කිතුනු ලෝකය සහ අන්තර් ඇදහිලි බහුත්වය

විකිපීඩියා වෙතින්

කිතුනු ලෝකය සහ අන්තර් ඇදහිලි බහුත්වය


කිතුනු ලෝකය යනු කිතුනු දහමට අයත් විවිධ නිකාය හා ඇදහීම් වල එක් වීමක් සඳහා වූ ප‍්‍රයත්නයකි. ඇතැම් කතෝලිකයනට එය කිතුනු ඇදහීම එක් ප‍්‍රකට සංවිධානයක් තුලට රෝමානු කතෝලික සභාව හරහා රැස් කිරීමකි. ඇතැමුනට එය ආධ්‍යාත්මික එක්වීමකි.

එඞ්මන්ඞ් ෂ්ලින්ක් ට අනුව කිතුනු ලෝකය වැදගත් වනුයේ එමගින් මිනිසුන්ගේ විෂය විවිධ ආගමික කණ්ඩායම් වලින් මිදී ජේසුස් වහන්සේ වෙත යොමුවන හෙයිනි. විවිධ ඓතිහාසික හා අධ්‍යාත්මික දුර දෘෂ්ටිකත්වය හේතු කොටගෙන කිතුනු දේවස්ථාන බිඳි වෙන්වී ඇතැයි ඔහු සඳහන් කරයි. අන්තර් ඇදහිලි බහුත්වය සංකල්පය ක‍්‍රිස්තියානි ලෝකය සංකල්පයෙන් වෙනස් වේ. ඕතඩොක්ස් දේවස්ථාන විසින් මෙය ඇතිකරන ලදී .එම නිකායේ ජෝන් බොල්යන් පියතුමා 1980 දී ප‍්‍රති කිතුනු ලෝක මෙහෙයුමක් දියත් කරන ලදී. අන්තර් ඇදහිලි සංකල්පය ලෝක ආගම් අතර වඩාත් සුහදත්වයක් හා ගරුත්වයක් ඉල්ලා සිටියි. කිතුනු ලෝක හා අන්තර්ඇදහීම් කතිකා වෙනස් විශ්වාස වෙනුවෙන් පෙනී සිටියි. ඒවා එකිනෙක හා සම්පූර්ණයෙන් සමපාත නොවන නමුත් දෙකම වඩාත් හොඳ සම්බන්ධතාවයන් වෙනුවෙන් කටයුතු කරයි. ඒවා කිතුනු සමාජය අතර හෝ කිතුනු සමාජය සහ වෙනත් ආගම් අතර ගරුත්වය හා අන්‍යමත ඉවසීම වෙනුවෙන් කැප වේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Ecumenism#Christian_ecumenism_and_interfaith_pluralism