කිමිදුම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Diving
Diving tower at the 2008 EC.jpg
Diving tower at the 2008 Euros
උසස්ම පාලන මණ්ඩලය Fédération Internationale de Natation (FINA)
ගුණාංග
වර්ගීකරණය Aquatics
ඔලිම්පික් Part of the Summer Olympic programme since 1904
Woman performing a "swallow dive", 1937

කිමිදුම් යනු වේදිකාවක් හෝ ඉපිලුම් පුවරුවක් මත සිට කරණම් ගසමින් ජලය තුලට පැනීම හෝ වැටීම සිදු කරනු ලබන ක්‍රීඩාවකි. කිමිදුම් ක්‍රීඩාව අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රීඩාවක් වන අතර ඔලිම්පික් ක්‍රීඩාවක් ද වෙයි. මිට අමතරව, ව්‍යුහගත නොවූ සහ තරගකාරී-නොවන කිමිදුම්, විනෝද ක්‍රීඩාවක් ලෙස සිදුකරනු ලබයි.

කිමිදුම් ක්‍රීඩාව ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය ඔලිම්පික් ක්රිදආවන් අතරින් එකක් වෙයි. ශක්තිමත්භාවය, නම්‍යශීලිත්වය, චල වින්දනාත්මක විනිශ්චය සහ වාත සම්ප්‍රජානනය වැනි ජිම්නාස්ටික් ශිල්පින් සහ නර්තන ශිල්පීන් සතු ලක්ෂණ බොහෝමයක් කිමිදුම් ක්‍රීඩකයන් සතුව ද පවතී. ජිම්නාස්ටික් සහ නර්තනය යන දෙකෙහිම කිමිදුම් ක්‍රීඩාවට අදාළ ලක්ෂණ පවතින බැවින් ඇතැම් වෘත්තීමය කිමිදුම් තරගකරුවන්, කිමිදුම් ක්‍රීඩාවට අවතීර්ණ වීමට පෙර ජිම්නාස්ටික් හෝ නර්තන ශිල්පයෙහි නියැලුණු අයවලුන් වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=කිමිදුම්&oldid=365926" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි