා පහසුවෙන් අදහසක් ඇතිකරගත හැක. කැමරාව තුල ක්‍රියාත්මක වන දත්ත නිවැරදි වර්ණ සහිත ඡායාරූපයක් බවට පත්කිරීමේ ක්‍රියාවලියද මෙගා පික්සෙල් ගණන තරම්ම වැදගත් වෙයි. සමහර මෙගා පික්සෙල් 4 ට වැඩි කැමරා ඊට බොහෝ ඉදිරියෙන් ඇති කැමරාවන්ට වඩා හොඳ ඡායාරූප ලබාදීම පිටුපස ඇත්තේ මෙම සාධකයයි.
• කාචයේ ගුණාත්මකභාවය, විභේදන බලය, විවෘති වීම, අපකිරණ • ග්චරාහක මාධ්‍ය, CMOS, CCD" ඍණ පටල පටය • ග්චරාහක ආකාරය පික්සෙල් ගණන ඩිජිටල් පිලිගොනු වර්ගය (RAW, TIFF, JPEG) පටල පටය (135 film, 120 film, 5x4, 10x8) • පිරිසැකසුම ‘ඍණ ඵලකය’ හෝ ‘මුද්‍රණය’ සඳහා ඩිජිටල් සහ/හෝ රසායනික පිලිසැකසුම
පික්සෙල් ගණන
තිරස් පික්සෙල් ගණන w × සිරස් පික්සෙල් ගණන ය මඟින් පවත්නා සම්පූර්ණ පික්සෙල් ගණන ^n& ගණනය කරනු ලැබේ n = w x h. එනම් මෙගා පික්සෙල් 1. 92 (පික්සෙල් 1,929,000) ක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ 1600 × 1200 රූපයකි. සංයුක්ත ඩිජිටල් කැමරාවන් (ඒක කාච ප්කරතිඡායා නොවන) කැමරාවන්හි දර්ශනානුපාතය 4: 3 වේ. එනම් w/h = 4/3 කි. ‘පරිඝනක තිර’ පැරණි CCD ආදිය එම අනුපාතය දරන බැවින් ඩිජිටල් කැමරාවන්ද එකී අනුපාතය යොදාගෙන ඇත. නිෂ්පාදකයින් විසින් දක්වා ඇති පික්සෙල් ගණන පිලිබඳ දත්තයන් නොමඟ යවන සුලූ වියහැක. එනම් එයින් දැක්වෙන පික්සෙල් ගණන වර්ණ පික්සෙල් නොවිය හැක. තනි චිපයක් සංවේදකය ලෙසින් භාවිතා කරන කැමරාවන්හි දැක්වා ඇති පික්සෙල් සංඛ්‍යාවෙන් ප්ලරකාශ වන්නේ කුමන ස්ථානයක හෝ තිබිය හැකි තනි වර්ණ සේයා සංවේදකයේ පික්සෙල් සංඛ්‍යාවේ එකතුවයි. එය බයර් සංවේදකයක හෝ එකට ඇති සංවේදක තුනක හෝ Foveon X3 sensor සංවේදකයේ අඩංගු වියහැක. නමුත් රූපයේ අන්තර්ගත වනු ඇත්තේ මීට වඩා වෙනස් ඍඨඊ පික්සෙල් සංඛ්‍යාවකි. බයර් සංවේදක කැමරාවන් සේයා සංවේදක කැමරාවන්ට සමාන පික්සෙල් සංඛ්‍යාවකගෙන් සමන්විත වෙයි.
විභේදන බලය
රූපයේ කෙපෙමණ විස්තරාත්මක තොරතුරු ඡායාරූපයට නැඟීමට සමත් වන්නේද යන්න තීරණය වන්නේ විභේදන බලය මතය. කෙසේවෙතත් අනෙකුත් මිනුම් මෙන්ම විභේදන බලයද රූපයක ගුණාත්මකභාවය තීරණය කරනු ලබන සාධකයන්ගෙන් එකක් පමණක් වෙයි. රූපය නිර්මාණය කරනු ලබන විවිධ ක්කරමවේදයන් හේතුවෙන් මේ එක් එකෙහි විභේදන බලයක් සන්සන්දනය කිරීම අසීරු කරුණකි. උදාහරණයක් ලෙස Sigma SD14 කැමරාව අනෙකුත් ඩිජිටල් කැමරාවන්ට වඩා වෙනස්ව Foveon තාක්‍ෂණය භාවිතා කරයි. එය මෙගාපික්සෙල් 14 ක කැමරාවක් ලෙසින් හඳුන්වනු ලැබුවද බයර් සංවේදකයක් සහිත කැමරාවන් හා සැසැඳීමේදී එහි රූපවල ගුණාත්මකභාවය මෙගාපික්සෙල් 9 ක බයර් සවේදක සහිත කැමරාවකට සමාන වෙයි. රූපයේ විස්තරාත්මක බව පිලිබඳව සැලකීමේදී රූයේ සමස්ථ පික්සෙල් ගණන සලකාබැලීමට වඩා රූපය හරහා (හෝ පහලට) ඇති පික්සෙල් ගණන සලකමින් සන්සන්දනය කිරීම වඩා යෝග්‍ය වෙයි. උදාහරණයක් ලෙස 2560×1600 සංවේදකයක සංවේදක ගුණාංගයන් ‘මෙගාපික්සෙල් 4’ ක් ලෙසින් විස්තර කරනු ලැබේ (2560×1600 = 4,096,000). පික්සෙල් ගණන 3200×2048 දක්වා වැඩිවන විට රූපයේ පික්සෙල් ගණන 6,553,600 (මෙගා පික්සෙල් 6 5) ක් වෙයි. පික්සෙල්වල විභේදන බලය රූපයේ ගුණාත්මක බව පිලිබඳව වන එකම මිම්ම නොවේ. විශාල සංවේදකයක් හා ඒ හා සමාන පික්සෙල් ගණනක් ඇති කුඩා සංවේදකයකට වඩා වැඩි ගුණාත්මක ඡායාරූපයක් ප්ඩරතිඵල කරනු ඇත. මෙහිදී වැඩිදියුණු වී ඇති වැදගත් වෙනස්කමක් වන්නේ රූප ඝෝෂාව පිලිබඳ සංකල්පයයි. මෙය ඩිජිටල් ඒක කාච ප්ගරතිඡායා කැමරාවන්හි පවතින වාසිදායක තත්වයකි. එනම් එකම විභේදන බලයක් සහිත නමුත් ප්‍රමාණයෙන් විශාල සංවේදකයන් මෙම කැමරාවන්හි අන්තර්ගත වෙයි.